ඇමසන් වනාන්තරය සුරැකීම සඳහා ජී 7 රටවල නායකයින් ලබාදීමට එකග වූ ඩොලර් මිලියන 20 ක මූල්‍ය ප්රදානය බ්‍රසීලය ප්‍රතික්ෂේප කිරීමට සැරසෙන බව එරට ජනපති කාර්යාලය පවසයි.
මෙම ප්රදානය ලබාදීමට ජී 7 රටවල නායකයෝ ඊයේ එකඟතාව පළ කළහ.
බ්‍රසීලයේ ස්වාධිපත්‍යය නොසලකා එය යටත් විජිතයක් ලෙස සලකමින් ජී 7 නායකයින් ක්‍රියා කිරීම බ්‍රසීල ජනපති ජායිර් බොල්සොනාරෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හෙළාදැක තිබුණි.
මෙම වසරේ ඇමේසන් වනාත්තරයේ ලැව්ගිනි කිහිපයක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ප්‍රංශ ජනාධිපති එමැනුවල් මැක්රොන් සිය දේශපාලන අවශ්‍යතා සඳහා මෙම ලැව්ගිනි ඇතිවීම පිළිබඳ සිදුවීම යොදා ගැනීමට උත්සාහ කරන බවට ද බ්‍රසීල ජනපතිවරයාගෙන් චෝදනා එල්ල වී තිබේ.
(-226-)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට බැරිනම් කවුරුහරි ඇවිත් ගින්න නිවුවහම මොකද ? මේ කැලේ ලෝක උරුමයක් මේ කැලේ ගිනි තියන්නේ , ඊට පස්සේ කැලේ එලි පෙහෙළි කරලා තණකොළ වවල එකේ හරක් මසට ඇතිකරන්න , දකුණු ඇමරිකාවෙන් එන හරක් මස් වලට උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ හොඳ මිලක් තිබෙනවා , හොදම වැඩේ යුරෝපයේ රටවල් සහ උතුරු ඇමරිකාව එකතු වෙලා මෙම හරක් මස් වලට වාරණයක් පැනවීම , එතකොට මේ උද්දච්ච නායකයාගේ හොට බිම ඇනේවි
අහෝ බ්‍රසීලය ඔබ ඉතා වාසනාවන්ත බව පමණක් මතක තබාගන්න. සැකයි නම් ලංකාව දෙස බලන්න..
අපේ දේශපාලුවො නම් රටට මොන හෙනේ ගැහුවත් සල්ලි කුට්ටියම ඩැහැ ගන්නවා උන්ගෙ සාක්කු ටික පුරවගන්න
රටක නායකයෙකු සතු විය යුතු උදාර ගුණය නිවහල් භාවය රතිඤ්ඤා වල ශබ්දෙටත් රට දාල දුවන අපේ අය
ඔන්න බලන්න නියම වීරයෙක්. ලංකාවේ කෙනෙක් නම් කුක්කෙක් වගේ වලිගය වනවන සල්ලි ගන්න යනවනෙ.