ඇඹිලිපිටි නගරයේ සාදයකදී මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී විජිත පුංචිහේවා මහතාගේ නිවසේ නාමපුවරුවට සඳුදා (08) රාත්‍රී ගල් ගසා කඩා දැමා ඇතැයි ඒ මහතා පොලිසියට පැමිණිලි කර ඇත.
එය තමාට පමණක් නොව නඩුවේ සාක්කිකරුවනට ද එල්ල කළ තර්ජනයක් බව ද නීතීඥවරයා ඇඹිලිපිටියේ සහකාර පොලිස් අධිකාරීට ලිඛිතව දන්වා තිබේ.
කඩා දැමුණු නාම පුවරුව පිහිටියේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ සිට දිසා අධිකරණය වෙතට විහිදෙන පාරේය.
සුමිත්ගේ මරණය සම්බන්ධයෙන් සැක කරන විශාල පිරිසක් පොලිසියේ සිටින බවත්, නාම පුවරුව කඩා දැමුවේ ඔවුන්ගෙන් කෙනකුදැයි සැක සහිත බවත්, නඩුවේ අගතියට පත් පාර්ශ්නය වෙනුවෙන් කතා කරන නීතීඥවරුන්ගේ ආරක්ෂාව ද අනතුරුදායක තත්ත්වයකට පත් වී ඇති බවත් පුංචිහේවා මහතා කළ පැමිණිල්ලේ සඳහන් ය.
වසර 23ක පමණ කාලයක් නීතීඥවරයකු ලෙස ද වසර දහයක් පමණ නාගරික මන්ත්‍රීවරයකු ලෙස ද තමා කටයුතු කර ඇති බව ද, තමා දුම් පානය කරද්දී ඇඹිලිපිටි හිටපු සහකාර පොලිස් අධිකාරී අත්අඩංගුවට ගෙන තමාට එරෙහිව නඩු පවරා ඇතැයි බොරු ප්‍රචාරයක් ගෙන යන බව ද, මේ බොරු ප්‍රචාරවලට හේතුව ඇඹිලිපිටිය මෙන්ඩිස් ගොඩනැගිල්ලේ ඇති වූ සිද්ධියෙන් මිය ගිය තරුණයාගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම යැයි ද නීතීඥ පුංචිහේවා කියා ඇත.
නීතීඥවරයා වැඩිදුරටත් පොලිසියෙන් ඉල්ලා ඇත්තේ තම ජීවිතාආරක්ෂාව පතා මෙම පැමිණිල්ල විභාග කර සැකකරුවන් සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඹිලිපිටි නීතීඥයාට තර්ජනයක්
නිහාල් Tuesday, 09 February 2016 09:48 AM
අග්‍රවිනිශ්‍යකරුවන්ගේ නිවෙස්වලට ගල්ගැසූ ඉතිහාසයක් තියෙන උසාවිවලට ගල්ගැසූ අයට ඇමතිකම් දී තිබෙන රජයකින් නීතීඥයකුගේ ගෙදරකට කොහොම වේවිද.(අ)
සමිත් Tuesday, 09 February 2016 09:49 AM
මේ යන හැටියට තව ටික කාලෙකින් පොලිසිය අධිකරණයටත් බලපෑම් කරන්න පටන් ගනීවි. මාමා කරපු දේවලට වැඩි දේවල් බෑනා කරවී වගේ.(අ)
මහින්ද සෞදි Tuesday, 09 February 2016 12:02 PM
ලංකාවේ සේනාදී නායකයෙක් නැද්ද ? (ර)
පිටබැද්දර ජයා Tuesday, 09 February 2016 10:26 AM
සමහර පොලිස් නිලදාරිනුත් කරන්නේ තුට්ටු දෙකේ වැඩ තමයි , තාම හිතේ පරණ විදිය කියලනේ. (ර)
සෙනෙරත් Tuesday, 09 February 2016 10:29 AM
ඒ බිරිද සහ දරුවන්ට නීතියේ පිළිසරණ පතන්නත් බැරිද ? (ර)
සුමිත්‍රා බස්නායක Tuesday, 09 February 2016 10:56 AM
අද නාමපුවරුව,හෙට ඉලක්කය ඔබතුමා වීමට පුළුවන් . ජීවිතය රැකගන්න.අද නීතිය වල්වැදී ඇත. (ම)