තම පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමැරිකාවට යෑම සඳහා වීසා ඉල්ලා දෙසතියක් ගත වී ඇතත් වීසා නොලැබුණු බව ඔහුගේ පක්ෂ කාර්යාලයය කියයි.
ෆීල්ඩ් මාෂල් පදවියට පත්වීමත් සමඟ ඔහුට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමිවී ඇතැයි දැනගන්නට ඇත.
ෆොන්සේකාගේ ඇමෙරිකාවේ ග්‍රීන් කාඩ්පත අවලංගුවී ඇතැයි ද, ඊට හේතුව එහි කොන්දේසි කඩවීමයැයි ද දැනගන්නට ඇත.
ග්‍රීන් කාඩ් හිමියකු දින 180කට වරක් ඇමරිකාවේ සිටිය යුතුවෙයි.
ෆොන්සේකා අතින් එම කොන්දේසිය කඩවී ඇති බව පිළිගනී.
ඔහු කියනුයේ දෙමාසයකට පෙර ග්‍රීන්කාඩ්පත යළි ඉල්ලූ බවයි.
හමුදාවේ සිටි අයකුට හෝ හමුදාපතිවරයකුට හෝ ඇමෙරිකා වීසා ලබා ගැනීමේ දී ප්‍රශ්න ගණනාවකට මුහුණ පෑමට සිදුවේ.
මානව හිමිකම් කඩවී ඇත්ද, යුද අපරාධ සිදුවී ඇත්ද යන්න ඇමරිකාව දැන් තදින්ම සොයා බලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ග්‍රීන් කාඩ් වලට ඉල්ලුම් කළා මිට අවුරුදු හතර පහකට උඩදී. මුදලිනුත් තැන්පත් කළා .නමුත් ටික කාලයක් ඉ මේල් මගින් ගනුදෙනු කළා. ඒ සම්බන්ධව. ඊටපස්සේ මොනා වුණාද කියල දන්නේ නැහැ.(ම)
පුදුම ආසාවක් නේ තියෙන්නේ ග්‍රීන් කාඩ් එකට. (ර)
මහී,නොදන්නා දේවල් කතාකරන්න එපා. ඇමරිකාව කියන්නේ ලෝකයේ ඉහළින්ම මානව හිමිකම් වලට ගරුකරන රටක් (නි)
ඇමෙරිකන් කාරයින්ගේ මානව හිමිකම් ගැන සොයා බැලුවොත්, එයාලගේ කාටවත් අනෙක් රටවලට යන්න බැහැ (බ)
අනේ කොහොම හරි විසා ගන්න. ඔබට ජය. (ර)
ඉවසලා ඉන්නකෝ. ඔබට සාධාරණය ඉෂ්ටවේවි (නි)
ඇයි කට්ටිය සරත් ෆොන්සේකා ඇමෙරිකාවේ පුරවසියෙක් කීවා නේද.? (ර)
ඔබතුමාට සුබ ගමන්! (නි)
ඔබතුමාට වීසා ලැබෙයි. අපි බලමුකෝ පොඩ්ඩක් (නි)
මෙතුමා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් තිබේද? (නි)
රට වෙනුවෙන් කෑගසන දේශපාලනය කරන බහුතරයක් අද කාලයේ ද්විත්ව පුරවැසියන් හෝ වෙනත් රටක ස්ථිර වාසය සඳහා වීසා තිබෙන අය. (නි)
ෆිඊල්ඩ් මාර්ෂල්තුමා, ඔබේ ගමනට අපේ සුබ පැතුම්! (නි)
අන්තිමට අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැතිවෙයිද කියලයි මට බය (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)