( තිළිණි ද සිල්වා )
දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු වැඩබලන සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය නිල සංචාරයක් සදහා මේ සති අන්තයේදී දිවයිනට පැමිණිමට නියමිතය.
පසුගිය 06 වනදා සිට ආරම්භ වූ දින 11ක සිය කලාපීය සංචාරය අතරතුර ඇය ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
අමෙරිකානු සහකාර ලේකම්වරිය මේ වන විට පාකිස්ථානයේ සංචාරය ආරම්භ කර ඇති අතර ඉන්පසු ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සංචාරය කිරිමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකා සංචාරය තුළදී රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්විමට ද ඇලිස් වෙල්ස් මහත්මිය සැලසුම් කර ඇති බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිස්සමෙන් දොර අරින්න.
ලෝකේ වටේ ඇගිලි ගහනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ වගේ. යුධ ආයුධ විකිනෙනවා අඩු ඇති. කොහොම හරි කරලා රටක් අස්ථාවර කරන්න බලනවා ඇරෙන්න වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ආයුධ විකුනුනේ නැත්නම් ඇමරිකාවටත් විදේශ විනිමය හොයා ගන්න විදියක් නැහැ. එකයි තිත්ත ඇත්ත.
අපේ ආරක්ෂාව අපිම සලසාගත යුතුයි. සහරාන්ලා වගේ කල්ලි මර්දනය කරන්න ඇමරිකාවෙන් අපට මහාපරිමාණ නෞකා, ප්‍රහාරක ගුවන්යානා හෝ මල්ටි බැරල්, රොකට් ලෝන්චර්වත් අපට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා සල්ලි දීලා ඇමරිකාවෙන් ගත්තත් යුද්ධයකදී ඔවුන් ඒවාට අවශ්‍ය අමතර කොටස් සහ පතරොම් වැනිදේ සපයන්නේ නැතුව සම්බාධක පනවනවා. එම නිසා හොඳමදෙය යුද උපකරණ රුසියාවෙන් සහ චීනෙන් ලබාගන්න එක... ලංකාවට අවශ්‍ය දක්ෂ ආරක්ෂක ලේකම් කෙනෙකු සහ කොන්ද කෙලින් තියන් තීරණ ගන්න ආරක්ෂක ඇමතිවරයෙක් පමණි. ත්‍රස්ත කල්ලි මර්ධනයට අවශ්‍ය කරන අවි සහ පුහුණු හමුදාවක් අපට තිබේ.