ඇඹිලිපිටියේ ප්‍රශ්නයට මැදි වී සිටින සහකාර පොලිස් අධිකාරී ඩී ඩබ්ලිව් සී ධර්මරත්න රත්නපුර කොට්ඨාසයේ සිට කුලියාපිටිය කොට්ඨාසයට මාරු කරනු ලැබ සුළු වේලාවකට පසු පොලිස් මූලස්ථානයට මාරු කරනු ලැබීය. පොලිස්පතිවරයා ඒ බව විශේෂ පොලිස් පණිවිඩයකින් දැනුම් දුන්නේය.
තවත් සහකාර පොලිස් අධිකාරීවරු තිදෙනෙක්ද, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හය දෙනෙක් ද, පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් ද ස්ථාන මාරු කරනු ලැබ සිටිති.
සහකාර පොලිස් අධිකාරී පී එම් ඒ කීර්ති බංඩාර කුලියාපිටිය කොට්ඨාසයේ සිට කොළඹ මධ්‍යම කොට්ඨාසයටද, සහකාර පොලිස් අධිකාරී එම් වී ආර් යූ එන් ආරියරත්න කොළඹ මධ්‍යඹ කොට්ඨාසයේ සිට රත්නපුර කොට්ඨාසයටද, සහකාර පොලිස් අධිකාරී එල් කේ ඩී අනිල් ප්‍රියන්ත රත්නපුර කෙට්ඨාසයේ සිට ඇඹිලිපිටිය කොට්ඨාසයට ද මාරු කරනු ලැබූහ.
ඇඹිලිපිිටිය මූලස්ථාන පොලිසියේ සිට තාවකාලිකව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියට අනියුක්ත කර සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් ආර් ජේ ඩයස් පොලිස් මූලස්ථානයට මාරු කර තිබේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉබ්ලිව් ඒ සෝමරත්න පිළියන්දල පොලිස් ස්ථානාධිපති සිට ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ එම් එස් බී සමරකෝන් දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සිට පිළියන්දල පොලිස් ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් පී පී එස් කේ වික්‍රමරත්න ගම්පොළ කොට්ඨාසයේ සිට දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් පී වැලිකල ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපති සිට නිට්ටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ද, පොලිස් පරීක්ෂක ඩබ්ලිව් පෙරේරා කොළඹ මධ්‍යම සිට ගල්කිරියාගම ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ ඒ ඩී එස් සංජීව කෝපායි ස්ථානාධිපති සිට හලාවත කොට්ඨාසයට ද, පොලිස් පරීක්ෂක එස් එම් කහදවල කැලණිය කොට්ඨාසයේ සිට කෝපායි ස්ථානාධිපති ලෙස ද මාරු කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්වරුනි, නුඹලා සමඟ කොහොමද රටක් ගොඩනගන්නේ? (නි)
නියමයි. අද දෙපොළකට මාරු කළා. හෙට අනිද්දා වෙද්දි තව කීපොළකට දායිද? (ත)
සොබාදහම විසින් මෙවැන්නන් සුදුසු තැනට මාරුකර යවනු ඇත. (නි)
අපිට මිනීමැරුම් චෝදනාවක් තිබෙනවා නම් පැය 24 යන්න කලින් අල්ලාගෙන ඇවිත් රිමාන්ඩ් කරලා, පොලිසියට චෝදනා තිබෙන විට ස්ථාන මාරු පමණකි, අගමැති තුමනි ඔබතුමා සෝභිත හිමියන්, රතන හිමියන්, පාටලී සමග චන්දෙට කලින් පොරොන්දු උන සාධාරණ සමාජයද මේ? වහාම මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න. (ස)
