( තිළිණි ද සිල්වා )
ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් පස් දෙනකු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එරට කොංග්‍රස් සභාවට ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රි ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්‍යාංශය පවසයි..
ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 32 ක ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති එල්ටීටීඊ සංවිධානයේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් ජනපද කොන්ග්‍රසය තුළ සිටින එල්ටීටීඊ හිතවාදී කල්ලියකගේ බලපෑම මත ගෙන ආ යෝජනාවක් ලෙස පෙනී යන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියි.
සනාථ නොකරන ලද, පදනම් විරහිත සහ අමූලික අසත්‍ය කරුණු සහ එම යෝජනාවේ අභිප්‍රාය පිළිබඳව බරපතල සැක මතු කරන චෝදනා අඩංගු වන බැවින් ඊට ශ්‍රී ලංකා රජය මෙම විරෝධය පළ කරන බවද විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙම යෝජනාවේ සාවද්‍ය, පක්ෂග්‍රාහී සහ ඒක පාර්ශ්වීය ස්වභාවය පිළිබඳව සලකා බැලීමේ දී, මෙය හුදු මානව හිමිකම් යෝජනාවක් නොවන බැවින් , ශ්‍රී ලංකා රජයේ මෙම විරෝධය වොෂිංටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා, කොන්ග්‍රස් සභාවේ විදේශ කටයුතු කමිටුවේ සහ එම සභාවේ ආසියාව පිළිබඳ අනු කමිටුවේ නියෝජිතයින් වෙත සහ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කරන බවද එම අමාත්‍යාංශය කියා සිටී.
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී ඩෙබෝරා කේ. රොස් මහත්මිය විසින්, තවත් නියෝජිත මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු වන බිල් ජොන්සන්, ඩැනී කේ. ඩේවිස්, බ්‍රැඩ් ෂර්මන් සහ කැතී මැනින් මහත්ම මහත්මීන් සමඟ එක්ව ඉකුත් මස 18 වැනි දින එම කොන්ග්‍රස් සභාවට ලංකාව සම්බන්ධයෙන් වන මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ සිටිති.
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රීවරුන් පස්දෙනා ඉදිරිපත් කළ එම යෝජනාව මේවනවිට කොංග්‍රස් සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව වෙත යොමු කර ඇති බව වාර්තා වන බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම යෝජනාවට එරෙහිව රාජ්‍ය බලය හොබවන රටේ ජනාධිපති වරයාගේ ආර්යාව, පුතා, ලේලිය හා මිනුබුරාද ගරු ජනාධිපතිවරටාගේ හා ගරු අග්‍රමාත්‍ය තුමන්ගේ සොයුරු බැස්සිල් රාජපක්ෂ හා තවද සොයුරකු වන ඩඩ්ලි රාජපක්ෂ යන දේශප්‍රේමීන් ඇමරිකානු පුරවැසි භාවය හැරදා යලි මවු බිමේ පු ර වැසියන් වීම ඉතා කාලෝචිතයි.
මේවට ඉඳල හිටල උත්තේජන එහෙමත් දෙනව අපිත් ,අත්අඩංගුවට පත් සැස කරුවන් මරාදැමීමෙන්
ඔවට වැඩිය කලබල නැතුව ඉන්න
කෝ අප්පා චීනෙන් තාම නිල ප්‍රකාශයක් නිකුත් කළේ නෑනේ.. අනෙක් රටවල අභ්‍යන්තරයට ඇඟිලි ගහන්න එපා... එය චීනය දැඩි ලෙස හෙළා දකිනවා කියලා...
මේ මොකක්ද මේ? පෝයදාට එකට පන්සල් යනවා. ඊට පස්සේ දේවදත්තයෝ වගේ අකුල් හෙළනවා. මම හිතුවේ දැන් ඇමෙරිකානුවෝ අපේ බෞද්ධ පිරිසක් කියලා.
යුද මානසිකත්වයෙන් විදෙස් පතිපත්ති අනුගමනය කිරීමෙන් ඇතිවන ගැටලු වලට මුහුණු දෙන්න වෙනවා. ශ්‍රී ලංකාවට තිබූන බොහෝ ජාත්‍යන්තර මිතුරන් අද ඉවත් වී සිටී.
අපි වැරදි කරලා නැත්නම් මොකට කලබල වෙනවද?