ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවට ජලය සපයන ඇළේ අතුරු ඇළක් උඩගම දී හදිස්සියේ විවෘත වීම නිසා නිවාස කිහිපයක් හා ව්‍යාපාරික ස්ථානයක් ජලයෙන් යට විය.
අද (4) උදෑසන 5.00 ට පමණ මෙම ජල ගැලීම සිදුව ඇති බව වාර්තා වේ. ජල ගැල්ම නිසා පදිංචිකරුවෝ ඉවත් කරනු ලැබූහ.
උඩවළවේ ඇළ වසා දමා ගංවතුර පාලනය කැරිණි.
මෙම සිදුවීම පිළිබඳ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියොජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර තිලක් රණසිංහ මහතා පැවසූයේ අතුරු ඇළ මාර්ගය නිසි ලෙස වැසී නොයෑම මීට මෙයට හේතුව විය හැකි බවයි. එමෙන්ම අනවසර ගොවීන් පිරිසක් මෙම සිදුවීමට සම්බන්ධ දැයි සොයා බලන බව ද ඒ මහතා සඳහන් කළේය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හෙන ගැහුවත් තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්න දඟලන කඩා කප්පලකාරින්ගේ වැඩක්ද කියල හොයලා බලන්නම වෙනවා (හේ)