(ඉන්දිකා රාමනායක)
තහනම් වල් නාශයක් වන ඇමෝනියම් ග්ලයිපොසෙට් පැකට් 1251 ළග තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු යාපනය චුන්නාකම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
ගුවන් හමුදා බුද්ධි අංශ ලබාදුන් බුද්ධි තොරතුරක්ට අනුව යාපනය විශේෂ කාර්ය බලකායේ භට පිරිසික් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සන්තකයේ ග්‍රෑම් 100 පැකට් 1251 ක ප්‍රමාණයක් තිබී ඇත.
රජය මගින් තහනම් කර ඇති මේවා නීති විරෝධීව මුහුදු මගින් ගෙනවිත් මෙලෙස අලෙවියට තබා ඇති බවද ප විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා චුන්නාකම් පොලිසිය බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd