(අංජුල මහික වීරරත්න)
ඇමරිකාව පනවන ලද තීරු බදු පිළිබඳ සාකච්ඡා සාකච්ඡා සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් රජයට සහ සාකච්ඡා කණ්ඩායමට ප්‍රශංසා කරන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ මෙසේද සඳහන්ය.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කරන ලද නව නියෝගය අනුව අන්‍යෝන්‍ය තීරුබදු අනුපාත තවදුරටත් වෙනස් කිරීම එක්සත් ජාතික පක්ෂය පිළිගනී.
නව නියෝගයේ මෙසේ සඳහන්ය.
“සමහර වෙළඳ හවුල්කරුවන් එක්සත් ජනපදය සමඟ අර්ථවත් වෙළඳ සහ ආරක්ෂක බැඳීම්වලට එකඟ වී ඇත, නැතහොත් එකඟ වීමට ආසන්නය”.
2(ආ) වගන්තියේ මෙසේ දැක්වේ.
“මේ නියෝගයේ 1 වැනි ඇමුණුමෙහි හඳුනා ගෙන ඇති ඇතැම් විදේශීය වෙළඳ හවුල්කරුවන් එක්සත් ජනපදය සමඟ අර්ථවත් වෙළඳ සහ ආරක්ෂක ගිවිසුම්වලට එකඟ වී ඇත, නැතහොත් අවසන් කිරීමට ආසන්නය.
ඒ ගිවිසුම් අවසන් වන තෙක් වෙළඳ හවුල්කරුවන්ගේ භාණ්ඩ මේ නියෝගයේ 1 වැනි ඇමුණුමේ සඳහන්ව ඇති අතිරේක ස්වේච්ඡා බදුවලට යටත්ව පවතිනු ඇති අතර, එම ගිවිසුම්වල නියමයන් සිහිපත් කරමින් මම පසුව නියෝග නිකුත් කරමි”.
මේ පසුබිම යටතේ අර්ථවත් වෙළඳ සහ ආරක්ෂක ගිවිසුම්වලට ළඟා වීම පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටී.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඇමරිකා බද්ද අඩු කර ගැනීම ගැන එජාපයෙන් පැසසුම්
ගුණරත්න Friday, 01 August 2025 03:51 PM
පාණ්ඩුවේ කයිතානෝලා දැන් කියයි අලින්නේ අපේ වැඩ කියලා. කීප පොලකම දැක්ක චූන් වෙච්චි ජෙබයියෝ ටික. ඒත් ට්‍රම්ප් ජනාධිපතිතුමා මුළු ලෝකේ සෑම රටකටම අදාලව බදු වෙනස් කර (අඩු කර) තිබෙනවා. ඒක පාණ්ඩුවේ විස්කමක් නොවෙයි...
Hafeel Friday, 01 August 2025 04:14 PM
රනිල්ට පමණයි, ජාත්‍යන්තර පිළිගැනීම තියන බව කියන කතා... දැන් වලංගු නැති බව මේකෙන් ඔප්පු වෙනවා.
Neel Friday, 01 August 2025 04:39 PM
ඇති යාන්තම් හොඳක් දැක්කා. කුහකකම නැතිව. මොකද සජී පුතා තවම මොකුත් කිවේ නැත්තේ...
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Friday, 01 August 2025 05:21 PM
පළපුරුදු කයිතානෝලාට කඩේ යන හරක්ටිකට දැන් රෙද්දේ රෙවිලා...