IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘ඇමරිකා යෝජනාව ඔබ නැතුව ඔබ එක්ක වගේ‘

ජිනීවා සමුළුව හරහා අධිරාජ්‍යවාදීන් දැන් ලංකාවට දේශීය ලේබලය අලවා ‘දහතුන නැතිව දහතුන එක්ක‘ වගේ දෙයක් සිදුකිරීමට උත්සාහ කරන බව ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බෙංගමුවේ නාලක හිමියෝ කීහ.

‘මේ දිනවල තිරගත වෙනවා ‘ඔබ නැතුව ඔබ එක්ක‘ චිත්‍රපටය. අන්න ඒ වගේ තමයි මේ හයිබ්‍රිඩ් අධිකරණ සෙල්ලමත්. ඇමරිකන්කාරයෝ කරපු කපටි උගුලක්. ඒක අපේ නායකයින්ට තේරෙන්නේ නැති එකයි මෙතන ප්‍රශ්නේ‘ යැයි නාලක හිමියෝ පැවසූහ.

නාරාහේන්පිට අභයාරාමයේ පැවැති එම මාධ්‍ය හමුවට ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

guneabayarama_2015106



අදහස් (0)

‘ඇමරිකා යෝජනාව ඔබ නැතුව ඔබ එක්ක වගේ‘

සුරාජ් දෙහිවත්ත Tuesday, 06 October 2015 12:45 PM

දැන් මේ කතා කවුද අහන්නේ? (නි)

:       0       0

නිර්මල Wednesday, 07 October 2015 02:44 AM

වටිනා කතාවක්නේ කරලා තියෙන්නේ (නි)

:       0       0

නිවන්තක Wednesday, 07 October 2015 03:21 AM

දැන්නම් අපිට කතා අහලා ඇතිවෙලා (නි)

:       0       0

කැටවල Wednesday, 07 October 2015 03:26 AM

නියම උදාහරණයක්නේ! (නි)

:       0       0

නිල්මිණි Wednesday, 07 October 2015 03:27 AM

සියලු සංඝයා වහන්සේලා එකමුතුව රට වෙනුවෙන් නැඟී සිටින්න කාලයයි මේ (නි)

:       0       0

ගෞරියෙල් Tuesday, 06 October 2015 01:17 PM

අද සමාජීය පිරිහීම නිසා හොඳ නරක කියන දේ හැමෝටම අමතකවෙලා (නි)

:       0       0

ඉමේෂ් Tuesday, 06 October 2015 07:58 AM

කාලෙකට පස්සේ අභයාරාමයේ අළුත් වැඩක්.... (නි)

:       0       0

රොෂාන් Tuesday, 06 October 2015 08:05 AM

සමහරුන්ට නම් කමක් නැහැ රටට මොනවා වුණත් (නි)

:       0       0

රෝයි Tuesday, 06 October 2015 02:47 PM

වසන්ත, නිමල් ලාලිත, ඔබ දෙදෙනා හරියටම හරි (නි)

:       0       0

අජිත් Tuesday, 06 October 2015 08:13 AM

නියම කතාව! (නි)

:       0       0

අතුල Tuesday, 06 October 2015 08:38 AM

හැම දේම තේරෙන්නේ මෙයාලට විතරයි. හැබැයි මහින්ද කරපු කිසිදෙයක් තේරුනේ නැත්තෙත් මෙයාලට විතරයි. (බ)

:       0       0

ඩිලාන් Tuesday, 06 October 2015 08:39 AM

අභයාරාම සංදර්ශන අායෙත් පටන් අරන් ඔබ වහන්සේට ජනාධිපති උපදේශක කම නැතුව දැන් පාඩු ඇති නේද? (බ)

:       0       0

කපිල Tuesday, 06 October 2015 08:48 AM

ඔව් ඔව්,,,හරියට දැන් වෙලා තියෙන" බණ නැතුව සාදු එක්ව " වගේ..මෙතන ඉන්න අය රස්සාවල් කරන්නෙ නෑද්ද...? එතකොට ඒ අයට ගෙවන්නෙ මොන එන්ජීඕ එකෙන්ද? (බ)

:       0       0

රසික Tuesday, 06 October 2015 08:57 AM

මෙයාලට වැඩකුත් තියෙන්න එපැයි (බ)

:       0       0

අරුණ Tuesday, 06 October 2015 09:06 AM

දැන් "වැඩිහිටියන්ට පමණක්වූ" චිත්‍රපටත් නරඹනවාද? මෙහෙම ගියොත් (අ)

