වී වගාවට සහ කෙසෙල්, ගස්ලබු සහ එළවළු ඇතුළු වෙනත් වගාවන්ට ලබාදුන් පෝර සහනාධාරය ඉදිරියටත් ලබා දෙන ලෙස ඉල්ලමින් වලව ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය සහ චන්‍ද්‍රිකාවැව කොට්ඨාසයට අයත් ගොවි සංවිධාන තිස් හතරක, ගොවීහු දහසකට ආසන්න පිරිසක් අද (23) ඇඹිලිපිටිය නගරයේ විරෝධතා පෙළපාලියක් පැවැත්වූහ.
මොරකැටිය පාර, උඩගම මහඇල සහ මහවැලි ක‍්‍රීඩාංගණය යන ස්ථාන තුනෙන් සංවිධානය වූ පෙළපාලි පෙරවරු 09.30ට පමණ නගරයේ ඔරලෝසු කණුව කරා ලඟා වූ අතර පෙළිපාලිය නිසා ඇඹිලිපිටියේ සිට රත්නපුර, නෝනාගම සහ ඇඹිලිපිටිය නව නගරය දක්වා යන ප‍්‍රධාන මාර්ග තුනම පැයකට වැඩි වේලාවක් වාහන ගමනාගමනය ඇණ හිටියේ ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම ආලෝකය ගෙන එනවයි කියපු වෙනසයි මේ. සිතල වසන්තය රුදුරු කටුක නියගය වී හමාරයි . දැන් ඔබ විදි බැස වෙලාව නාස්ති නොකර, කොහොම හරි වැටුණු වලෙන් ගොඩ එන්න,කොහොම හරි ගොවි තැන රැක ගන්න .අපිට ඔබ ගැන කණගාටුයි ..(බ)