වසර 18ක ගැටුම් අවසන් කරමින් ගිවිසුමකට පැමිණීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීන් සහ තලේබාන් සංවිධානයේ සාමාජිකයන් අතර එකඟතාවක් ඇති වී ඇතැයි සාකච්ඡාවලට සම්බන්ධ වී සිටින ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරියෙක් පැවැසීය.
දින අටක් මුළුල්ලේ පැවැති සාකච්ඡා අවසානයේදී දෙපාර්ශවය අතර මෙම එකඟතාව ඇති වී තිබේ. කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී මෙම සාකච්ඡා පැවැති අතර දෙරට අතර ගිවිසුමකට අත්සන් තැබුණහොත් ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් නික්මෙනු ඇතැයි පැවසේ.
මේ වනවිට ඇමෙරිකානු සෙබළු 13,000ක් ඇෆ්ගනිස්තානයේ රැඳි සිටිති. ඔවුන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට ඇමෙරිකාව එකඟත්වය පළකර තිබෙන අතර ඒ වෙනුවෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් දීමට තලේබාන් සංවිධානය එකඟතාව පළ කර තිබේ.
“අපි ගිවිසුමට අත්සන් කරන්න ඔන්න මෙන්න ඉන්නේ. ගිවිසුම අත්සන් කළාම ප්රචණ්ඩත්වය අඩුවේවි. ඒ වගේම තිරසර සහ ගෞරවාන්විත සාමයක් උදෙසා සාකච්ඡා කිරීමට ඇෆ්ගනිස්තානයට අවස්ථාව උදා වේවි” යැයි ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පත්කර සිටින ඇමෙරිකාවේ විශේෂ නියෝජිත සල්මේ කලීල්සාද් පැවැසීය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් ඇෆ්ගනිස්තානයට යන බව ද හෙතෙම කීවේය. ඇෆ්ගනිස්තානයේ දී සල්මේ කලීල්සාද් එරට නායකයන් සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කරනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා කීය.
2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව ඇමෙරිකානු හමුදා මුල් වරට ඇෆ්ගනිස්තානයට යවන ලදී. අල්කයිඩා සංවිධානය එම ප්‍රහාර එල්ල කළ අතර තලේබාන් සංවිධානයේ සහාය හිමිවුණු බව ද පැවසිනි. අල්කයිඩා සංවිධානයේ හිටපු නායකයා වූ ඔසාමා බින් ලාඩන් තලේබාන් සංවිධානයේ සහාය ඇතිව ඇෆ්ගනිස්තානයේ සැඟවී සිටි බව ද පැවැසුණි.
ඇෆ්ගනිස්තානය තුළ කෙරෙන ඇමෙරිකානු හමුදා මැදිහත්වීම් අවසන් කිරීමට ඇමෙරිකානු රජයට වුවමනා වී තිබේ. ඇමෙරිකානු හමුදා මෙතරම් දීර්ඝකාලයක් මුළුල්ලේ රැඳී සිටින එකම විදේශය වන්නේ ද ඇෆ්ගනිස්තානයයි.
ඇමෙරිකානු නිලධාරීන් සහ තලේබාන් සංවිධානයේ සාමාජිකයන් අතර සාකච්ඡා ආරම්භ වූයේ 2018 වසරේදීය.
සැප්තැම්බර් 1 වැනිදාට ප්‍රථම ගිවිසුම සකසා අවසන් වනු ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවසීය. ඇෆ්ගන් මැතිවරණය මේ මස අගදී පැවැත්වීමට නියමිත අතර ඇමෙරිකානු ජනාධිපතිවරණය ලබන වසරේ දී පැවැත්වීමට නියමිතය. ඒ සියල්ලට කලින් මෙම ගිවිසුම් සකසා අවසන් කිරීමට දෙපාර්ශවය බලාපොරොත්තු වන බව පැවසේ.
“ගිවිසුම සකසා අවසන් කිරීමට නියමත” යැයි දෝහා නුවර සිටින තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සුහයිල් ෂහීන් කීවේය.
ඇමෙරිකාව සිය හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගැනීමත් තලේබාන් සංවිධානය ආරක්ෂාව සහ ඇෆ්ගනිස්තානය ජිහාද්වාදීන්ගේ ආරක්ෂිත නිවහනක් ලෙස භාවිත නොකිරීම තහවුරු කිරීම යන කරුණු කෙරෙහි ගිවිසුමෙන් වැඩි ප්‍රමුඛත්වය දෙන බව කියැවේ.
එමෙන්ම ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතර සාකච්ඡා මෙන්ම දෙපාර්ශවය අතර සටන් විරාම ගිවිසුමකට අත්සන් කිරීම සම්බන්ධයෙන් එහිදි අවධානය යොමුවනු ඇත.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතෙන්ම කියනවා නම් ඇෆ්ගන් එක්ක කෙළගෙන පාඩු වුනේ ඇමෙරිකාවටයි. ඔවුන් හිතුවා වගෙයි. ලේසි වුණේ නැහැ... හම්බයිනුත් එක්ක කෙල ගන්න එකට. මෙම යුද්ධයෙන් පාඩු වුණේ ඇමරිකාවට. තව කෙල ගත්තොත් ඔවුන්ගේ ආර්ථිකයත් කඩන් වැටෙනවා...
බල්ලෝ හැදුවා, හුරතලේටද? හරියට සාත්තු කෙරුවේ නැහැ. ඔවුන් ගැන සැලකිලිමත් වුනේ නැහැ. ජලභීතිකා රෝගය හැදුනා. හපාගෙන හපාගෙන යනකොට තමා දැනුනේ උන්ගෙන් සමහරකුට පිස්සු කියලා. ඔය ඔක්කොම වෙනකන් හිතුවේ මට බල්ලන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා කියලා. හැබැයි බල්ලෝ ගෙදර උදවිය හපන්න ගන්නකොට තමා දැනුනේ උන්ගේ තරම. දැන් හිතනවා උන්ව හිලෑ කරගන්න. අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් // මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්...
ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව ත්රස්තවාදීන් සමග එකඟතා සිදුකළ නොහැක.
ඇමරිකාව ඇෆ්ගනිස්තානයේ ගන්න තියෙන තෙල් සහ රන් සහ අනෙකුත් වටිනා ලෝහමය දේවල් ඔක්කොම ඇමරිකාවට පටවා අවසන්. ඒක තමයි තවත් ඔවුන්ට එහෙ ඉඳලා වැඩක් නැහැ.. ලංකාව තමයි ඊළඟ රට...
සටන් කරලා මැරෙන්න ඇමෙරිකන් සෙබළු සූදානම්. හැබැයි මරන් මැරෙන්න කැමැති නැහැ. නීතියක්, ආගමික නීතියක් නැහැ. ඒ නිසා තමයි ආපසු යන්න හදන්නේ.
තලේබාන්ලා බූරුවා පිට යමින් තමන්ගේ රට වෙනුවෙන් සටන් කරන්නේ තමන්ගේ සියලු දේ කැප කරමින්. ඔවුන් අනුන්ගේ රටවල් අල්ලන්න ගියේ නැහැ. රුසියාව අවුරුදු දහයකට අධික කාලයක් තලේබාන් සමග සටන් කළා. අන්තිමේ බැරිම තැන දාලා ගියා. මේ වෙලා තියෙන්නෙත් ඒ ටිකම තමයි. ඇමෙරිකාව ගිවිසුම් ගහගෙන අයින්වෙන්න හදන්නේ ලෝකය ඉදිරියේ වෙච්ච ලැජ්ජාව වහගන්න.