ඇමෙරිකාවට හෝ ඊශ්‍රායලයට සහාය නොදක්වන භාණ්ඩ ප්‍රවාහන වාණිජ නැව්වලට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යෑමට ඉරාන විප්ලවීය හමුදාව දිගින් දිගටම අවසර ලබා දෙන බව අල් ජසීරා පුවත් සේවය පැවැසීය.

ජාත්‍යන්තර නැව් ගමන් බිමන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ‘ෂිප් ට්‍රැකර්’ දත්ත අනුව ද මේ බව තහවුරු වී ඇත. භාණ්ඩ ප්‍රවාහන නැව් සහ තෙල් නැව් මෙසේ හෝමූස් හරහා ගමන් කරන බව ද පැවැසෙයි.