IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඇමැතිවරයාගේ වැරැදි අවබෝධය මලල කී‍්‍රඩා අතුරු කමිටුවක් ගේන්න හේතුවුණා

චෝදනා නොමැතිව ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ කටයුතු අත්හිටුවීමට ක‍්‍රීඩා ඇමැතිවරයා ගත් තීරණය වැරැදි සහගත බවත් එහෙත් මෙරට මලල ක‍්‍රීඩා පරිපාලනය තවදුරටත් අවුල් විය හැකි බැවින් නීති මගින් කටයුතු කිරීමේ අදහසක් තමන්ට නොමැති බවත් මලල ක‍්‍රීඩා සංගමයේ හිටපු සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා පැවසීය. කොළඹදී මාධ්‍ය හුමවක් අමතමින් මේ බැව් කියා සිටි ඒ මහතා මලල ක‍්‍රීඩා සංගමයේ සිය පාලනය අවසක් කරමින් අතුරු කමිටුවක් පත් කිරීම ගැන තමන් මුලින්ම දැන ගත්තේ මාධ්‍ය ඔස්සේ බවත් ඒ සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් ක‍්‍රීඩා අමාත්‍යාංශය කර නොතිබූ බවත් එහිදී පැවැසීය. ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ (2011-12) පාලන කාලය අත්හිටුවමින් ඉකුත්දා ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් පස් පුද්ගල මලල කී‍්‍රඩා අතුරු කමිටුවක් ප‍්‍රකාශයට පත් කළේය. මේ අතර හයවැනි වසරටත් සභාපති ධුරයට තරග වැදීම සඳහා පාලිත ප‍්‍රනාන්දු මහතාට ක‍්‍රීඩා ඇමැති අනුමැතිය නොලැබුණු අතර මාර්තු 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබියදී යළි අපේ‍්‍රල් 26 වැනිදාට යොදාගත් නිලවරණය (2012-13) නීති උපදෙස් මත අත්හිටුවීමට ක‍්‍රීඩා ඇමැතිවරයා පියවර ගත්තේය. මාධ්‍ය හමුවේදී ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප‍්‍රනාන්දු මහතා මෙසේ ද පැවසීය. ”අද මලල ක‍්‍රීඩාවේ කඩා වැටීමක් ගැන සමහරු කතා කරනවා. නමුත් අපේ පාලන කාලයේදී මලල ක‍්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් ගත් ක‍්‍රියාමාර්ගවල ප‍්‍රතිඵල දැක ගන්න ලැබෙන්නෙ හෙට දවසෙයි. ”මේ වනකොට අපේ මලල ක‍්‍රීඩකයන් දෙදෙනෙක් ඔලිම්පික් පරිසාදන මට්ටමට ළඟාවෙලා තිබෙනවා. ක‍්‍රීඩා ඇමැතිවරයාගේ වැරදි අවබෝධය මට මෙවර අනුමැතිය නොදෙන්න හේතුවූ ප‍්‍රධානම කරුණ බවයි මා විශ්වාස කරන්නෙ. ඒකට ඇමැතිවරයා වටේ ඉන්න සමහර නිලධාරීන් වගකියන්න  ඕනෑ. ”අපි මලල ක‍්‍රීඩා පරිපාලනයෙන් ඉවත්ව යන මේ මොහොතෙත් විශ්වාස කරන්නෙ ජුනි මාසයේ කොළඹදී පැවැත්වෙන ආසියානු මලල ක‍්‍රීඩා කනිෂ්ඨ තරගාවලිය සාර්ථක කර ගැනීමට හැමෝම දායක විය යුතුයි කියලයි. ”අපි මලල ක‍්‍රීඩාවට තවදුරටත් ආදරෙයි. මලල ක‍්‍රීඩා පරිපාලනය හැරයන්න අපේ බලාපොරොත්තුවකුත් නෑ. ඒ නිසා අපිට මේ සිද්ධියේදී අසාධාරණයක් වුණත් උසාවි යන්න අපි සූදානම් නෑ. ”අවශ්‍ය නම් අපිට මලල ක‍්‍රීඩා නිලවරණ සම්බන්ධයෙන් උසාවි වාරණයක් ගන්න තිබුණා. මේ දේවල් සිද්ධ වුණේ අපිට එරෙහිව චෝදනා පත‍්‍රයක්වත් ඉදිරිපත් නොවී තිබියදීයි. ”සමහරු මට චෝදනා කරනවා මම සෙසු නිලධාරීන්ට ඇහුම්කන් දුන්නෙ නෑ. තේරීම්වලට ඇඟිලි ගැහැව්වා. බලපෑම් කළා කියලා. නමුත් ඒවා හදපු කතා විතරයි. විනයක් අනුව කටයුතු කළ හමුදා නිලධාරියකු ලෙස කල් ගෙවපු මට ඒ දේවල් පුරුදු නෑ. මගේ උත්සාහයෙන් අද මලල ක‍්‍රීඩා සංගමය තාවකාලික ස්ථානයක හෝ පවත්වාගෙන යනවා. ”නමුත් එය සංගමයේ මූලස්ථානය හැටියට පාවිච්චි කරන්න තරම් සුදුසු ස්ථානයක් නොවන බවත් මා කියනවා. පත්වූ අතුරු කමිටුවත් එක්ක අපි සාකච්ඡා කරලා ඒ අයට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නත් අපි පසුගිය දින කීපයේදී කටයුතු කළා.” මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ හිටපු නිලධාරීහු රැුසක්ද සහභාගී වී සිටියහ.  



අදහස් (0)

ඇමැතිවරයාගේ වැරැදි අවබෝධය මලල කී‍්‍රඩා අතුරු කමිටුවක් ගේන්න හේතුවුණා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site