ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ශ්‍රී ලංකාවට එතියි විදේශ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කියයි.
විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඔහුට ඇරැයුම් කළේය.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ශ්‍රී ලංකාවට එතියි විදේශ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කියයි.
විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඔහුට ඇරැයුම් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු. අපි බලාගෙන ඉඳිමු මොකද වෙන්නේ කියලා. (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ආ! එන්න, එන්න... (නි)
කල දුටු කල වල ඉහ ගැනීම. අපේ අයට මේවා තේරෙන්නේ නෑ. අාපු ගමන් යන්නේ කොහෙද? යාපනේටද? ගාල්ලටද ? බලමු. (නදී)
ඇයි මේතරම් ඇමරිකන් විරෝධයක්? (නි)
කියයි උතුරෙන් හමුදාව අයින් කරගන්න. සම අයිතිය දෙන්න. වෙනම පාලන කලාපයක් දෙන්න. ඔන්න අපි ගියා එච්චරයි. (නදී)
දැන් තමයි බළල මල්ලෙන් එලියට පනින්නේ. (නදී)
කලබල වෙන්න දෙයක් නැහැ. ඔය එන්නේ ඇයි කියලා හිතාගන්න පුලුවන්. අපි නම් දැනගත්තා මෙහෙම වැඩ වෙන බව. (නි)
ලංකාවේ මිනිස්සු හැමදේම දෙස බලන්නේ වපර ඇසින් (නි)
ඔන්න! අර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන චෝදනා කරන කට්ටියකුත් ජංගම දුරකථන කනේ ගහගෙන ඇවිල්ලා "හායි " කියන්න පෝළිමේ. (නි)
ඇමෙරිකාව තමන්ට වාසියක් නැත්නම් මොන රටටද උදවු කළේ? (නි)
යහපත් විදේශ ප්‍රතිපත්ති තුලින් තමයි ජාත්‍යන්තරය ජයගත හැකි වෙන්නේ. ඔය කවුරු කොහොම උඩ පැන්නත් ඇත්ත ඒක (නදී)
චීන පස්සෙම විතරක් ගිහින් හරියන්නේ නැහැ තමයි (නි)
අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපි ඇමරිකාව, බ්‍රිතාන්‍ය ප්‍රමුඛ යුරෝපය, ඉන්දියාව, ජපානය වගේ ශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එක්ක තමා ඉදිරියට යන්න ඕනෑ. (නි)
උතුරෙන් හමුදාව අවම කළයුතුයි.සිවිල් ජනතාවගේ ඉඩම් අයිතිය ඔවුන්ට දියයුතුයි. (නි)
ඇයි ඇසළ, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සම අයිතියක් නැද්ද? (නි)
දැන්වත් ඉතින් ජිනීවා නාඩගම අවසන් වේ යැයි අපි සිතමු (නි)
දැන් අපි ඇමෙරිකාව සහ ඉන්දියාව සමග ඉදිරියට යමු (නදී)
මෙයාලට ආරාධනා කලාට කමක් නෑ, හැබැයි රටේ ගෞරවය රැකගෙන කොන්ද කෙලින් තියන් වැඩකරන්න වෙයි. ලංකාව ඇමෙරිකාවේ රූකඩයක් නොවිය යුතුයි. (නදී)
ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වෙයිද දන්නේ නෑ (නදී)
'ඇමෙරිකාව මොකක්ද මේකනේ රට" කියලා කිවුවේ නැත්නම් බලන්නකෝ. (නි)
හුළු අත්ත අරගෙන ඇවිල්ලා ඔක්කොම ගිනිතියලා යයි (නි)
ඇසල, සම අයිතිය දෙන්න ඕන ...දුන්නේ නැති නිසා තමයි යුද්ධ කලේ .(හේ)
ඇමරිකානු රාජ්‍ය ලේකම් කෙනෙක් ලංකාවට එනවා කියන්නේ, ලොකු වටිනාකමක් රටට. පසුගිය දශකයේ ලංකාවේ පැවති තත්වය උඩ කඩාවැටුන සම්බන්ධතා දියුණු කරගන්නට නව රජය යටතේ පුළුවන් (නි)
නියමයිනේ! (නි)
ටික ටික අපි ඇමරිකාව පැත්තට බරවෙනවා (නි)
ලංකාව කාගේවත් තනි බුදලය නොවනවග, ජනතාවට සේවය කිරීමට පැමිණ තිබෙන සියලුම දෙනා සිහිතබාගත යුතුය. (නි)
දැන්නම් අපේ ළඟම නෑදෑයො ඇමරිකන්කාරයොද කියලත් හිතෙනවා (නි)
ඇමරිකාවේ හැම හන්දියක් ගානේම මිනිස්සු හිඟාකනවා. දුප්පත්කම හැමතැනම. මෙයාලා පළමුවෙන් ඒ මිනිසුන්ට සළකන්න ඕනෑ (නි)
අපේ නෝනා කෙනෙක් ඇමෙරිකාවට හොර ගමන් බලපත්‍රයෙන් ගිය එක ගැන හොයන්න එනවා ඇති. ඒක ඇමෙරිකාවට තර්ජනයක්ද දන්නේ නැහැනේ! (නි)
විදේශිකයන් බලාගෙන හිටියේ අපේ රටේ නියම පාලනයක් එනකල් දැන් එයාලා එනවා අපි ඒවා වපර ඇසින් නොබලා සුබවාදීව බාරගන්න හිතන්න ඕනි (දිල්)
ඇවිල්ලා ඇස් දෙකම ඇරලා බලන්න කියන්න දැන් මොකද වෙලා තියෙන්නේ කියලා (නි)
ලංකාවේ මිනිසුන්ට මෙච්චර ලෙන්ගතුකමක්? බලමුකෝ! (නි)
මේ ගොල්ලෝ එන්නේ මොකද දන්නෙ නැහැ (නි)
මානව හිමිකම් සහ යුධ අපරාධ සම්බන්ධයෙන්ද කියලා අපි දැනගන්න කැමතියි (නි)
පුදුම වැඩක්නේ. අපේ අයට ද්විත්ව පුරවැසිකම් අරගෙන එහෙට මෙහෙට ගමන් කරමින් දේශපාලනය කරන්න හොඳයි. මේ මනුස්සයා රාජ්‍යතාන්ත්‍රික වැඩකට ආවහම නරකයි. පළමුව බලමු මොකටද එන්නේ කියලා. රටට අවැඩක් වෙනවා නම් හැමෝම එකට එකතුවෙමු. එච්චරයි. (නි)