පසුගිය 4 වැනිදා ඇඹිලිපිටිය මැන්ඩිස් ගොඩනැගිල්ලේ දී සාදයකට සහභාගි වෙමින් සිටි පිරිස හා පොලිසිය අතර ඇතිවූ ගැටුමේදී ආධාරක පොලිස් කණ්ඩායම් ගොඩනැගිල්ලට ඇතුළුවී කළ ක්‍රියාවලිය නිසා සුමිත් ප්‍රසන්න ජයවර්ධන එක්දරු පියා මරණයට පත්ව ඇතැයි ද පරීක්ෂණ අවසන් නැති නිසා ඊට හේතුව කුමක්දැයි කිව නොහැකි යැයි සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පොලිස්පති ට වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි කියයි.
පොලිස්පතිගේ නියෝගය අනුව ඔහු මේ වාර්තාව සපයා ඇත. ඔහුගේ වාර්තාව අනුව ඇඹිලිපිටි පොලිසිය මුලසිටම ඇත්ත කණපිට පෙරළා ඇතැයිද ජංගම මුර සේවයද ආධාරක කණ්ඩායම්ද ඇඹිලිපිටිය මුර සේවයේ දුරකථන ක්‍රියාකරුද එක්ව එකම අදහසක් අනුව අසත්‍ය ප්‍රකාශ කර ඇති බව පෙනේ යැයිද පොලිස්පතිට වාර්තා කර ඇත.
ඇඹිලිපිටිය පොලිසියේ එදා රාත්‍රියේ සේවය කළ සහකාර පොලිස් අධිකාරී දමින්ද ධර්මරත්න ගේ සිට දුරකථන ක්‍රියාකරු රෝහණ දක්වා සියලු දෙනාම යම් මට්ටමකින් එහි සිදුවූ සැබෑ තත්ත්වය විකෘති කිරීමට හෝ වසන් කිරීමට හෝ ක්‍රියාකර ඇති බව පෙනේ යැයිද එහෙයින් මීට සම්බන්ධ බව කියන පොලිස් පිරිසට එරෙහිව ක්‍රියා කරන්නේ නම් නීතිපති උපදෙස් ලබාගැනීම සුදුසු යැයිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස්පතිට දන්වා ඇත. (ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී දමින්ද ධර්මරත්න කුලියාපිටිය පොලිසියට මාරු කර යවා ඇත.)
සඳුදාට (18) පෙර පොලිස්පති ඔහුගෙන් සම්පූර්ණ වාර්තාවක් ඉල්ලා ඇත. සාදයට සහභාගී වූ තිස් ගණනකගේ ද පොලිස් මුර සංචාරයට ගිය පිරිසගේද ආධාරක කණ්ඩායමේද ප්‍රකාශ මේ වාර්තාවට ඇතුළත් කර ඇතැයි දැනගන්නට ඇත.
එම වාර්තාව අවධාරණය කරනුයේ එම සාදයේ දී අධික ශබ්දය සහිතව ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කළ බවට තොරතුරු ලැබී නැති බවයි. එමෙන්ම සාදයට සහභාගි වූවන් පොලිසියට පහර දුන්නැයි කියන සිද්ධියටද මෙතෙක් සාක්කි ලැබී නැති බවයි.
පොලිස් සැරයන්වරයකු පසුගිය 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ දී පමණ අහසට වෙඩි තබා ඇතත් ඒ බවට සටහනක් කර නැති බවද පොලිසිය එම සාදය පැවති ගොඩනැගිල්ලට දෙවරක් ගිය බව කියා ඇතත් එයද අසත්‍යයක් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ වාර්තාවේ සඳහන් බව දැනගන්නට තිබේ.
