මධ්‍යම හා දකුණු ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය නිශා බිස්වාල් මහත්මිය කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ප්‍රභූ පර්යන්තයෙන් අද අළුයම දිවයිනට පැමිණියාය.
ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 506 දරණ ගුවන් යානයෙන් ලන්ඩන් සිට අද අලුයම පහට පමණ මෙරටට පැමිණි නීශා බිස්වාල් මහත්මිය සමග දුත පිරිසක්ද පැමිණියහ.
විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් අහමඩ් ජමීල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද, ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්‍යාලයේ නිලධාරීන් පිරිසක්ද ඇය පිළිගැනීමට කටුනායකට පැමිණ සිටියහ.
නව රජය බලයට පත්වීමෙන් පසු ශ‍්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු ඉහලම රාජ්‍ය තාන්ත‍්‍රිකයා නීෂා බිෂ්වාල් මහත්මියයි. පසුගිය සතියේදී බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාල අමාත්‍ය හියුගෝ ස්වයර් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.
නිශා බිස්වාල් මහත්මිය තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි අතර ඇය මෙරට රැදී සිටින කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.
ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය සබඳතා තර කර ගැනීම සහ කලාපයේ ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ.
ඇය ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන නියෝජිතයින් හා ආගමික නායකයින් සමගද සාකච්ජා පැවැත්වීමට සැලසුම් කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙනුමෙන් නම් ඉන්දියාවට සම්බන්ධ කෙනෙක් වගේ. මොකාටද දන්නෑ එන්න හදන්නේ. (ර)
කතා කරලා වැඩක් නැහැ. රට බේරිලා ඉතුරු උනොත් හොඳයි. එන පොට හොඳ නැහැ (නදී)
යශෝධා කියා ප්‍රතිචාර දමන කෙනා තරමක මානසික ආබාධයක් තියෙන කෙනෙක් වාගේ. රට වෙනුවෙන් දිවි දුන්, අත් පා බිලි දුන් අන්ධයන් වුන අපේ විරෝධාර රණ විරුවන් අමතක කරන්න එපා. ඔවුන් නොවන්නට කාටවත් යුධ ජයග්‍රහණය ගන්නට බැහැ (නදී)
දැන් හොද රාජ්‍ය තන්ත්‍රික සම්බන්ධතා ඇති කර ගත යුතුයි.(හේ)
රටට හොඳක් වෙනවා නම් කවුරු ඇවිල්ලා උදව් කරලා ගියත් කමක් නැහැ. (නි)
දැන් ඉතින් ඡන්දයට පෙර පොරොන්දු වූ දේවල් දෙන්න සූදානම්වෙලා ඉන්න. (නි)
අනේද කියන්නේ (නදී)
ඔක්කොමලා එනවා. දැන් ඉතින් ඡන්දයට පෙර පොරොන්දු වූ දේවල් දෙන්න සූදානම් වෙලා ඉන්න. අනිවාර්යෙන්ම දෙන්න වෙනවා. මහින්ද ජනාධිපතිත් ගොටාභය මැතිතුමාත් ජීවිත කැප කරලා බේරගත්ත රට නිකම්ම ලියල දෙයිද ? (නදී)
අනේ ලංකාවත් ලිබියාව , ඉරාකය වගේ වෙයිද දන්නේ නැහැ. මේවා තමයි එකග වෙච්ච දේවල්. (නදී)
කන්න දෙනවනම් අපට බොන්න දෙනවනම්. රටකට මොන කෙන්ගෙඩිය උනත් අපට මොකද අනේ. (නදී)
