ඇඹිලිපිටියේ පොලිසිය හා ප්‍රදේශවාසීන් පිරිසත් අතර ගැටුමකින් පසු මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳ ශෂිකා නිශාමනී මුණසිංහ අද (12) නීතිඥයකු මාර්ගයෙන් ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියට ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කළාය.
අදාල සිදුවීම සම්බන්ධයෙන් ඉකුත් අඟහරුවාදා (05) සවස රත්නපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී තමන් ලබා දුන් පැමිණීල්ල නිසිලෙස සටහන් කරගත්තේදැයි තමන්ට ඇතිවූ සැකය නිසා දෙවැනි වරටත් පැමිණිල්ලක් සිදු කළ බව ශෂිකා නිශාමනී මහත්මිය කීවාය.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු ඇය මෙසේද කීවාය.
‘‘අදාල දිනයේදී මා නියෝජ්‍ය පොලිස් පති හමූවීමට ගියත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ හිටියේ නෑ. කාර්යාලයයේ සිටි පොලිස් නිලධාරියකු පැමිණිල්ල සටහන් කර ගැනීමට අදාල ස්ථානයට යොමුකළා. ඒ අවස්ථාවේදී පැමිණිල්ල ලියා ගත් නිලධාරියා මා අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කළා. ඔහු ඇහැවා ඇයි මෙතෙනට ආවේ කියා. මා කියා සිටියේ ඇඹිලිපිටිය පොලිසියෙන් මගේ මහත්තයා උඩ තට්ටුවකින් තල්ලු කරා ඒ ගැන පැමිණිලි කරන්න ආවේ කියලයි. එම පොලිස් නිලධාරියා මගෙන් ඇහුවා මේ සිද්ධියේ බරපතල කම ඔයා දන්නවද කියා. ඔය කරන්නේ ලොකු වරදක් ඔයාට මේ ගැන කරදර වෙන්න වෙයි කිව්වා. ඔයාගේ මහත්තයා අපරාධ කාරයෙක්. ඒයා රෝහලෙන් ගිය පසු අනිවාර්යයෙන් අත්අඩංගුවට ගනී. ඔය දන්නවද මේ වෙන කොට පොලිසියේ හතරක් රෝහල් ගත කර සිටි බව කියා ඔහු ඇහුවා.
මා එවිට එම නිලධාරියාගෙන් අසා සිටියා මගේ මහත්තයාට තරම් බරපතල තුවාලයක් මේ නිලධාරින්ට නෑ නේද කියලා. ඊට පස්සේ පොලිස් නිලධාරියා කිව්වා 119 වලින් අපට දුරකථන ඇමතුම් ආවා ඒවයින් ඇත්ත සිද්ධිය කිව්වා ඔයා බොරු කියන්න එපා කියලා.
මා පැමිණිල්ල සටහන් කරගත් පොලිස් නිලධාරියාට කිව්වා මට බබෙක් ලැබෙන්න ඉන්නවා මට අමාරුයි කියලා. ඔහු කියා සිටියා ඇයි අමාරුනම් මෙහේ ආවේ කියලා. විනාඩි පහෙන් හයෙන් යන්න ආවානම් ඇයි මෙතෙනෙට ආවේ මෙතෙන සෙල්ලම් කරන තැනක් නෙමෙයි කිව්වා. මේ නිලධාරින් සිවිල් ඇදුමෙන් ආවානම් ඒස්පිමයි කියලා ඔයා දන්නේ කොහොමද ඇහුවා. ඒඑස්පී මහත්තයි මූලස්ථාන පොලිස් පරීක්ෂකඑයි දුවගේ පාසලට ආව රැස්වීමකදී දැකලා තියෙනවා කියා කිව්වා. ඒ හිටපු මහත්තයා තමයි මගේ මහත්තයාව ඇදගෙන ගිහින් තල්ලු කළේ කිව්වා. එතකොට මේ නිලධාරියා ඇහුවා මගේ මහත්තයා ඇදගෙන යන්නේ කකුල් දෙක පණ නැතුවද කියලා. ඒඑස්පී මහත්තයා මේ හරියට එක්කගෙන ආවොත් ඔයාට ඔය ටික ඔය විදියටම කියන්න පුළුවන්ද කියා ඇසූවිට මා කිව්වා කියන්න පුළුවන් බව.