ජංගම මුර සේවයට ගිය සැරයන්ගේද සහකාර පොලිස් අධිකාරී ධර්මරත්නගේ ද ජංගම දුරකථන මෙන්ම තවත් ජංගම දුරකථන 20ක පමණ තොරතුරු සෙවීමද මෙම පරීක්ෂණයට වැදගත් බවද පොලිස්පතිට යැවූ වාර්තාවේ සඳහන් වේ. එම සාදයෙන් හිරිහැර සිදුවෙතියි සැරයන් හා සහකාර පොලිස් අධිකාරී ගේ ජංගම දුරකථනවලින් 119 පොලිස් හදිසි ඇමතුමට පණිවිඩ දී ඇති බවට ද තොරතුරු ඇත්දැයි සොයා බැලිය යුතු බව ඔහු පොලිස්පතිට කියා ඇත.
සාදයේ සිටි පිරිස් පොලිසියට පහර දුන්නේදැයි දැනගැනීමට අවට ආයතන හතරක සීසීටීවී කැමරා උපකාරී වනු ඇතැයිද පොලිසියට පහර දුන්නේ යැයි කියන කතාව අසත්‍යයක් විය හැකි බවද මෙම වාර්තාවේ දැක්වේ.
සාදයට සංගීතය සැපයූ කණ්ඩායමේ ප්‍රකාශයද පොලිසියේ ප්‍රකාශද නොගැලපෙන බවත් එවැනි බොහෝ නොගැලපීම්වලට හේතුව ඇඹිලිපිටිය පොලිසියේ සියලු දෙනාම තමන්ගේ බේරීම සඳහා පොදු අරමුණක් යටතේ ක්‍රියා කිරීම බවත් වාර්තාවේ දැක්වේ.
මෙතෙක් සිදුකළ පරීක්ෂණ අනුව සාදය පැවැති එම ගොඩනැගිල්ලේ ඝෝෂාකාරී තත්ත්වයක් හෝ ජංගම මුරසේවයට ගිය පොලිසියට එහිදී පහරදීමක් හෝ සිදුවී ඇති බවට පොලිසිය කියන කථා විශ්වාස කළ නොහැකි බවත් පොලිස් මූලස්ථාන ආරංචි පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් මාධ්‍ය ප්‍රකාශක දැන් මොකද කියන්නේ? (නි)
අසත්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධියේ කළ වරදට නඩු පවරන්න බැරිද? වහාම සැකකරුවන් අත්අඩංගුවට ගතයුතුයි. (නි)
තවත් අපි මොනවා නම් කියන්නද? (නි)
නීතිය කාටත් සාධාරණව තියනවනම් මෙහෙම නොවේ ,නමුත් ලංකාවේ නීතිය අකුරට ක්‍රියාත්මක වෙන්නේ පොඩි මිනිහට (බ)
කවදාවත් මෙවැනි තත්ත්වයක් අපි නම් බලාපොරොත්තු වුණේ නැහැ. (නි)
දැන් කාලා එන්න බැරියෑ (නි)
පොලිසිය රාජකාරි කටයුතු කළයුත්තේ නීතිය සුරැකීමට මිස දාමරිකයන් විදියට නොවන බව විෂය භාර ඇමතිවරයා සහ පොලිස්පති විසින් සෑම පොලිස් ස්ථානාධිපතිවරයෙකුටම දන්වා සිටියොත් රටේ නීතිය සහ සාමය රැකගැනීමට පුළුවන් වේවි. (නි)
පොලිස් නිලධාරීන් සහ පොලිසි පාලන ක්‍රමය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කළයුතුයි. වරදක් කළොත් ඊට නිසි දඬුවම් අනිවාර්යයෙන්ම සහ ක්ෂණිකවම ලැබෙන බව සියලු පාර්ශවයන්ටම දැනෙන ලෙසට මෙම ප්‍රතිසංස්කරණය කළයුතුයි. (නි)
පරණ කාලයේ කළ දේවල් පොලිසිය තාමත් කරගෙන යන බවකුයි පෙනෙන්නේ. (නි)