මූලස්ථානයටම ගත්තේ පරීක්ෂණ කිරීමේ පහසුවට වෙන්න ඕනෑ. අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
පොලිස්පතිතුමනි,ප්‍රවේශමෙන්. රටේ ජනතාව අවදියෙන්. (නි)
පොලිසියේ ඉන්නේ මත්පැන්වලට ඇබ්බැහි වුණු පිරිසක් ඔවුන් පුනරුත්ථාපනය කරන්න ඕන එමෙන් රටේ දැනට පොලිසියේ සිටින අය සාමය ආරක්ෂා කරන්න සුදුසු පිරිසක් නොවේ ඔවුන් සේවයෙන් ඉවත් කරලා අලුත් ම පිරිසක් බඳවා ගැනීමට කටයුතු කළ යුතු යි පොලිසියේ බොහෝ දෙනෙක් අපරාධවලටත් සම්බන්ධයි (බ)
කියල වැඩක් නෑ. අනිල් කියන කතාව සම්පුර්ණ ඇත්ත. මොකද මෙයාල කරපු පව් වැඩ වලට නිසි දඩුවම් දෙන්ට මෙච්චර ඇඹරෙන්නේ ? පොලිසියේ නිසාද ? පොලිසියේ අය වැරදි කරාම ඩිස්කවුන්ට් තියනවද ? අපි දන්නේ නැති නිසා අහන්නේ ? (බ)
අර "පිටියෙන්" මේ "පිටියට" එවුවට වෙනසක් නැහැ. සමහරවිට දැන් ආ කුලියාපිටිය මෙයාගේ ගම සහ මාරුවක් ඉල්ලමින් හිටිය තැන වෙන්නත් ඇති. අපි කියන්නේ සොහොන් පිටියට ගිය ජීවිතය වෙනුවෙන් මොවුනට දඬුවම් කරන්න. තවත් අහිංසකයන් සොහොන් පිටියට යවනතුරු මොවුන් තියාගත්තොත් ජනතාව ඔවුන් දේශපාලන පිටියෙන් දවා ඉවත්කරන දිනයද වැඩි ඈතක නොවේ. (නි)
අපේ රටේ බුද්දදාසලා ධර්මදාසල සන්ගදාසලා හුගක්ඉන්නවා නමට සරිලනලෙස ජීවත්වෙන.ඔයකියන ධර්මරත්නත් එහෙම රාජකාරී කරමින් ජීවත් උණු කෙනෙක්ද. (කෞ)
මාරුකරලා විතරක් නම් මදි, පොලිසියේ හොඳ නම ආරක්ෂා කරගන්න (නි)
හරි හරි කට්ටිය කලබල වෙන්න ඕනේ නැ, නඩු විභාගයක් වෙනවනේ, පොලිසියට ගැලවීමක් නැ මේකෙන් , කට්ටියව වෙලාවට අත්අඩංගුවට ගනී, මේක යහ පාලනය, (බ)
අපි බලන් ඉන්නේ (බ)
චෝදනා ලැබුවකු වැඩතහනම් කර අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වනවා වෙනුවට ස්ථාන මාරු කිරීමද කරන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. කෝ අපේ ස්වාධීන පොලිස් කොමිසම? (නි)
බල්ලා පොලිසියට ගිහින් . පොලිසිය බල්ලට ගිහින් (බ)
ටික ටික වැලිකඩ පැත්තට කිට්ටු වෙනවා .(ම)
කාලයක් කොකේසස් ප්‍රදේශයේ කුඩා රටක් වන ජෝර්ජියාවේ පොලීසියත් අපේ රටේ හොරා පොලීසිය වගේම වෙලා තිබුනේ. ඔවුන් පගාවක් නැතිව කිසිම වැඩක් කරන්නේ නැහැ. කෙනෙක්ට පොලීසියට වොඩ්කා බෝතලක් දී තරහකාරයකුගේ අත පය කඩලා දම්මවා ගන්න පුලුවන්. 2004 ජෝර්ජියාවේ ජනාධිපතිකමට පත්වු මිකෙල් සාකෂ්වීලී මේ හොරා පොලීසිය හදන්න පුලුවන් තරම් උත්සාහ කර එය කරන්නටම නොහැකි දෙයක් බව තේරුම්ගත් පසු කලේ හොරා පොලීසියේ සියලු දෙන විශ්‍රාම යවා පොලීසියට අලුතින්ම නිලධාරීන් බඳවා ගෙන ඔවුන් විදේශ රටවල විශේෂඥයන් ලවා පුහුණු කිරීමයි.අද ජෝර්ජියාවේ පොලීසිය ලොව හොඳම පොලීසි වලින් එකක්. (බ)
අනිල් මහත්තයෝ මේ මමත් මෝඩ කමට අහන්න හිටපු ප්‍රශ්නය ඔබ අහලා. (බ)
දෙවියන් වහන්සේ මුන් ටික ඔක්කොම හරි තැනට යවන්න වල පල්ලට මොකද මුන්ටත් දුක දැනෙන්න ඕනි අහිංසක මිනිසුන්ට කරන දේවලට (බ)
ඒ වුණාට නම ධර්මරත්න. නමේ හැටියට වැඩ නෑ (ම)