(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවට බලපෑ හිම කුණාටුව හේතුවෙන් සති අන්තයේදී අවම වශයෙන් 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හිම කුණාටුව හේතුවෙන් මිලියන 1.5 කට විදුලිය නැති වී ඇති බවත් ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කර ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.
හිම කුණාටුව ටෙක්සාස් සිට කැනඩාවේ කිව්බ් නගරය දක්වා කිලෝ මීටර 3200 ක් පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මොන්ටෑනා ප්‍රාන්තයේ එල්ක් පාර්ක් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘන 45 ක් දක්වා පහත වැටුණු බවත් පෙන්සිල්වේනියා සහ මිචිගන් ප්‍රාන්ත වලට දැඩි හිම පතනයක් බලාපොරොත්තු වන බවත් ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ.
නිව්යෝර්ක් සහ බෆලෝ නගරවලට අඟල් 35 ක පමණ හිම පතනයක් සිදු වේ යැයි බලාපොරොත්තු වන බවත් බලධාරීන් පෙන්වා දී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd