IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇඹිලිපිටි ඒඑස්පී යළි රිමාන්ඩ්

ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පැවති සාදයේදී  පොලිසිය හා ගැටුමක් අතරතුර සුමිත් ප්‍රසන්න ජයවර්ධන මියයාමේ  සිද්ධියට සැකපිට අත්අඩංගුවේ සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න ලබන අප්‍රේල් 20 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට  ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්‍දු මහතා නියෝග කළේය.

සිද්ධිය වූ අවස්ථාවේ හිමාල් දිල්හාර නමැති ගොළු තරුණයකු සිටි බව එම තරුණයාගෙන් ලබාගත් ප‍්‍රකාශයේ සඳහන් වන බව අධිකරණය වෙත අද (8) වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කරුණු වාර්තා කළේය.

සාදයට පොලිසිය කඩාවැදී ඇතිවු ගැටුමකින් පසු ඔහු පහළට තල්ලු කළ බවට සැකපිට ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවෙයි.

අධිකරණයේ නිවාඩු කාලය වුවද අද (08) විවෘත අධිකරණයේදී මෙම විමර්ශනයන් පිළිබඳ වැඩිදුර කැඳවීම සිදුවිය.

පොලිස් අධිකාරි ධර්මරත්න කොඳු ඇට පෙළේ තදබල අසනීපයකින් පෙළෙන බවත් ඔහුගේ කොඳු ඇට පෙළේ  5 සහ 6 අස්ථිවල ගැටළුවක් ඇති බව පවසමින් ඔහු රත්නපුර මහ රෝහලේ භෞත චිකිත්සක විශේෂඥ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර ව්‍යායාම් ප‍්‍රතිකාර ලබාදීමට අවසර පැතීය. බන්‍ධනාගාර බස් රථයෙන් පැමිණීම ඔහුගේ මෙම රෝගි තත්ත්වය උත්සන්න වීමට හේතුවක් බවද නිතීඥවරයා කරුණු දැක්වීය.

සැකකරු මීට කලින් කුරුවිට බන්‍ධනාගරයේදී වෙනත් විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වු බවත් එම වෛද්‍යවරයාගේ වෛද්‍ය වාර්තාවේ පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්‍ධනාගාරයට නියම කළ බවත් කී විත්තියේ නීතීඥවරයා එහි පිටපතක් ලබාදෙන ලෙස ද ඉල්ලීමක් කළේය.

එසේම දෙවැනි පශ්චාත් මරණ පරීක්‍ෂණයේ වාර්තාව මෙතෙක් ලැබී නැති නිසා එම වාර්තාව කඩිනමින් එවන ලෙසද කොළඹ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාට සිහිකැඳවිමක් කරන ලෙස ද ඉල්ලා සිටියේ ය.

සිද්ධියෙන් අගතියට පත් මරණකරුගේ ඥාතීන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥ විජිත ජී පුංචිහේවා මහතා මෙම සිද්ධිය සති දෙකකට වරක් අධිකරනය හමුවේ කැඳවන නමුත් මෙහි ප‍්‍රගතිය පිළිබඳව අගතියටපත් පාර්ශවයට හෝ සැකකරුගේ පාර්ශවයට දැනගන්නට හැකියාවක් නැතිබව පැවසුවේය. විමර්ශන පවත්වන රහස් පොලිසිය වැඩිදුර වාර්තා මගින් විමර්ශනවල ප‍්‍රගතිය දැනුම්දිය යුතු වුවත් එවැන්නක් සිදුනොවන බව පැවසුවේය.

 



අදහස් (0)

ඇඹිලිපිටි ඒඑස්පී යළි රිමාන්ඩ්

නුවන් Saturday, 09 April 2016 04:32 PM

මේකත් මෙගා නාට්‍යයක තත්ත්වයට පත්කරන්න නම් එපා (නි)

:       0       0

බණ්ඩාර Saturday, 09 April 2016 03:58 AM

වැරදි වැඩ කරන සියලු දෙනාට ආදර්ශයක් වෙන විදිහට දඬුවමක් දියයුතුය (නි)

:       0       0

අසාද් Saturday, 09 April 2016 04:16 AM

අතුල වගේ අය සුළු ජාතින් එක්ක වෛරයකින් ඉන්නවා කියලා නම් තේරෙනවා. ඔයවගේ වෛරයන් තමයි එක පාරක් රටේ යුද්ධයක් ඇතිකළේ. (නි)

:       0       0

අතුල Friday, 08 April 2016 01:50 PM

ඕක සුළු ජාතික කෙනෙකුට වුණානම් මෙලහකට නඩු අහල ඉවර වෙලා ගොඩක් කල් ! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site