මගේ පාස් පොර්ට් එක නම් සියලුම රටවල් එ් නිසා අවුලක් නැහැ (නදී)
ඉන්දික දන්නවානම් කියන්නකෝ බලන්න මොනවද දෙන්න පොරොන්දු වුණේ කියලා .13 ප්ලස් ද, මයිනස් ද නැත්නම් වෙන මොනවා හරිද ?(දිල්)
යශෝධා අපි දැනගෙන හිටියේ ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ රණ විරුවෝ ජිවිත කැපකරලා මේ රට බේරා ගත්තා කියලා දැන් එතකොට අර දෙන්නා ජිවතුන් අතර නැද්ද?(දිල්)
යශෝධා, ඔයා දන්නා තරම හොඳටම මදි. අපේ අහිංසක කොල්ලෝ නොකා නොබී ජීවිතය කැපකළා. කළු කණ්ණාඩි ගළවා දැන්වත් හරියට ප්‍රවෘත්තිය බලන්න (නි)
ලංකාවට පිටින් කවුරු ආවත් සමාරු බලන්නේ හරිම බයෙන්, රටක් විදියට එක්ව සයෝගෙන් වැඩ කරන්න ඕනේ. පහු ගිය දවස්වල වෙච්ච දේවල් වෙන්න දෙන්න හොද නෑ (දිල්)
යශෝධා අපි දැනගෙන හිටියේ ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ රණ විරුවෝ ජිවිත කැපකරලා මේ රට බේරා ගත්තා කියලා. දැන් එතකොට අර දෙන්නා ජිවතුන් අතර නැද්ද? (නදී)
අපි හැමෝම එකතුවෙලා බේරාගත් රට මේක. මොන රටකින් ආවත් කමක් නැහැ, කුහකකම් අතහැරලා හැමෝම සුබවාදීව හිතමු (නි)
මෙතන අදහස් දාලා තියෙන ගොඩක් අයගේ තියෙන්නේ කුහකත්වක්. මේ මින්සුන්න් කන්න දෙන්න ඕනේ පුන්නක්කු. අපරාදේ ඒක වැඩි කලේ නැහැනේ අයවැයෙන්. දැන්වත් ඔය පාට කන්නාඩි වලින් ලෝකය බලන එක නතරකරලා පියවි ලෝකයට එන්න (නදී)
ඔව් මේ රටට ඕන කෙනෙක්ට ඇවිල්ලා ඕන දෙයක් බලන්න පුළුවන් කම තියෙන්නේ ඕනා. මොකටද බය වෙන්නේ මේ තරම්. මහ ජනතාව කියයි සේරම විස්තර ඇත්ත නැත්ත. යුද්දේ එකක් අහිංසක මිනිස්සු මරණ එක තව දෙයක්. පසුගිය කාලේ මරපු මැරිලි ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ. අනික උතුරේ අයට සලකන්න ඕනි. ඉන්න හිටින්න තැන නැ දේපොළ සේරම අධි ආරක්ෂක කලාප වලට අරගෙන. එයාලගේ රත්තරන්, දේපොළ ආයේ දෙන්න ඕනි ජාති බේධ නොබලා. හොරුන්ට මහජන දේපොළ කාපු අයටයි දඩුවම් දෙන්නම ඕනා (නදී)
සත්‍යපාල, මොකද එක එක නම් වලින්(ජගත්) කමෙන්ට් දන්නේ ?? (නදී)
කට්ටියට ඇමරිකාවෙන් ආවාම තමයි තරු පේන්නේ. පාකිස්තානයෙන් ආපු අන්තගාමී ආගමික කල්ලි (සරණාගතයන් ලෙස) කරපු හරිය මතක නැද්ද (බ)
එදා ඉදන්ම යුරෝපයට ඇමරිකාවට අවශ්‍ය වෙලා තිබුණේ රට බෙදන්න. ඒකට අඩිතාලම දැන් වැටිලා ඉවරයි. ඡන්ද පොරොන්දු අනුව දෙන්නම වෙනවා. (දිල්)
මට පේන්නේ ඉන්දික සහ යශෝධා යන දෙන්නම එකයි. අනිත් මිනිස්සුන්ට නම් දෙකකින් ලියනවා කිව්වාට. (දිල්)
යශෝධා ඔය කියන විදියට දෙන්නෙක් විතරද මේ රට බේරා ගැනීම කළේ ? ඒ දෙන්නා ඒක කරනකන් ත්‍රිවිධ හමුදාව ඇතුළු සෙසු රට වැසියන් මොකද්ද කළේ (දිල්)
යශෝධා, ඔය කියන දෙන්න රට බේරා ගත්ත මදිවට ශ්‍රී ල.නි.ප නිර්මාණය කළෙත් ඒගොල්ලන්ගේ පරම්පරාවේ උදවිය කියල නේද කියා කියා හිටියේ ? ලජ්ජා නැද්ද අනුන්ගේ දහදිය මහන්සියට නිසි ඇගයීමක් නොදී තමන් විතරක් හොඳ නම හදා ගන්න (දිල්)
