වෙනිසියුලාවේ කැරකස් අගනුවර පිපිරීම් මාලාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාව තුළ හමුදා ස්ථාන ඇතුළු ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

වෙනිසුයුලාවේ හමුදා ස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක පිපිරීම් පිළිබඳ වාර්තා ගණනාවකින් පසුව, එරට ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

මෙම තත්වය යටතේ වෙනිසියුලානු ජනාධිපතිවරයා ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම ප්‍රහාර එක්සත් ජනපදය තම රටේ තෙල් සහ ඛනිජ ලවණ අත්පත් කර ගැනීමට ගත් උත්සාහයක් ලෙස හෙළා දැක ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

(හසිනි නවෝද්‍යා අන්තර්ජාලය ඇසුරෙන්)