ඇඹිලිපිටිය පොලීසියේ 12 දෙනෙකු මාරු කර දෙදෙනකු අනිවාර්ය නිවාඩු යවා ඇතැයි තලතා අතුකෝරාළ ඇමතිනිය ඇඹිලිපිටියේ උද්ඝෝෂණ කරුවන්ට අද සන්ද්‍යාවේදී කීවාය. ඔරලෝසු කණුවේ පඩියකට නාග තවත් කරුණු පැහැදිලි කරන්නට සූදානම් වෙද්දී සෙනග අතරින් හූ හඬක් ආවේය. ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත නාහිමියෝ ඉන් පසුව එහි වැඩම කර උද්ඝෝෂණ කරුවන් අමතමින් උද්ඝෝෂණය නතරකරන්නැයි ඉල්ලා සිටියහ. නැවත හූ හඬ නැගී ආවේය.
උදේ උද්ඝෝෂණයට සිටි පිරිසට වැඩි පිරිසක් ඔරලෝසු කණුව අසලට පැමිණ සිටින බව නගර වැසියෝ කියති. පොලිස් විශේෂ කාර්ය බළකායද එහි කැඳවා ඇත.
උද්ඝෝෂකයන් පවසනුයේ පොලීසිය මාරු කිරීමෙන් වැඩක් නැති බවයි. ඔවුන් අත් අඩංගුවට ගන්නා තුරු උද්ඝෝෂණය අවසන් නොකරන බව ඔවුහු කීහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව මේ උද්ඝෝෂණය කරන්නේ සිද්ධවුණදේට සාධාරණයක් ඉටු කරගන්නයි. (නි)
මේවගේ දේවලදී ඉස්සරනම් කෙලින්ම වගකීම දැමුවේ රාජපක්ෂ ගිණුමට, රාජපක්ස රෙජීමයේ පොලිසියේ වැඩ කියලයි කිවුවේ. දැන්නම් යහපාලනය නිසා නායකයින්ට කිසිම ප්‍රශ්නයක් නැහැ... අනේ කලේ වනේ වාසේ... (අ)
බලය මාරුවීමක් පමණක් සිදුව ඇතිබවයි අපිට නම් හැඟෙන්නේ (නි)
සුනිල්, බබෙක් වෙන්න හදන්න එපා. මේකෙදි වැරදි කවුද කියලා පැහැදිලිවම පෙනෙනවා (නි)
සුනිල්, මිනිස්සු උද්ඝෝෂණය කරන්නේ මැරුන කෙනාට පණ ගන්නවත් මේ සිදුවීමට තාවකාලික විසඳුමක් ගන්නවත් නොවෙයි. මින් ඉදිරියටවත් මෙවැනි වැඩ නොවන තැනට මඟ තනා ගැනීමටයි. එය පොදු අරමුණක්. (නි)
ඔහොම යමුකෝ! (නි)
තමන්ට තමන්ගේ ගෙදර උත්සවයක්වත් ගන්න බැරි තත්වයකට දැන් රට පත්වීම ඉතාම කණගාටුවට කරුණක්. (නි)
පොලිසිය කටයුතු කල යුත්තේ ඉවසීමෙන්. චන්ඩි වගේ හැසිරීමෙන් තමයි මේ අවුල් හදා ගන්නේ. අර මැරුණු මනුස්සයාගේ පවුල අනාතයි නේද? (ර)
කොහොම උනත් අපරාදේ ජීවිත නැති වෙනවා. (ර)
වෙනසකට මුලපිරුවා පමණි. (ර)
අපේ යහපාලනයට ජයවේවා.! (ර)
පොලිසිය වැරදි කළාම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් නොකරන්නේ ඇයි -නිතිය සැමට එකහා සමාන විය යුතුයි -මෙහි පොලිසියද සැකකරුවෙකි (බ)
හිස රදේට කොට්ටේ මාරුකරනවා වාගේ වැඩක්නේ මේ කරන්නේ.(හේ)
උද්ඝෝෂණය කළා කියලා මැරුණ කෙනාට පණ ලැබෙයිද? මේකට විසදුමක් ලැබෙයිද?(හේ)
පොත්ත වෙනස් පෙත්ත එකයි . (ර)
තාම මේ සිද්ධියේ හරි කවුද වැරැදි කවුද කියලා නිගමනයකට එන්න අමාරුයි.(හේ)
අලුත් වෙනසේ රස කොහොමද? (නි)
පොලිසිය මහජනයා සමඟ සුහදව වැඩකටයුතු කළොත් ඔක්කොම දිනුම්. පොලිසියේ විනය නීතිගරුත්වය වටිනවා (නි)
රටම අවදානම් ගමනක. මිනිස්සු තිරිසන් වෙලා. (නි)
නීතිය හරියට ක්‍රියාත්මක කර තරාතිරම නොබලා දඬුවම් දියයුතුය. (නි)
ඇයි පොලිසියේ අය අත්අඩංගුවට ගන්න බැරි? (නි)
කවුරු වැරදි කළත් දඬුවම් ලැබිය යුතුයි.ඒ වුණාට කලහකාරී ලෙස හැසිරීමෙන් පලක් වෙන්නේ නැහැ. (නි)
සුමිත්‍ර හරි (නි)
මෙම මරණය සිදුවීඇත්තේ මත්පැන් නිසාය. මෙහි මත්පැන් නොතිබුනා නම් පොලිසිය පැමිණියත් මෙම ප්‍රශ්න ඇතිවෙන්නේ නැත. (නි)
නීතිය රකින්න ඉන්න පොලීසියද මේ? (නි)
පෝස්ටර් වල අකුරු වලින් නම් දැනෙන්නේ උද්ඝෝෂණය මැරුණු කෙනාගේ ඥාතීන්ට වඩා සංවිධානාත්මක උවමනාවක් කියලයි. (ර)