මෙයට වගකිවයුතු සියලුදෙනා අර අහිංසක දරු පැටවුන්ට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදීම කළ යුතුයි. වගකිව යුතු ය අය ඔවුන්ගේ රාජකාරිය නොකර අර මවට ජීවත් වෙන්න ක්‍රමයක් සලසා දුන්නේ නැති වුණොත් අපි එකතු වෙන්ට ඕනි !!! අර ගැබිණි මවට ලැබෙන්ට ඉන්න දරුවා සෞඛ්‍ය සම්පන්නව ඉපදුනේ නැත්තන් එකේ වගකීම ගන්න කෙනෙක් ඉන්නවද ? මම දන්නා විදියට ඔය කාලේ හිත රිදෙන්ට වත් කතා කරන්නේ නෑ එයාගේ හිත සතුටින් තියන්ට ඕනි. ඒ මවගේ තත්වය නොබලා , එයාගේ ස්වාමියා එය ඉදිරියේම ඝාතනය කළ කෙනාගේ ඉදන් මවගෙන් සටහන් ගැනීමේදී බලපෑම් කල කෙනාගේ ඉදන්, සිද්දිය දිහා ඇස් කන් පියාගෙන බොරු මාධ්‍ය ප්‍රකාශ කර කර බලන් හිටපු වගකිව යුතුයි අසත්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධියේ කළ වරදට පොලිස් මාධ්‍ය ප්‍රකාශකට නඩු පවරන්න බැරිද? (ම)
බෞද්ධ මහනායක හිමිවරු ඉන්නවා. කවුරුත් සද්දයක්වත් නැහැ. හේතුව අපි දන්නේ නැහැ. අපි වෙනුවෙන් කවදත් බෞද්ධ භික්ෂූන් පාරට බැහැලා උද්ඝෝෂණය කළා. ජාතිය ආගම වෙනුවෙන් නැඟීහිටියා. මේ ගැන සාමාන්‍ය ජනයා වන අපි මොනවාහරි කරන්න ඕනෑ. එහෙට මෙහෙට ඇද ඇද ඉන්නේ නැතුව වැඩක් කරමු. (නි)
මහජනතාවට පොලීසියෙන් බේරී ජීවත්වීම සඳහා වෙනම ආරක්ෂක හමුදාවක් තිබිය යුතුයි! (නි)
පොලිසිය මීට වගකියන්න ඕනෑ (නි)
කෝ දැන් අර අපේ මාධ්‍ය ප්‍රකාශක? (නි)
අපක්ෂපාතී නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. මේ වගේ නිලධාරීන්ව කටට එන බේගල් කියන අය ආදර්ශයට ගන්න ඕනෑ. (නි)
පරීක්ෂණය ටිකක් විනිවිදභාවයෙන් යන එක ගැන සතුටුවිය හැක (නි)
මෙයට වගකිවයුතු සියලුදෙනා අර අහිංසක දරු පැටවුන්ට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදීම කල යුතුයි. වගකිව යුතු ය අය ඔවුන්ගේ රාජකාරිය නොකර අර මවට ජීවත් වෙන්න ක්‍රමයක් සලසා දුන්නේ නැති උනොත් අපි එකතු වෙන්ට ඕනි !!! (කෞ)
මේ ඝාතනයට සම්බන්‍ධ සියලුම පොලිස් කෙරුමන්ට නිසි දඩුවම් දිය යුතුයි වගේම මරණකරුගේ බිරිඳ පැමිණිල්ල දමන්න ගිය අවස්ථාවේ ඇයට තිරිසන් අයුරින් අධිකරණයේ භූමිකාව රඟ දැක්වු එකාටද නිසි දඬුවම් ලැබෙතැයි අපි බලාසිටිමු.මේ අමු අමුවේ මිනිස් ඝාතනය කළ පොලිස් බල්ලන්ගේ දරුපවුල්වලට මෙන්ම මෙවැනි බල්ලන් බිහිකළ උන්ටද ජාතක කළ උන්ටද අර ගැබිනි මවගේ ශාපය ලැබේවා. (බ)
දැකුම්, ඔබ කියන දේ සහතික ඇත්ත. පොඩි එවුන් යකා නටනකොට දඬුවම් කරන්න ලොකු මිනිස්සු දැනගන්න ඕනෑ. පොලිසිය හිතාගෙන ඉන්නේ ඕනෑම ජරා වැඩක් කරලා උසාවියට බොරු කියලා බේරෙන්න පුළුවන් කියලා. ගොඩක් නඩු පරාද වෙන්නේ නඩු මෙහෙයවන පොලිස් සැරයන්ගේ දුර්වලකම නිසා.