පැමිණිල්ල සටහන් කර ගන්නා අතර තුර එම ස්ථානයට මගේ අම්මා ආවා. ඒ වෙලාවේ එම නිලධාරියා අම්මාගෙන් ඇහුවා ඇයි මෙතනට ආවේ ඇයි කියලා. අම්මා කිව්වා මගේ දුවට බබෙක් හම්බවෙන්න ඉන්නවා එයාගේ මහත්තයාටත් අමාරුයි දැන් මෙයාගේ මානසිකත්වයත් හොද නෑ කියා කිව්වා. එතකොට ඒ පොලිස් නිලධාරියා අම්මට කිව්වා දුවට සිහිකල්පනාවක් තියෙන වෙලාවට එක්කන් එන්න කියලා.
පැමිල්ල සටහන් කරගෙන මගෙන් අත්සන් කරගත්තා ඒකේ ලියපුවා මට කිව්වේ නෑ. බදාදා මට දුරකථන ඇමතුමක් ලැබුණා නියෝජ්‍ය පොලිස්පතිගෙන්. ඔවුන් මට කතා කරලා ඇහුවා ඇඹිලිපිටියෙද ඉන්නේ කියා. මා කිව්වා මම ඉන්නේ පැල්මඩුල්ල නිවසේ බව. පසුව පැල්මඩුල්ල නිවසට පොලිසියෙන් ආවා. ඇවිත් පැමිණිල්ලක් සටහන් කර ගත්තා. මේක කියවන්න ගොඩක් වෙලා යන නිසා මේක ඔයා ලියන විදිය බලාගෙන ඉන්න කියලා මට කිව්වා. ඒ ලියපු අකුරු කිසිවක් මට කියවන්න පැහැදිලි නෑ. සටහන් කර ගත් පැමීණිලි දෙකේම මා කියා සිටියේ එස් එස් පී මගේ මහත්තයා තල්ලු කරා කියන එකයි. හැබැයි එය ලිව්වද කියන එක මට විශ්වාසයක් නෑ.
ඒ නිසයි මා මේ පැමිණිල්ල අද ඉදිරිපත් කළේ. මේ පැමිණිල්ලේ පිටපතක් මා පොලිස්පති තුමාට නීතිඥයකු මාර්ගයෙන් ඉදිරිපත් කරනවා. මේකට සාධාරණයක් ඉටු කරන්න යැයි මා ඉල්ලා සිටිනවා ‘‘ යැයි පැවැසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නොදන්නවායැ පොලිසියේ හැටි? (නි)
රතුපස්වල පොලිසිය වෙඩි තියල කෙනෙක් මරුණා එතකොට මීක මහින්දගේ වැඩක් කියල රට පුරා රතු මල්ලිලා උද්ඝෝෂණ කළා එතකොට දැන් මේක කෙරුවෙත් මහින්දද කෝ උද්ඝෝෂණ.(ම)
පොලිසිය තියන්නේ මහජන සාමයට. එ්වුනාට පොලිසිය කප්පන් කන්න මොනාහරි දෙයක් හොයා ගන්නවා. රෑ 12 විතර ගියොත් පොලිසියට නොබිපු නිලධාරියෙක් හොයන්න බෑ.අරක්කු බෝතලේට වහ වැටිලා.නිතිය අතට අරගෙන (බ) .
