ඇමෙරිකන් ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් ඉරාකයේ දී කඩා වැටුණි. ඇමෙරිකන් ගුවන් හමුදාව ද මේ බව තහවුරු කර ඇත.

කඩා වැටුණේ ‘බෝයිං කේසී 135 ස්ට්‍රැටෝටැන්කර්’ නමැති ගුවන් යානයකි. මෙය ඉන්ධන ප්‍රවාහන ගුවන් යානයක් බව පැවැසෙයි.
ඇමෙරිකන් ගුවන් යානයට තමන් පහර දුන් බවත්, යානය කඩා වැටුණේ එම ප්‍රහාරයෙන් පසුව බවත් පැවැසෙයි. 

ගුවන් යානය පහර දී බිම දැම්මේ තමන් යැයි ඉරානයේ සහාය ලබන ඉරාක සටන්කාමීන් පවසා ඇත. 

තම රටේ ස්වෛරීභාවය සහ ගුවන් අවකාශය ආරක්ෂා කිරීම සඳහා ඇමෙරිකන් හමුදා යානයට වෙඩි තැබූ බව එම සටන්කාමීන් වැඩි දුරටත් පවසා ඇත. කඩාවැටුණු යානයේ අවම වශයෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනකු සිටි බව ද පැවැසෙයි.

යානය කඩා වැටුණු සැණින්, දිවි ගලවා ගත් කිසිවකු හෝ සිටීදැයි සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ වුණු බවත්, තමන්ට හමුවුණේ යානයේ සුන්බුන් පමණක් බවත් ඇමෙරිකන් හමුදාව පවසා ඇත.