(විමුක්ති එස් රුද්රිගු)
සාමකාමී විරෝධතාකරුවන්ට අද එල්ල වූ ප්රහාරය දැඩිව හෙළා දකින බව ශ්රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් මහත්මිය සඳහන් කරයි.
නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජුලී චන්ග් මහත්මිය එසේ පවසයි.
"සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්රහාරය දැඩිව හෙළා දකින අතර මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස රජයෙන් අප ඉල්ලා සිටී. ප්රචණ්ඩකාරී ක්රියාවන් හි නිරත වූ සියලුම පාර්ශව අත් අඩංගුවට ගෙන දඬුවම් ලබා දිය යුතුය.
සියලු ශ්රී ලාංකිකයන්ගෙන් සාමකාමීව සහ සංයමයෙන් සිටින ලෙස අප ඉල්ලා සිටින්නෙමු"යැයි පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එරට පුරවැසියන් තාම පිටිපස්සේ ඉන්නේ. වහාම ඔවුන්ගේ පුරවැසි භාවය ඉවත් කරන්න. යන එන මං නැති වුණාම මෙහෙ පාඩුවේ ඉන්න බලයි.
විරෝධතාකරුවන්ට ජනතාව අපහසුතාවට පත්නොකර මහාමාර්ග අවහිර නොකර විරෝධතාවයන් කරන්න කියලා කිව්වොත් නේද වැදගත්..?
එතකොට ඇමරිකාව යූක්රේන් රජයට කෝටි ගාණක ආයුධ දුන්නේ රුසියාවට ෆ්ලවර් රේන් (මල්වැස්සක්) කරන්නද..?
පුළුවන් නම් රාජපක්ෂ පවුල ඇමෙරිකාවේ එකතු කරපු දේපල සහ මුදල් තහනම් කර අපට ලබාදෙන්න වැඩපිළිවෙළක් සකස් කරනවානම් ඉතා වටිනවා.