IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි

(අංජුල මහික වීරරත්න)

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.

කිසිදු පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්ති තීරණයකට අනුව  ඉහත පියවර ගෙන ඇත.

ඇමරිකා පර්යේෂණ නෞකාව මෙරටට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇත්තේ මුහුදු සීමාව භාවිත කිරීමට නොව ඉන්ධන ,ජලය පිරිසිදු කිරීම්, ආහාරපාන ආදී පහසුකම් ලබා ගැනීමට බැවින් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් නෞකාව සඳහා අදාළ පහසුකම් ලබාදීමට රජය තීරණයකට එළඹ ඇත.

අදාල ඇමරිකා නෞකාව චෙන්නායි වරායට ඇතුළු වීමට  අවසර ඉල්ලා ඇති අතර ඔවුන්ද එම අවසරය දී නැතැයි දැනගන්නට තිබේ.

මීට පෙරදීත් චීන පර්යේෂණ නෞකාවක් මෙරටට ඇතුළු වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව රජය පවසයි.



අදහස් (7)

ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි

Kasun Saturday, 27 April 2024 02:36 PM

උදේ, හවස හැමෝම තිරිකුණාමලයට එනවා අපිව පුරුදු කරන්න. නැතිව එයාලා පුරුදු වෙන්න නොවේ..

:       8       23

ravin Saturday, 27 April 2024 03:30 PM

හැමෝටම පුදුම කැක්කුමක් හැදිලා වගේ... ලංකාව අවට මුහුදේ පර්යේෂණ කරන්න.

:       13       16

SAM Saturday, 27 April 2024 07:17 PM

ඇමරිකා පර්යේෂණ නෞකාව මෙරටට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇත්තේ ඉන්ධන, ජලය පිරිසිදු කිරීම්, ආහාරපාන ආදී පහසුකම් ලබා ගැනීමට බැවින් එම නෞකාව අපවෙත පැමිණ ඔවුන්ගේ ගමන සඳහා අවශ්‍ය කරන්නා වූ අවශ්‍ය කටයුතු සපුරාගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමේ වරදක් නොමැත. ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණීමෙන් පසු ලංකාවේ සිසුන්ටද එය නැරඹීමට සහ සිදුකරන්නාවූ කටයුතු පිළිබඳව අද්දැකීම් ලබාගැනීමට අවස්ථාවක් ඇත.

:       36       28

Perera Sunday, 28 April 2024 12:59 AM

ඇමරිකාව කිඹුහුමක් ඇරියොත් ලංකාවට නිව්මෝනියාව හැදිලයි නවතින්නේ

:       0       14

RanaSunday, 28 April 2024 08:40 PM

මගේ අම්මෝ..ඇමෙරිකාවට පොඩි දෙයක් වුණොත් කොහොම වෙයිද එහෙනම්?

:       0       0

ලුම්බිණි Sunday, 28 April 2024 08:29 AM

චීන නැවට නම් ඉඩ ලැබුණා...

:       9       2

kasun Sunday, 28 April 2024 12:46 PM

ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහ පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහ රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRA , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහ GROUP භාවිතා කරමින්ද මෙම ප්‍රචාරය සිදු කරයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න .

:       10       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව කෝ?
2024 මැයි මස 08 30 0

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව පමා වීමෙන් මේ වන විට ග්‍රාම නිලධාරී සේවය අකර්මණ්‍ය වී ඇතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන


නව බාස්මතී ප්‍රභේද දෙකක් හඳුන්වා දෙයි
2024 මැයි මස 08 85 0

බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට කළ පර්යේෂණ සාර්ථක වූ බව බතලගොඩ වී පර්යේෂණායතනය පවසයි.


ඊශ්‍රායලයට බෝම්බ යැවීම නවත්වයි
2024 මැයි මස 08 337 0

නැව් මගින්, ඊශ්‍රායලයට යැවීමට සැලැසුම් කර තිබුණු බෝම්බ තොගයක්, තාවකාලිකව ඊශ්‍රායලයට යැවීම නැවැත්වීමට ඇමෙරිකා රජය තීරණය කර තිබේ. ඒ, ඇමෙරිකාවේ විරෝධය මැ


අවුරුදු තුනට රතු බිල් කෝටි තුනක්
2024 මැයි මස 08 313 0

විදුලිය නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් 2022 සිට 2024 දක්වා රතු බිල් තුන් කෝටියකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේක


නාන තටාකයට වැටී හෝටල් සේවකයා මරුට
2024 මැයි මස 08 526 0

රඹුක්කන කඩිගමුව ලබුයගාල්වත්ත ප්‍රදේශයේ හෝටලයක සේවකයකු එහි නාන තටාකයට වැටී මියගොස් ඇතැයි පොලීසිය කියයි.


පෞද්ගලික-ලංගම ගැටුමෙන් බණ්ඩාරවෙල බස් ධාවනය නවතී
2024 මැයි මස 08 337 1

ධාවන කාලසටහනක් මුල් කරගෙන ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ලංගම හා පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරු අතර ඇති වූ ගැටුමකින් අද (08) බණ්ඩාරවෙල ඩිපෝවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 549 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2012 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site