රැකියාවේ රාජකාරි හරියට නොකරන අය රැකියාවෙන් දොට්ට දැමිය යුතුයි. (බ)
හොඳ දෙයක් වෙනවා. සතුටු වෙන්න පුළුවන්. (නි)
පොලිස් කියන්නේ මැරෙන්න වැටිලා හිටියත් වතුර උගුරක් වත් දෙන්න හොද නැති ජාතියක්.කොටකෙතන ඒවත් සේරම ගේම් ගැහුවේ පොලිසියත් හවුල් වෙලා. (බ)
මෙයට වගකිව යුතු පුද්ගලයන් නීතියෙන් කෙසේ වෙතත් ස්වභාවධර්මයාගේ නීති වලට යටත්ව කර්මයට මේ ආත්මයේදීම මුහුන දෙන ආකාරය දැකීමට මං කැමැත්තෙන් ඉන්නව.. අර බඩදරු මවත්, පියා නැති ළමයාත් අඬන වාරයක් වාරයක් පාසා ඔවුන්ට සාප වේවි. කළ පවු වලින් ඔවුන් ගිනි ගනීවි. ඒ නිසා කල පවට වඩා වැඩියෙන් ඔවුන්ට කර්මයට මුහුණ දෙන්න වේවි..(බ)
මෙයට වගකිවයුතු සියලුදෙනා අර අහිංසක දරු පැටවුන්ට ජීවත්වෙන්න මාර්ගයක් සාදාදීම තමා කළයුත්තේ (නි)
දැන් අපිට හිතෙනවා පොලිසියේ සමහර වගකිවයුත්තන් වක්‍ර ආකාරයෙන් හෝ මෙයට සමබන්ධයි කියලා (නි)
වගකිවයුත්තන් ඉල්ලා අස්වෙන්න ඕනෑ වැඩ මේවා. ආසියානු රටවල ඇති මේ අන්ධ ගතිපැවතුම් කවදා වෙනස් වේවිද..? (නි)
අපි නම් ඕක කලින්ම දන්නවා.. ඔබතුමාට ඇහැරුනේ දැන්ද..? (බ)
අැඹිලිපිටියේ ඉන්නවා දේශපාලනයේ මහා ලොකු නායක හිමිනමක්. උන්වහන්සේ කළේ මෙච්චර අපරාදයක් වෙලා තියෙද්දිත් හිටපු ඒ.එස්.පී.තුමාට කඩේ වැඩිය එකයි.(බ)
දැන් මොන පරීක්ෂණය කළත් වැඩක් තියෙනවද? අර අම්මා, ළමයා එක්ක තනිවෙලා නේද? ඒ මිනිස්සු දුප්පත්. ඒ මිනිසුන්ට ජීවත්වෙන්න මඟක් සළසා දෙන්න (නි)
මට මාධ්‍ය ප්‍රකාශකගෙන් අහන්න තියෙන්නේ , දැන් කව්ද බොරු කියන්නේ දැන් කව්ද ඇත්ත කියන්නේ කියල, අපි කව්රු කොහොම කිව්වත් උඩත් එක්කෙනෙක් ඉන්නවා , එයා සාධාරණය ඉෂ්ට කරාවි අහිංසක බිරිදට .ලංකාවේ පොලිසියට බලු කපුටු දානයක් වත් දෙන්න හොද නැහැ (බ)
අනිවාර්යයෙන් වැරදිකරුවන් සියළු දෙනාට දඬුවම් දියයුතුයි (නි)
ඇසින් දුටු දේවල් බොරු කරන්න බැහැ. වැරදිකරුවන්ට ඉහළම දඬුවම් දෙන්න. (නි)
එම සිද්ධිය සම්බන්ධයෙන් ඉතා අවංක සඳුන් ගසත් වන් කෙනෙක් පරීක්ෂණ පැවැත්වූවාලු නේද? (නි)