කොළඹ කොටුවේ ලංකා බැංකු ගොඩනැගිල්ලේ සිට පැරෂුටයකින් පනිමින් සිටි ඇමරිකා ජාතිකයකු ගේ පැරෂුටය ජනාධිපති මාවතේ පොල් ගසක හිරවී තිබියදී කොළඹ ගිනි නිවන හමුදාව ඔහු බේරාගත්තේය.
ඔහුගේ පැරෂුටය මුලින් විදුලි කුළුනකද හිරවී ඇතැයි කියති.
මීට දින කිහිපයකට පෙර කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සිට පැරෂුටයකින් පනිමින් සිටි ඕස්ට්‍රේලියා ජාතිකයෙක් හිල්ටන් හෝටලයේ රථගාලට වැටී තුවාල ලැබීය.
ඇමරිකා ජාතිකයාට බාහිර තුවාල කිසිවක් නැතැයි දැනගන්නට ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස් වල පනින එවුන්ට බොහොම අපලයි ඔය දියවන්නාවේ ඉන්න ලොක්කොත් ඕක තේරුම් ගත්තොත් හොදයි ...(බ)
සංචාරකයන් කැමති අපේ රටට. ඔවුන්ට ඔවුන් කැමති විදිහට විනෝද වෙන්න අවස්ථාව දෙන්න උවමනායි. එවිට තමා අපේ රටට විදේශ විනිමය ලැබෙන්නෙ. ඔවුන්ගෙ සතුට සිරකිරීම මඟින් ඔවුන් පැමිණීම සීමාවෙනවා (නි)
මෙයාට පනින්න උපදෙස් දීල තියෙන්නේ මහා යුද උපදේශක බෙන්ගමුවේ පැරශුට් මහතා. (බ)
මේ අයව බේරාගන්නවට වඩා වෙන වැඩ නැද්ද කරන්න? සුද්දෝ නිසාද ඔය ඔක්කොම සැලකිලි. ඔය මිනිස්සුන්ව දඩයකට යටත් කළ යුතුයි මිනිසුන්ගේ ජන ජීවිතයට බාධා කිරීම නිසා. (බ)
ඇයි මේ වැඩේ තහනම් කරන්නෙ නැත්තෙ.....? කොළඹ නගරය මෙවැනි ක්‍රීඩා සඳහා සුදුසු විදිහට නිර්මාණය කර නැහැ. හැමතැනම විදුලි වයර්. මේවා සංවිධානය කරන ආයතන මේ ගැන විමසිලිමත් වන්නෙ නැත්තෙ ඇයි. ඔය උස ගොඩනැගිලි උඩට යන්න සාමාන්‍ය ජනතාවට බැහැ (නි)
මේ කරදරය නිසා පුදුම ට්‍රැෆික් එකක් තිබුනේ. වෙනත් රටවල එහෙම ඕවා කළා නම් දඩයකුත් ගහලා හිරේ දානවා. නැත්නම් ලොකු ගානක් නගර සභාවට ගෙවන්න වෙනවා කරන්න කලින්ම. (ම)
මේවට යන වියදම් කවුද දරන්නේ.(හේ)
මේවා සංදර්ශන.. එම නිසා මුදල් වියදම් වෙන්නේ නැහැ.සල්ලි වියදම් වෙන්නේ මංතීරු කඩන්නයි, සතියකට පස්සේ අයෙත් ඒවා හදන්න විතරයි. (බ)
සරත්, ඕනෑම රටක මිනිස්සුන්ගේ ජීවිත බේරා ගත්තට අපේ රටේ මිනිස්සුන්ට ඔය වගේ උදව්වට ගිනි නිවන හමුදාව යනවා මම දැකලා නැහැ.සුද්දොන්ට ඔයතරම් ඔලුව පාත් කරන්නේ ඇයි? අනික මේ වියදම් වෙන්නේ මහජන මුදල්. (හේ)
පෙරේරා මත්තයෝ ඕනෑම රටක ,හදිසි විපත්තියකදී මිනිසුන් ගේ ජීවිත බේරාගන්නවා.එතන ආර්ථික වටිනාකමකට වැඩිය මනුස්ස කමේ වටිනාකමක් තියෙනවා. හැම දෙයකටම සල්ලි ගාව ගන්න එපා (බ)
ඇමරිකාවේ වගේ මෙහේ පැරෂුට් එකේ යන්න අමාරුයි.(හේ)
මේක හිනාවෙලා අමතක කර දමන්න පුළුවන් දෙයක් නෙවේ.මෙයාල මේ අපේ රටේ අගනගරයක ඉදලා දාන සෙල්ලම මොනවද කියලා මහජනතාව විදිහට අපි මීට වැඩ විමසිලි වෙන්න ඕනේ.(හේ)
ඇමරිකාවේ රස්සා නැති නිසා ලංකාවට ඇවිත් පොල් කඩන රස්සාව පුලුවන්ද කියාල බලන්න පෙරහරුවක් කරන්න ඇති ගස් නගින්න බය නිසා (හේ)
මේ මිනිස්සු පිස්සු කෙලිනවා අපේ ජනතාවගේ බදු මුදල් වලින් (හේ)
තියෙන දෙයක්, දෙන දෙයක් කාලා පැත්තකට වෙලා ඉන්නේ නැතුව කරගන්න වැඩ! (නි)
මේක හරිම කරදරයක් වුණා. මේ කරදරය නිසා පුදුම ට්‍රැෆික් එකක් තිබුනේ. ඇමෙරිකාවේ එහෙම ඕවා කළා නම් දඩයකුත් ගහලා හිරේ දානවා. නැත්නම් ලොකු ගානක් නගර සබාවට ගෙවන්න වෙනවා කරන්න කලින්ම. (නි)
ගහෙන් නැවතුන එක ලොකු දෙයක්, ඕක කරන්න ඉස්සෙලා මොරාල් එක ගන්න අපේ ක්‍රිකට් ටීම් එකට දුන්න වගේ දේශනයක් දුන්න නම් කෙලින්ම උඩ ඉදන් බිමට වැටෙනවා අපේ ටීම් එක වගේම. (කෞ)