ජිනීවා සමුළුව හරහා අධිරාජ්‍යවාදීන් දැන් ලංකාවට දේශීය ලේබලය අලවා ‘දහතුන නැතිව දහතුන එක්ක‘ වගේ දෙයක් සිදුකිරීමට උත්සාහ කරන බව ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බෙංගමුවේ නාලක හිමියෝ කීහ.
‘මේ දිනවල තිරගත වෙනවා ‘ඔබ නැතුව ඔබ එක්ක‘ චිත්‍රපටය. අන්න ඒ වගේ තමයි මේ හයිබ්‍රිඩ් අධිකරණ සෙල්ලමත්. ඇමරිකන්කාරයෝ කරපු කපටි උගුලක්. ඒක අපේ නායකයින්ට තේරෙන්නේ නැති එකයි මෙතන ප්‍රශ්නේ‘ යැයි නාලක හිමියෝ පැවසූහ.
නාරාහේන්පිට අභයාරාමයේ පැවැති එම මාධ්‍ය හමුවට ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ කතා කවුද අහන්නේ? (නි)
වටිනා කතාවක්නේ කරලා තියෙන්නේ (නි)
දැන්නම් අපිට කතා අහලා ඇතිවෙලා (නි)
නියම උදාහරණයක්නේ! (නි)
සියලු සංඝයා වහන්සේලා එකමුතුව රට වෙනුවෙන් නැඟී සිටින්න කාලයයි මේ (නි)
අද සමාජීය පිරිහීම නිසා හොඳ නරක කියන දේ හැමෝටම අමතකවෙලා (නි)
කාලෙකට පස්සේ අභයාරාමයේ අළුත් වැඩක්.... (නි)
සමහරුන්ට නම් කමක් නැහැ රටට මොනවා වුණත් (නි)
වසන්ත, නිමල් ලාලිත, ඔබ දෙදෙනා හරියටම හරි (නි)
නියම කතාව! (නි)
හැම දේම තේරෙන්නේ මෙයාලට විතරයි. හැබැයි මහින්ද කරපු කිසිදෙයක් තේරුනේ නැත්තෙත් මෙයාලට විතරයි. (බ)
අභයාරාම සංදර්ශන අායෙත් පටන් අරන් ඔබ වහන්සේට ජනාධිපති උපදේශක කම නැතුව දැන් පාඩු ඇති නේද? (බ)
ඔව් ඔව්,,,හරියට දැන් වෙලා තියෙන" බණ නැතුව සාදු එක්ව " වගේ..මෙතන ඉන්න අය රස්සාවල් කරන්නෙ නෑද්ද...? එතකොට ඒ අයට ගෙවන්නෙ මොන එන්ජීඕ එකෙන්ද? (බ)
මෙයාලට වැඩකුත් තියෙන්න එපැයි (බ)
දැන් "වැඩිහිටියන්ට පමණක්වූ" චිත්‍රපටත් නරඹනවාද? මෙහෙම ගියොත් (අ)
අමරසේකර මහත්තයෝ....බොරුවට කෑගහන්න එපා.ඔබතුමා දක්ෂ දත් දොස්තර කෙනෙක් ඒ වාගේම දක්ෂ සාහිත්‍ය ධරයෙක්.ඒ ගැන විවාදයක් නැහැ.නමුත් ...දේශපාලනයෙන් නම් ඔබතුමන්ලා බින්දුවේ ඉන්නේ....13 ටත් වඩා එහාගිය 13 දෙනවා කියලා ඉන්දියාව ඉදිරියේ දණගහලා පොරොන්දුවුනේ කවුද...ඔබලාගේ පසුපස ඉන්න මැදමුලන චරිතයයි. (බ)
ඇමෙරිකාව ලංකාවට ලොකු සහයෝගයක් දක්වනවා (නි)
ඒ චිත්‍රපටිය පවුලේ සියළු දෙනාටම එකට සිට නරඹන්න පුළුවන් ආකාරයේ එකක්ද? (නි)
ඇත්තටම බටහිර රටවල් වලට ලංකාව එක්ක මහා ලොකු වෛරයක් නෑ. අපේ අය චීනයට මුක්කු ගහන්න ගිහිල්ලා නිකන් ලෙඩ දාගත්තා. අපි වගේ තුන්වන ලෝකයේ රටවල් ඇමෙරිකාව වගේ බලවතුන් එක්ක පරෙස්සමෙන් වැඩ කරන්න ඕනේ. ඇමෙරිකාව සමග ආරවුල් තිබුන ලෝකයේ ගොඩක් රටවල් දැන් ඇමෙරිකාව සමග හොඳ හිත ඇතිකරගෙන එයින් ඒ රටවල් වලට ලබාගත හැකි වාසි ගනිමින් සිටිනවා. ඒ අතරේ අපි බොරු උද්දච්චකමක් මවාගෙන කොන් වෙන්න හදනවා. මේ මානව හිමිකම් සැසියේදී ඒ මතවාද ලිහිල් වීම හරහා ඔවුන්ගේ දැඩි අවධානයෙන් මිදීමේ ක්‍රියා පිළිවෙතකට අපි යන්න ඕනේ. (බ)
60 % ලංකාවේ ජිවත් වන්නේ අලි මි හරක් . (අ)
මුරුත්තෙටුවේ ආනන්ද හිමියන්, බෙන්ගමුවේ නාලක හිමියනි,කෘර ඝාතකයා විනාශ කිරීමට, අවැසි සැමදේ ලබාදී දේශපාලන නායකත්වය දුන් හිටපු ජනපති තුමා යුද්ධය දීමෙන් පසු ගිය මාර්ගයෙන් නියම මගට ගෙන ,රටේ සියලුම දෙනාටම එකම නීතියක් යටතේ සාමයෙන් ජිවත් වීමට සැලැස්වීමට පියවර ගැනීමට සැලැස්වූ වා නම් අද මෙවැනි දෙයක් සිදු වන්නේ නැත. යුද්දයේදී සිදු වියි කියන අපරාධ මිස කෘර දෙමළ ගාතකයා කළ අපරාධ ද ලෝක පොලිස් කාරයන්ට මෙන්ම මේ රටේ සිටින සමහරුනට ද අමතක වී ඇත. (බ)
ඇමරිකා යෝජනාව ඔබ නැතුව ඔබ එක්ක වගේ මම හිතුවේ හොරු සමග හෙළුවෙන් කියල. (අ)
අපි වගේ තුන්වන ලෝකයේ රටවල් ඇමෙරිකාව වගේ බලවතුන් එක්ක පරෙස්සමෙන් වැඩ කරන්න ඕනේ. ඔය කියන ඇමරිකාවත් චීනයට ට්‍රිලියන් 4 ණයයි . සැකනම් ඇමරිකානු නය ගැන අන්තර්ජාලයෙන් බලන්න. ඇමරිකාව බලවත් වෙලා තිබෙන්නේ ඩොලරය මුදල් ගනු දෙනු වල ප්‍රබලය වීම නිසා. (අ)
පුළුවන් තරම පහුගිය රජය කරපු ජනතා ද්‍රෝහී දේවල් වලට පොහොර දාපු මේ අය දැන් ඉතින් බන වෙනුවට වැදී බන කියනවා වගේ අපිටනම් පෙනෙන්නේ. මුළු ලෝකෙම අපේ රට දිහා හරි විධියට බලන එක මේ අයට ඇස්වලට කටු අනින්නා වගේ. මෙයාලටත් ඕනේ රට අරාජික වෙලා තියෙනවා දකින්න. (අ)