IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


ඇමරිකාව මෙරට තීරු බදු අඩුකිරීම රට ලැබූ ජයග්‍රහණයක්

(නිමල කොඩිතුවක්කු)

ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකිරීම රට ලැබූ ජයග්‍රහණයක් බවත් ඒ පිළිබඳ සතුටට පත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

මෙම බදු සංශෝධනය  තුළින් ශ්‍රී ලංකාවේ  අපනයනවල කලාපීය තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පැවසීය.

මෙවැනි තත්ත්වයන් තේරුම් ගනිමින් ශ්‍රී ලංකාවේ තිබෙන වෙළෙඳ සීමා මායිම් ලිහිල් කරමින් ලංකාව ලෝකය සමග එකතු කිරීමට කටයුතු කිරීම තුළින් තවත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි ද හර්ෂ ද සිල්වා මහතා කීවේය.

ශ්‍රී ලංකාවට ලැබුන බදු සහනය සම්බන්ධයෙන්  හදවතින්ම සතුටුවන බවත්  මේ වෙනුවෙන් තිරය ඉදිරිපස හා පිටුපස කැපවී කටයුතු කළ සියල්ලන්ට ස්තූතිවන්ත වන බවද ඔහු සඳහන් කළේය.

කුඩා රටක් ලෙස ශ්‍රී ලංකාව  හමුවේ ඇති අභියෝග තේරුම් ගනිමින් එම සහනය ලබාදුන් ඇමරිකාවටත් ස්තූතිවන්ත වන්ත වන බවද මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.



අදහස් (3)

ඇමරිකාව මෙරට තීරු බදු අඩුකිරීම රට ලැබූ ජයග්‍රහණයක්

අරවින්ද මොණරවිල Friday, 01 August 2025 06:04 PM

ඔයාගේ වර්ථමාන නායකයායි, අතීත නායකයායි නම් බොහෝම දුක් වෙනවා ඇති, අනුර ට්‍රම්ප්ට කෝල් එකක් නොදී හා ණය ගෙවන්නේ නැහැ කියලා තර්ජනය නොකර බදු කර ගත්ත නිසා...

:       4       5

ශ්‍යාමා නානායක්කාර Friday, 01 August 2025 09:04 PM

අර පාස්කු සම්බන්ධ affidavit එක ignore කරාට ට්‍රම්ප් තරහා වෙයි කියලා කීවත් මතකයි.

:       1       1

යෝගා Friday, 01 August 2025 07:24 PM

ඔයා හොඳින්ම දන්න ඇමෙරිකාව, ඔවුන්ට වාසියක් නැතුව, නිකම්ම අනුකම්පාවට බද්ද 30% ඉඳන් 20%ට අඩුකරන්නේ නෑනෙ හර්ෂ. මේ මෝඩරැල රටට අහිතකර පොරොන්දු කීයක් ඇමෙරිකාවට දීලාද කියලා හොයලා බලන්න...

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 156 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 304 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 652 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site