ඇමෙරිකා  රාජ්‍ය දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඉන්දීය සම්භවයකින් යුතු අතුල් කාශ්‍යප් මහතා ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකා තානාපති ලෙස පත් කර ඇත.

ඔහු ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම්වරයා ය.

1994 දී ඇමෙරිකා විදේශ සේවයට ආ අතුල් කාශ්‍යප් මහතා ඇමෙරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් යටතේ මැද පෙරදිග, උතුරු අප්‍රිකාව හා දකුණු ආසියාව සඳහා විශේෂ සහකාර ධූරයේ කටයුතු කර තිබේ.

2005 සිට 2008 තෙක් ඉන්දියාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරියෙකු වශයෙන් ද සේවය කළේය.