ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. ඇමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් මහතා ඉදිරියේ ට්‍රම්ප් මහතා දිවුරුම් දුන්නේය.
වොෂින්ටන් අගනුවර කැපිටල්හිල් ගොඩනැගිල්ල ඉදිරියට දිවුරුම්දීමේ උත්සවය පැවැත්විණ. ට්‍රම්ප් මහතාගේ දිවුරුම්දීම දැක ගැනීමට ලක්ෂ 9 ක පිරිසක් පැමිණ සිටියහ.
ට්‍රම්ප් මහතා දිවුරුම්දීමට පෙර උප ජනාධිපති ලෙස මයික් පෙන්ස් මහතා දිවුරුම් දුන්නේය. ට්‍රම්ප් මහතාගේ සහ මෙලානියා ට්‍රම්ප් මහත්මියගේ පුතු බැරන් ට්‍රම්ප්, නව ජනාධිපතිවරයාගේ පළමු කසාදයේ දියණිය ඉවන්කා ඇතුළු ට්‍රම්ප්ගේ පවුලේ සාමාජිකයෝ සැවොම දිවුරුම්දීමේ උත්සවයට පැමිණ සිටියහ.
විශේෂ ආරාධිතයන් ලෙස ඇමෙරිකාවේ හිටපු ජනපතිවරුවන් වන ජිමී කාටර්, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ බිල් ක්ලින්ටන් යන මහත්වරු ඔවුන්ගේ බිරින්දෑවරු සමඟ පැමිණ සිටියහ. හිටපු ජනපති බිල් ක්ලින්ටන් මහතාගේ බිරිය හිලරි ක්ලින්ටන් මහත්මිය වෙනුවෙන් ට්‍රම්ප් මහතා විශේෂ ආරාධනාවක් යවා තිබුණු බව ද වාර්තා විය.
හිලරි ක්ලිටන් මහත්මිය පසුගිය ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් මහතාගේ ප්‍රතිවාදිනිය වූවාය.
(ඒ.එෆ්.පී./රොයිටර්)
ට්‍රම්ප් මහතා දිවුරුම්දීමට පෙර උප ජනාධිපති ලෙස මයික් පෙන්ස් මහතා දිවුරුම් දුන්නේය. ට්‍රම්ප් මහතාගේ සහ මෙලානියා ට්‍රම්ප් මහත්මියගේ පුතු බැරන් ට්‍රම්ප්, නව ජනාධිපතිවරයාගේ පළමු කසාදයේ දියණිය ඉවන්කා ඇතුළු ට්‍රම්ප්ගේ පවුලේ සාමාජිකයෝ සැවොම දිවුරුම්දීමේ උත්සවයට පැමිණ සිටියහ.
විශේෂ ආරාධිතයන් ලෙස ඇමෙරිකාවේ හිටපු ජනපතිවරුවන් වන ජිමී කාටර්, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ බිල් ක්ලින්ටන් යන මහත්වරු ඔවුන්ගේ බිරින්දෑවරු සමඟ පැමිණ සිටියහ. හිටපු ජනපති බිල් ක්ලින්ටන් මහතාගේ බිරිය හිලරි ක්ලින්ටන් මහත්මිය වෙනුවෙන් ට්‍රම්ප් මහතා විශේෂ ආරාධනාවක් යවා තිබුණු බව ද වාර්තා විය.
හිලරි ක්ලිටන් මහත්මිය පසුගිය ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් මහතාගේ ප්‍රතිවාදිනිය වූවාය.
