ඇමෙරිකාවේ, ඔරිගන් ජනපදයේ, බෙන්ඩ් නගරයේ, සිල්වර් රේල් ප්‍රාථමික පාසලේ සිදුවුණු වෙඩි තැබීමකින්, කුඩා දරුවන් තිදෙනකු ඇතුළු සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

පෝට්ලන්ඩ් නගරයට කිලෝමීටර් 160ක් දුරින් මෙම පාසල පිහිටයි. වෙඩි තැබීම සිදුවී ඇත්තේ දහවල් කාලයේය. වෙඩි තැබීම කළ තැනැත්තා ද මියගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර ඇත.