සරදියෙල් ආවා.ඔන්න ඇමෙරිකන් නෝනත් ආවා...පොදි පිටින් අරන් අපට මිරිස් කහ කොත්තමල්ලි අරන් ආවා (දිල්)
ඒක තමයි මංගලි, ලැජ්ජාවක් කියල දෙයක් තියනව නම් ඒ මිනිස්සුන්ගෙන් ගත්තු රත්රන් ටික හරි දෙන්න ඕන. අනෙකුත් මිනිස්සුන්ගෙන් කඩා වඩා ගත්තු පුද්ගලික දේපළ ඉඩ කඩම් , හෝටල ආදියත් ආපසු දෙන්න ඕන. මේවා තමන්ගේ පරම්පරා ගානකට විඳවන් වෙන වැරදි වැඩ . (දිල්)
ඉන්දික කොරහේ කිඹුල්ලු හොයනවා නේද? බලන්න ඇමරිකාවේ උසස් රාජ්‍ය නිලධාරීන් ඉන්දියානු සම්භවයක් ඇති අය කොපමණ ඉන්නවද? . බරක් ඔබාමා කළු ජාතිකයෙක් වගේම පියා මුස්ලිම් ජාතිකයෙක්. (දිල්)
දැන් පිවිතුරු යහපාලට ඇසිලින් නෝනා වෙන්න පුළුවන් නම් සත්‍යපාල මොන නමින් ලිව්වාම මොකද ? . ඕන කෙනෙකුට තේරෙනවා කවුද මේ කියලා (දිල්)
මෙතන ජාතිවාදීව අදහස් දාන අය සිංහල වෙලා ඉපදුනේ අහම්බෙන් කියල තේරුම් ගන්නේ නැත්තේ ඇයි ඔයාල ලංකාවේ ඉපදුනේ දෙමළ කෙනෙක් හැටියට නම් ඕක තේරේවි ඔයාලට කොච්චර හිත රිදෙන දේවල් උනාද කියාලා(දිල්)
අනේ ඇසිලින් නෝනෝ එතකොට ඇමෙරිකන් පුරවැසි කම අරගෙන එහෙ ගෙවල් දොරවල් හදා ගෙන , ළමයින්ට උගන්වාගෙන මෙහේ දේශපාලනය කරන්න හොඳයි. මේ ගෑණු කෙනා මෙහේ රාජ්‍ය තාන්ත්‍රික වැඩකට ආවාම නරකයි. (දිල්)
ඉතින් නරකද ? (ර)
සමහරුන්ට තාමත් ඕනෑ තුන්වේල බඩට නොකා හරි නයිට් රේස් බල බලා ඉන්න. ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කිව්වාලු. (නි)
යශෝධා, සමහරුන්ට බලය අහිමි වීමට හේතු වූ දේවල් ඔබ ලියා තිබෙනවා. ගසක් හිටවන්න ගියාම කිහිපදෙනෙකු එකතු වී පැලය ගේන්න පස් කපන්න, වතුර ගේන්න , පොහොර ගේන්න , සාත්තු කරන්න ,උපකරණ ගේන්න යනාදී වැඩ සිදු කර , එක පාර්ශවයක් ගස ලොකු වුනාම මමයි ඔක්කොම තනියම කලේ කියලා ගහ බදා ගන්නවා.(දිල්)
අපිට ඇමරිකාව, කැනඩාව, යුරෝපය, ඉන්දියාව වගේ ශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදී රටවල හොදහිත තියෙනව කියන්නේ අපි දිනුම්. මේ රටවල් අපිට කියන්නේ සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න් කියලනේ. අනිවාර්යෙන්ම ඒකනේ වෙන්න ඕනේ (දිල්)
මේ රට බෙදන්නේ නැහැ ,ඇමරිකාව ,ඉන්දියාව ,යුරෝපය නැතුව අපිට ළිදේ ගෙම්බෝ වගේ ජීවත් වෙන්න බැහැ,(දිල්)
පරණ දේවල් අමතක කරන්න හිතාගෙනද දන්නේ නෑ මෙහෙම ප්‍රතිචාර දක්වන්නේ (දිල්)
සිංහ,ජාතිවාදයට මේ රටේ බහුතරක් කැමති නැහැ.ඒවගේම ජාතීන් වශයෙන් වෙනම පළාත් වෙන කරනවාටත් බහුතරයක් කැමති නැහැ (නි)
ඇසිලින් කැමති එහෙනම් මෙයා වෙනුවට ජයලලිතා ගොඩ බහිනවටද ? (හේ)
සත්‍යපාල, රණවිරුවෝ හැමදාම ජීවිත කැප කලා රට වෙනුවෙන්. එක අපි හැමෝම දන්නවා. අලුතෙන් නොලිවූවත් ඒක එහෙමම තමයි. හැමෝම එකට ගරු කරනවා. (ර)