(ඒ.එෆ්.පී./රොයිටර්)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් ඔහුට කැමතියි (නි)
මොනවා වුණත් ඒ මනුස්සයා රටට වැඩක් කළාලු. එහෙමද? අනේ පව් නේද? (නි)
ඇමරිකාව නැවතත් ඇමරිකාව කරන්න ගන්න උත්සාහය ගැන මම පුද්ගලිකව ඔබතුමාට ස්තූති කරනවා. ඇමරිකාවේ නිෂ්පාදන නැවත ඇමරිකාවේම කරන්න. අනික් රටවල දේශපාලනයට ඔබලා අත නොගසන බවට ඔබ දුන් පොරොන්දුව ඉටුකරාවි කියා මම විශ්වාස කරනවා. (නි)
මෙහෙම දිව්රලාද ජෝර්ජ් බුෂ් ඉරාකය හා ඇෆ්ඝනිස්තානය අවුල් ජාලාවක් කළේ. ට්‍රම්ප් ඒ වගේ වැඩ නොකරයි කියා හිතනවා. (නි)
බලන්න කොච්චර ලස්සනට බලය බාර දුන්නද කියලා. අපේ වගේ ජනෙල් වල එල්ලිලා ලොකු කතා දෙන්න ගියේ නැහැ (නි)
චිරං ජයතු! (නි)
අපි ඔබ ගැන මහත් බලාපොරොත්තු තබාගෙන සිටිමු (නි)
මෙතුමා ඇමෙරිකාවට පමණක් නොවෙයි ලෝකයටම සාධාරණය ඉෂ්ට කරන ජනාධිපතිවරයෙක් වනවා නොඅනුමානයි. "නව ජනාධිපතිතුමනි, ලෝකයට පිළිලයක් වූ ත්‍රස්තවාදය ලෝකයෙන් තුරන් කර, සාමය පැතිරවීමට කටයුතු කරනු මැනවි". (නි)
ඔබට ජයෙන් ජය! (නි)
ජගත් ලියනගේ, මොනවා වුණත් ඒ මනුස්සයා රටට වැඩක් කළා. (නි)
ඔබට ජය! (නි)
ඉදිරියටම යන්න වාසනා වේවා! (නි)
ජනතාව රටක නායකයෙක් පත්කරන්නේ වැඩක් කරන්න. අලුතින් පත්වෙන එක්කෙනා හොඳ වෙයිද නරක් වෙයිද කියලා කාටවත් කියන්න බැහැ. නමුත් කාලය අවසන් වුණාම හෝ පැරදුණම ගෞරවාන්විතව බලය පවරන්න ඕනෑ නේද. ඒකයි පේදුරු මම කිව්වේ. අපේ රටේ කිසිම නායකයෙක් එහෙම කරනවා මම දැකලා නැහැ (නි)
සුබ පැතුම් අපෙනුත්! (නි)
අනේ! මහත්තයෝ, ජනේල වල නම් එල්ලෙන්න එපෝ....! (නි)
හොරකම් කරලා රටට වැඩක් කරලා වැඩක් තියෙනවද? (නි)
පුද්ගල වෙනසක් විතරයි. ඇමරිකාව සුපුරුදු පීල්ලේම යාවි. (නි)
මම ඔහුගේ මුළු කතාවටම සවන් දුන්නා. ඔහු වැඩි අවධානයක් යොමු කළේ, අනුන්ගේ රටවල ප්‍රශ්න වලට ඇඟිලි ගහනවට වඩා තම ඇමෙරිකානු ජනතාවගේ ප්‍රශ්න වලට ප්‍රමුඛත්වය දී ඔවුන්ගේ ජීවන රටාව නඟාසිටුවන වැඩපිළිවෙලක් ගැනයි. (නි)
ලෝක ත්රස්තවාදයට එරෙහිව කටයුතු කරන්න. (නි)
ට්‍රම්ප් මහතා ජනාධිපතිවරණයට කලින් කිව්වා සේම එතුමා ඇමරිකාවට පමණක් ජනාධිපති වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මුළු ලෝකය පාලනයට යොමු නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු. එවිට ශ්‍රී ලංකාවට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව හිමිවෙනු ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ශ්‍රී ලාංකික අපෙන් සුභපැතුම්...!!! (නි)
ජෝජ් බුෂ් තමන්ගේ යකඩ දෑත්වල බලෙන් ඉරාකයේ නැති රසායනික අවි, මාධ්‍යයද යොදාගෙන ලෝකෙට පෙන්නලා ලක්ෂ ගානක් මිනිස්සු මැරුවා. තාමත් ඒ රටේ ගිනි ඇවිළෙනවා. හැබැයි ට්‍රම්ප්ගේ ජාතිවාදී ප්‍රතිපත්ති නිසා, ඊශ්‍රාලය ඇරෙන්න ලෝකයේ ගොඩක් සෙසු රටවල් වලට ඊටත් වඩා අසාධාරණයක් වෙයි කියලා ලෝකේ බොහොමයක් විද්වතුන් අනතුරු අඟවනවා. (නි)
ඒ අැමරිකාවෙනේ! මෙහෙ අය පෙනී පෙනීත් පැරදුනා කියලා පිළිගන්න කැමති නැහැ. (නි)
බරැක් ඔබාමා සමග නැගිටිමු....!!!!! (නි)
ජගත් ලියනගේ, ට්‍රම්ප් ආප්ප කාලා පැනලා ආවෙත් නැහැ. එක එක්කෙනාගේ වලිග වල එල්ලිලා ආවෙත් නැහැ. (නි)
පොඩ්ඩක් අවදානයෙන් ඉමු. තමන්ගේ රටට සහ ජාතියට මෙන්ම ජාත්ත්යන්තරයටද මෙයාගේ වැටෙන හෙවණැල්ලේ ස්වභාවය කොහොමද කියලා මුලින් බලලා තමා මතයක්, අදහසක් හෝ විවේචනයක් කළයුත්තේ. එතෙක් දැහැනකට සමවැදී සිටීම යුක්තිගෝචර වේවි. (නි)