යුද්ධයේ අවසන් අදියරේදී සිදු වූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා රජය ගෙන යන දේශීය වැඩපිළිවෙළට සහාය දක්වමින් ඇමෙරිකාව ඉදිරිපත් කරන යෝජනාව බ්‍රහස්පතින්දා (24) ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී සභාගත කිරීමට නියමිත යැයි ජීනීවා තානාපති ආරංචි මාර්ග පවසයි.
ලංකාවට සහාය පළ කරන මෙම යෝජනාව ඇමෙරිකා‐ශ්‍රී ලංකා ඒකාබද්ධ යෝජනාවක් ලෙස ඉදිරිපත් කෙරෙනු ඇතැයිද වාර්තාවේ. එම යෝජනාවේ ‘දෙමුහුන්’ අධිකරණයක් ස්ථාපිත කිරීම ගැන කරුණු දක්වා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටීයි.
ශ්‍රී ලංකාවට සහය දෙන ඇමෙරිකා යෝජනාවේ කෙටුම්පත මේ වන විට මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 හමුවට ඉදිරිපත් කර ඇති අතර අදාළ යෝජනාවට රුසියාව, ඉන්දීයාව ,චීනය යන රටවල් ද සහාය දැක්වනු ඇතැයි වාර්තාවේ.
ජර්මන් විදේශ අමාත්‍ය ෆ‍්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මෙයර් මහතා මේ දිනවල මෙරට නිල සංචාරයකට පැමිණ සිටින අතර එලෙස ජර්මනියේ මැදිහත්වීම මත යුරෝපා සංගමයේ සෙසු සාමාජික රටවල්හි සහායද ,ශ්‍රී ලංකාවට සහාය දක්වමින් ඇමෙරිකාව ඉදිරිපත් කරන යෝජනාවට හිමිවනු ඇතැයි පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම යෝජනාව අනිවාර්යෙන් රටට සුබ දායි වේවි ! (අ)
හමුදාවේ අපරාද කල සුලු පිරිසක් ඉන්නවානම් දඬුවම් කල යුතුයි (අ)
දේශීය යාන්ත්‍රණයට දෙමුහුන් අධිකරණ කුමටද (අ)
නාමල් ඔබහට ලියන්න දේවල් ගොඩක් තියෙනවා ලියන්න අපහසු සදාචාරයක් අපට තියෙන නිසා (බ)
ගාමිනී මොනව ලියන්නද? ඔය ජායාරූප හා වීඩියෝ ශාක්ෂි අහුවෙලා තියෙන්නේ... කවුරුත් නීතියට උඩින් නෑ (අ)