ඇඹිලිපිටිය නගරයේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ පැවැති සාදයක දී සුමිත් ප්‍රසන්න ජයවර්ධන මිය යෑමේ සිද්ධියේ දී රාජකාරි පැහැර හැර ඇති බව කියන පොලිසියේ 12 දෙනකු සම්බන්ධයෙන් පියවර ගැනීම නිර්දේශ පොලිස්පතිට සිකුරාදා (08) යොමු කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කළ බව එහි ලේකම් ආරියදාස කුරේ මහතා කියයි.
ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්.සි. ධර්මරත්න හා හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක ද ඒ අතර සිටින බව පොලිස් කොමිසම සඳහන් කරයි.
මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පොලිස් කොමිසම ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැඩි දඬුවම් ලබාදෙන්න. නීති වල්වදින්න ඉඩ තියන්න එපා. පොලිසිවල කෙරෙන අනෙකුත් අකටයුතුකම්ද වහ වහා නැවැත්විය යුතුයි. නැත්නම් අහිංසක සාධාරණ මනුස්සයාට පිහිටක් නැත. සැමදා රජයන්නේ බලපුළුවන්කාරයින් පමණි. (නි)
නීතියේ ආධිපත්‍යය ක්‍රම ක්‍රමයෙන් රට තුළ ස්ථාපිත වනු දැකීම ලොකු සතුටක්. (නි)
රාජකාරිය පැහැර හරියට උසස්වීම්ද දන්නේ නැ නිර්දේශ කරලා තියෙන්නේ (බ)
නීතියේ ආධිපත්‍යය ක්‍රම ක්‍රමයෙන් රට තුළ ස්ථාපිත වනබව වත්තල ඇවිදින මංතීරු සිද්ධියෙන්ම තේරෙනවා. (නි)