පොලීසියේ සමහරු තම මතය හරි බව ඔප්පුකරන්න බොරුවට චෝදනා කරන වාර අනන්තයි. (බ)
උසාවි වහලා පොලිසියම නඩු අහලා දඬුවම් නියම කරලා අළුගෝසුකමත් කරනවා නම් මොනතරම් පහසුද? (නි)
මෙවැනි අයවත් විශ්‍රාම වැටුප් රහිතව ගෙදර යැවිය යුතුයි කියායි මම නම් කියන්නේ (නි)
පොලිසිය වැරැද්දක් කරනවා නම් එම පැමිණිලිකරු පොලිසියට විරුද්ධව නීතිවේදියකු මාර්ගයෙන් උසාවියේ නඩුවක් දමා මානව හිමිකම් දෙපාර්තමේන්තුවේ සහයද ලබාගත යුතුයි (නි)
මියගිය පුද්ගලයා කවුරු වුණත් පොලිසියට අයිතියක් නැහැ අමනුසික විදිහට පහර දීල මරා දමන්න.මහජනතාවගේ බදුමුදල් වලින් වැටුප් ලබාගන්න. ජනතාවට නිසි සේවයක් කළ යුතුයි. නිතිය අතට ගැනීමට කිසිකෙනෙකුට අයිතියක් නැහැ. (ම)
ඇයගේ නිර්භීතභාවය අගය කරනවා (නි)
පොලිසිය නීතිය අතට ගෙන විනිසුරුවන්ගේ කාර්යය නොකළ යුතුයි. (නි)
ජයලත්, රතුපස්වල වුණේ රජයට එරෙහි උද්ඝෝෂණයක්. මෙතන තියෙන්නේ පුද්ගලික දෙයක්. (නි)
අපි ඇය ගැන ආඩම්බර වෙනවා. දිරිය කාන්තාවක් (නි)
මිනිස්සු සාද වලදි මත්පැන් බීලා බබාලා වගේ ඉන්නේ නැහැනේ. පොලිසියටම දොස් නැඟීම වැරදියි. එක මිනිසෙකුට පුලුවන්ද මෙච්චර හැඩිදැඩි තරුණයෙක් ඇදගෙන ගිහින් තල්ලු කරන්න. (නි)
ඔය මැරුන මිනිහත් හොඳ උණ කාරයෙක්. ඉල්ලගෙන කෑවේ අපරාදේ දරුවන්ට පියෙක් නැතිවුනා. (බ)
සුදේශ් කියන හැටියට ඒ. මනුස්සය බිල නෑ ඉදල තියන්න. බීපු මනුස්සයක්ව ඇදගන ගිහින් තල්ලු කරන්න මටත් පුළුවන් කොහොම වුනත් බිල හිටිය කියල මනුස්සයෝ මරන්න 'ගහන්න පොලිසියට අයිතියක් නෑ (බ)
අගමැති තුමනි , සාගල ඇමති තුමනි ,වහාම මෙම කාන්තාවට සාධාරණය ඉටු කරන්න.කිසිම කෙනෙකුට නටන්න දෙන්න එපා.නීති තද කරන්න.මොකාට වුනත් නිතිය සමාන වෙන්න ඕන.පාරේ බිලා නටන උන්ටත් දඩුවම් කරන්න.අපේ උන්ට නිදහසේ ඉන්න දුන්නම නටනවා වැඩියි (බ)
මෙවැනි අයවත් විශ්‍රාම වැටුප් රහිතව ගෙදර යැවිය යුතුයි (බ)
ශෂිකා, ඔබ දිරිය කාන්තාවක්. යහපත් ලෝකයක ජීවත්වෙන්න ප්‍රාර්ථනා කරන සියලු මිනිසුන් ඔබ සමග බව අමතක කරන්න එපා. ඔබේ දරු පැටියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. (බ)
පොලිසියේ බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍ය හා මත්පැන් පානයට දැන් යොමුවී තිබෙනවා රාත්‍රියේදී ඔවුන්ට පියවි සිහියක් නැහැ මගේ යෝජනව දැනට ඉන්න පොලිසියේ අය ඉවත් කරලා අලුත්ම පිරිසක් බදවා ගත යුතු බවයි (බ)
මිනිස්සු සාද වලදි මත්පැන් බීලා බබාලා වගේ ඉන්නේ නැහැනේ. (බ)
සුදේශ් පොලිස් කාරයෙක් වගේනේ කතා කරන්නේ (බ)
පොලිසිය වැරදිකරු සොයාගනී , කොටදෙනියාවේ වගේ ? (බ)
බොරු කරලා බේරුනත් දේව නිතියන් බේරෙන්න බෑ (ම)
මට හිතෙන්නේ සමහරු නම් සිදුවුණේ නැති දේවලුත් මවාපාලා පෙන්වන්න හදනවා වගේ. පොලීසිය කළ වැඩේ මොනවා වුණත් වැරදියි. (නි)
පොලිසිය තරම් ජරා තැනක් ලංකාවේ වනාතමුල්ලෙවත් නැහැ , පොලිසිය කියනවා තල්ලු කෙරුවේ නැහැ කියලා, මොන ගොනා ද ඔව් මම තල්ලු කළා කියල කියන්නේ, ඔය ටික අවබෝධ කර ගන්න බැරිද? අර ප්‍රකාශකට (ම)