සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවට ධනාත්මක වෙනස්කම් සහිත වසරක් වනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා පවසයි.
ප්‍රතිසන්ධානය, සාමය හා සාධාරණත්වය මෙම නව වසරේ අර්ථවත් වනු ඇතැයි ඇමෙරිකාවේ අපේක්ෂාව බව ද ඔහු කියා සිටියි.
ගෙවුණු මාස කිහිපයේ මෙන්ම නව වසරේදීත් සෞභාග්‍යමත්, ප්‍රජාතන්ත්‍රවාදී හා එක්සත් ශ්‍රී ලංකාවක වැඩ කටයුතු කරගෙන යෑමට සියලු ලාංකිකයන්ට ශක්තිය ධෛර්ය ලැබේවා යන්න සිය ප්‍රර්ථනය බව ද අමෙරිකා රාජ්‍ය ලේකම්වරයා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ පදයට නටවන්න අප ගෙන එමින් සුබ ප්‍රාර්ථනා..නුහුරු නුපුරුදු ලෙන්ගතුව මේ කිම්ද කියලා තේරුනා....කව්රුකව්රුත් බලා ඉන්නේ වැටෙනතුරු අපි පුනපුනා.. ජෝන් උන්නැහේ ඉන්න පාඩුවේ කරන්නෙමු අප අපේ රට යහ පාලනා.......(බ)
මොකද අප්පා මේ හිටිගමන් ආදර කැක්කුමක් ලේ නෑකමක් ඇවිත්. නායක හාමුදුරුවන් වෙනුවෙන් ශෝකය,අලුත් අවුරුද්දට ශුභ පැතුම්.ළගදීම ගමේ කොටහළු ගෙවල්වලටත් කැවුම් කොකිස් කදක් අරගෙන සුදු මහත්තුරු ගේ දොරකඩ හිටියොත් පුදුමයක් වෙන්නේ නෑ. දැන් ඉතින් අපි ඔක්කොම එක ලේ නෑදෑයෝ නොවැ.අපි දැන් ඇමරිකන් අප්පගෙයි ඉන්දියන් අම්මගෙයි දරුවෝ නොවැ.අනේ සාදු! (බ)
අනේ නාමල්, මමත් නම් ඔය රටට අල්ලපු රටේ කාලයක් තිස්සේ ඉඳලා තියෙනවා.ඔයාලට ලැබෙන තොරතුරුම වගේ අපටත් ලැබුණා. හැබැයි ඔය කියන තරමේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක්වත් මානව නිදහසක්වත් එයාලගේ අතීතයේ වත් වර්තමානයේවත් ඇති බවක් මටනම් පෙනෙන්නේ නැහැ. ඔයා හිතන්නේ අනාගතයේදී හරි එහෙම දේවල් තියෙන උටෝපියාවක් නැතිනම් කේතුමතියක් එරටේ පහළ වේවිය කියලාද? (බ)
අනේ නාමල්, ඔයාට මසැසේ නෙවෙයි මනසේ දෝෂයක් නැතිනම් ඇමෙරිකාවේ ජීවත් වෙනවත් වෙලා ඇමරිකාව කළුම කළුම කළු රටක් බව නොපෙනෙන්නේ මන්ද? එය සුදු යයි ඔයා සිතන්නේ හමින් සුදු අය බහුතරයක් වුණු නිසාද? (බ)
අනේ අනේ නාමල්, ලංකාව ගමනක් යන්න ඕන අපේ රට රැවටිලිකාර ගිවිසුමකින් පවරාගෙන සූරාගෙන කාපු යටත් විජිත සමයේ අපේ රටේ විරුවන්ව සේම නොදරුවන්වත් නිර්දය ලෙස මරාදාපු එමෙන්ම සිතා මතාම අපේ රටට එරෙහිව යොදවා ගනු පිණිස දෙමළ ජාතිවාදය ඇති කොට එය පෝෂණය කරන අදටත් අපට වින කටින බ්‍රිතාන්‍යයත් ඔවුන්ට උඩ ගෙඩි දෙන යුරෝපයත් බ්‍රිතාන්‍යයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන ඇමරිකාවත් සමග මිස දුකේදී අපේ පිහිටට එන රුසියාව, චීනය වගේ රටවල් සමග නොවෙයි ? අනේ කාලේ වනේ වාසේ කිව්වලු! (බ)
ඇමෙරිකාවේ හක්කේ බුදු රැසුයි බොක්කේ දඩ මසුයි විතරක් නොවෙයි සියොලඟෙහිම අහිංසකයන්ගෙන් වැගිරුණු මිනිස් ලේ! (බ)
කෝකටත් මේ අමුතු කරුණාවෙන් ප්‍රවේශම් වෙමු සොපි. පවනියි ඉන්දිකයි කියන්න වගේ කෙල්ල ගෙට අරන් පරිස්සම් කර නොගත්තොත් මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ! (බ)
හරියට හරි රමණි සොයිසා , එයාලගේ රටේ ආදී වාසින්ටයි කළු ජාතිකයන්ටයි මානව අයිතිවාසිකම් වෙනුවට හිතුමතේට වෙඩි ප්‍රහාර දෙන ගමන් අපට වැදී බණ දෙසන්න එනවා. (බ)
අර කළු ඇමරිකානුවන්ට පිටි පස්සට වෙඩි තියන සාධාරත්වයක්ද ලංකාවටත් පතන්නේ ? (බ)
ඔන්න මාමේ කෙල්ල ගෙට ගනින් කිව්වා. (බ)
ලංකාවේ සමහරු ඇමරිකාව කලුද සුදුද නොදන ඔහේ මෙතන කෑගහනවා. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදීම රටක්. මම මේ රටේ දැන් අවුරුදු ගානක සිට ඉන්නවා. මානව නිදහස ඕනෑවටත් වඩා. ලංකාවේ මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදී ඇමරිකාවට බනින හැටි විහිලුසහගතයි. ලංකාව ගමනක් යන්න ඕනෑ ඇමරිකාව, බ්‍රිතාන්‍ය, යුරෝපය, ඉන්දියාව වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එක්ක මිස රුසියාව, චීනය වගේ ඒකාධිපති රටවල් එක්ක නෙමේ (නි)
ඇමරිකාවේ හක්කේ බුදුරැස්, බොක්කේ දඩමස්. (නි)
මට කියන්න හිතෙන දේ මෙතන ලියන්න බැහැ (නි)
මෙතුවක් කල් නොතිබුන ආදර කරුණාවක් දැන් දැන් පහල වෙන්නේ මොකද මන්දා..? (ම)
ඉන්දියාවත් හරි සතුටෙන් ඉන්නේ. (නදී)
මෙයාලා මොකටද අපිට සුබ පතන්නේ? රට කාලා දැම්මා (නි)
ප්‍රනාන්දු හක්කේ බුදු රැස්. බොක්කේ දඩමස් කියන්නේ ඕවට තමයි. පපුවට අත තියාගෙන රට ගැන කතා කරනකොට. කොහොමද ? ඔයාලගේ ඔලුව අතගාල තමයි ටොක්ක ඇන්නේ. (නදී)
අමුතු ජාතියේ සුබ පැතුමක් එයාල තමයි ලෝකෙම කන්නේ. ඒවා අහුලා ගන්න අයත් අපේ රටේ ඉන්නවානේ.(නදී)
එන පොට හොඳ නැතියෝ. කෙල්ල ගෙට ගනියෝ. (නදී)