:       0       0

විජිත් Tuesday, 06 October 2015 09:28 AM

අමරසේකර මහත්තයෝ....බොරුවට කෑගහන්න එපා.ඔබතුමා දක්ෂ දත් දොස්තර කෙනෙක් ඒ වාගේම දක්ෂ සාහිත්‍ය ධරයෙක්.ඒ ගැන විවාදයක් නැහැ.නමුත් ...දේශපාලනයෙන් නම් ඔබතුමන්ලා බින්දුවේ ඉන්නේ....13 ටත් වඩා එහාගිය 13 දෙනවා කියලා ඉන්දියාව ඉදිරියේ දණගහලා පොරොන්දුවුනේ කවුද...ඔබලාගේ පසුපස ඉන්න මැදමුලන චරිතයයි. (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 06 October 2015 04:48 PM

ඇමෙරිකාව ලංකාවට ලොකු සහයෝගයක් දක්වනවා (නි)

:       0       0

ජයතිලක Tuesday, 06 October 2015 05:35 PM

ඒ චිත්‍රපටිය පවුලේ සියළු දෙනාටම එකට සිට නරඹන්න පුළුවන් ආකාරයේ එකක්ද? (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Tuesday, 06 October 2015 09:50 AM

ඇත්තටම බටහිර රටවල් වලට ලංකාව එක්ක මහා ලොකු වෛරයක් නෑ. අපේ අය චීනයට මුක්කු ගහන්න ගිහිල්ලා නිකන් ලෙඩ දාගත්තා. අපි වගේ තුන්වන ලෝකයේ රටවල් ඇමෙරිකාව වගේ බලවතුන් එක්ක පරෙස්සමෙන් වැඩ කරන්න ඕනේ. ඇමෙරිකාව සමග ආරවුල් තිබුන ලෝකයේ ගොඩක් රටවල් දැන් ඇමෙරිකාව සමග හොඳ හිත ඇතිකරගෙන එයින් ඒ රටවල් වලට ලබාගත හැකි වාසි ගනිමින් සිටිනවා. ඒ අතරේ අපි බොරු උද්දච්චකමක් මවාගෙන කොන් වෙන්න හදනවා. මේ මානව හිමිකම් සැසියේදී ඒ මතවාද ලිහිල් වීම හරහා ඔවුන්ගේ දැඩි අවධානයෙන් මිදීමේ ක්‍රියා පිළිවෙතකට අපි යන්න ඕනේ. (බ)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Tuesday, 06 October 2015 07:48 PM

60 % ලංකාවේ ජිවත් වන්නේ අලි මි හරක් . (අ)

:       0       0

නිමල්ලාලිත Tuesday, 06 October 2015 10:54 AM

මුරුත්තෙටුවේ ආනන්ද හිමියන්, බෙන්ගමුවේ නාලක හිමියනි,කෘර ඝාතකයා විනාශ කිරීමට, අවැසි සැමදේ ලබාදී දේශපාලන නායකත්වය දුන් හිටපු ජනපති තුමා යුද්ධය දීමෙන් පසු ගිය මාර්ගයෙන් නියම මගට ගෙන ,රටේ සියලුම දෙනාටම එකම නීතියක් යටතේ සාමයෙන් ජිවත් වීමට සැලැස්වීමට පියවර ගැනීමට සැලැස්වූ වා නම් අද මෙවැනි දෙයක් සිදු වන්නේ නැත. යුද්දයේදී සිදු වියි කියන අපරාධ මිස කෘර දෙමළ ගාතකයා කළ අපරාධ ද ලෝක පොලිස් කාරයන්ට මෙන්ම මේ රටේ සිටින සමහරුනට ද අමතක වී ඇත. (බ)

:       0       0

බමුණු Tuesday, 06 October 2015 11:27 PM

ඇමරිකා යෝජනාව ඔබ නැතුව ඔබ එක්ක වගේ මම හිතුවේ හොරු සමග හෙළුවෙන් කියල. (අ)

:       0       0

බමුණු Tuesday, 06 October 2015 11:33 PM

අපි වගේ තුන්වන ලෝකයේ රටවල් ඇමෙරිකාව වගේ බලවතුන් එක්ක පරෙස්සමෙන් වැඩ කරන්න ඕනේ. ඔය කියන ඇමරිකාවත් චීනයට ට්‍රිලියන් 4 ණයයි . සැකනම් ඇමරිකානු නය ගැන අන්තර්ජාලයෙන් බලන්න. ඇමරිකාව බලවත් වෙලා තිබෙන්නේ ඩොලරය මුදල් ගනු දෙනු වල ප්‍රබලය වීම නිසා. (අ)

:       0       0

සාමා Wednesday, 07 October 2015 12:21 AM

පුළුවන් තරම පහුගිය රජය කරපු ජනතා ද්‍රෝහී දේවල් වලට පොහොර දාපු මේ අය දැන් ඉතින් බන වෙනුවට වැදී බන කියනවා වගේ අපිටනම් පෙනෙන්නේ. මුළු ලෝකෙම අපේ රට දිහා හරි විධියට බලන එක මේ අයට ඇස්වලට කටු අනින්නා වගේ. මෙයාලටත් ඕනේ රට අරාජික වෙලා තියෙනවා දකින්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 374 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site