‘අපේ රටේ ඇමතිවරුන්ගේ ඔළුවල රාජ්‍ය නිලධාරින් ගැන හැදුණු ආකෘතියක් තිබෙනවා. ඔවුන් දකින්නේ නිලධාරින් හරියට ඉස්කෝලෙක ළමයි ගුරුවරයා නැගිටින්න කියනකොට නැගිටින, වාඩිවෙන්න කියනකොට වාඩිවෙන, අත උස්සන්න කියනකොට අත උස්සන විදිහේ පිරිසක් කියලයි. සමහරු නිලධාරින්ට කතා කරන්නේ බූරුවා කියලා. මම ඒක වෙනස් කළ නිලධාරියෙක්‘ යැයි හිටපු අමාත්‍යංශ ලේකම්, සීමා නිර්ණ කමිටුවේ හිටපු සභාපති අශෝක පීරිස් මහතා අද (22) මහරගමදී පැවසීය.
ගමට දිරියක්- රටට බලයක් තේමාව යටතේ කැඳවූ ජනතා විමුක්ති පෙරමුණේ දිරිය පුරවැසි සංවිධාන ජාතික නියෝජිත සමුළුවට සුභ පැතුම් එක්කරමින් අශෝක පීරිස් මහතා එසේ පැවසීය.
‘සීමා නිර්ණ කමිටුවේ මම වැඩකරන කාලේ අපේ විෂය භාර ඇමතිතුමා එක වෙලාවක මට කතා කරන්න නොදී කතා කරද්දී මම කිව්වා ඇමැතිතුමා ඉන්න මට කතා කරන්න දෙන්න කියලා. ඇමතිතුමා හෝන්දු මාන්දු වෙලා ගියා. මේ මොකද වුණේ කියලා“
‘එයාට ඕන හැටියට අපි වැඩකරනන ගියේ නෑ. වතාවක් මම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වැඩ කරද්දී විෂය භාර ඇමති හිටියේ රිචඞ් පතිරණ මහතා නිලධාරින්ට කතා කරන්නේ බූරුවා කියලා. එහා කාමරේ ඉන්න බූරුවාට එන්න කියනවා කියලා කියනකොට ඔන්න ටයි දාගත්ත නිලධාරියෙක් එනවා. අර වැඳිරිට එන්න කිව්වාම සාරියක් ඇඳ ගත්ත නෝනා කෙනෙක් එනවා. දවසක් මම කිව්වා ඇත්තටම සර් මේකේ ඉන්න අය නම් සේරම බූරුවෝ තමයි ඒ නිසානේ සර් බූරුවා කියපු ගමන් එන්නේ කියලා. සාම්ප්‍රදායික නිලධාරින් ස්වභාවයෙන් පිට පනිමින් අපි වැඩකරන හැටි දැක්කාම අපිත් එක්ක වැඩ කරන නිලධාරිනුත් ප්‍රබෝධමත් වුණා‘ යැයි ද ඔහු කීවේය..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම මිනිස්සු! පෙරට එන්න රට ගොඩනගන්න (නි)
රජයෙ නිලධාරින් කියන්නෙ ඉහළ මට්ටමෙ අධ්‍යාපනයක් ලැබු බුද්ධිමත් පිරිසක්. එහෙම එකෙ උසස්පෙළවත් පාස් නැති දේශපාලකයෝ කොහොමද එහෙම කතා කරන්නෙ. දේශපාලකයො කරන්නෙ කයිවාරු ගහන එක වැඩ කරන්නෙ රජයෙ නිලධාරින්. මේවට පිලිතුරු දෙන්න ඔනේ කතිරෙන් ම තමා (බ)
රූකඩ නෙවෙයි ද අදයි දැනගත්තේ (බ)
හරිම ආඩම්බරයි, ඔබ වගේ නිලධාරීන් ගැන. හිතන්ටත් අමාරුයි ලංකාවේ මෙහෙම මිනිස්සු ඉන්නවා කියල (බ)
ඒ විතරක් නොවෙයි ඔවුන් හිතා ඉන්නේ රටේ මහජනතාව ඡන්ද රූකඩ කියලා. කොහොමහරි තමන්ට කතිරේ ගස්සවාගත්තාම ආයේ වැඩක් නැහැ කියලා. (නි)
අැයි ඔය ටික ඔබතුමා කලින් කිව්වේ නැත්තේ? දැන් විශ්‍රාම ගියාට පස්සෙද කියන්නේ? ඔයගොල්ලෝ ඔක්කොම එකයි. අපි තමයි මෝඩයෝ (නි)
හරිහැටි සුදුසුකම් ඇතුව තැනකට ආවහම කාටවත් නැමෙන්න ඕනෑ නැහැ. අර බූරුවා කියලා ආමන්ත්‍රණය කරන්නෙත් පන්දමකට අා කෙනෙකුට වෙන්න ඇති සමහරවිට. කටුක සත්‍ය ඔන්න ඕකයි. (නි)
ඒ වගේම තමයි බහුතරයක් රජයේ සේවකයන් තමන්ගෙන් සේවයක් ලබාගැනීමට එන මහජනතාවට සංග්‍රහ කරන විදියත් අන්තිමයි. උපාධිදාරී ගුරුවරියක් වූ මගේ අම්මාගේ විශ්‍රාම වැටුප හදාගැනීමට ගිහින් උසස්පෙළවත් නැති දේශපාලක ලැයිස්තු වලින් පැමිණි රජයේ ලිපිකාර නෝනලාගේ ආඩම්බර බලපු හැටි තවම මතකයි. (නි)
එන්සිනාගේ ඇඟට ගොඩවෙලා වැඩක් නැහැ. සමහර කලා උපාධිදාරින්ට පරිගණකයෙන් ඊමේල් යවන්න, ඉංග්‍රීසි ලිපියක් කියවා තේරුම් ගන්න හැකියාවක් නැහැ . ඉතින් එ්කට දැන් ආණ්ඩුවට බනින්න එපා. උපාධිධාරීන්ගේ හැම කුසලතා අඩුවකටම රජයට වගකියන්න බැහැ. (නි)
ඔබගේ එඩිතර ප්‍රකාශයට මගේ ස්තුතිය පළකරමි. ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!! (නි)
මහජන නියෝජිතයන් සැමවිටම මහජනයාගේ අවශ්‍යතා ගැන සැළකිලිමත් වියයුතුය. රාජ්‍ය නිළධාරින් එම අවශ්‍යතා විද්‍යාත්මක ක්‍රමවේද පිළිගත් පටිපාටි අනුව ඉටුකළ යුතුය. දේශපාලකයින් මෙම තත්වය තේරුම්ගෙන රාජ්‍ය පාලනය කළ යුතුය. බොහෝ රාජ්‍ය නිළධාරින්ද දේශපාලකයින්ට අනවශ්‍ය ලෙස ගැතිවන්නේ ලාභ ප්‍රයෝජන ලබා ගැනීමටයි. (නි)
කොහොමත් ඇමති මන්ත්‍රීවරුන්ට සාපේක්ෂව රාජ්‍ය නිලධාරීන්ට රට ගැන වගකීම ඉහළයි. මන්ත්‍රීවරුන්ගේ කාලය අවුරුදු 5ක් වුණත්, රාජ්‍ය සේවයේ නිලධාරීන් එහෙම නැහැ. ඒ නිසා රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන්,දේශපාලුවන්ට නැමෙන්නේ නැතුව කොන්ද කෙළින් තියාගෙන රටේ නීති රාමුව තුළ වැඩ කළොත් ඔවුන්ට කිසිදෙයක් කරන්න බැහැ. බැරිම වුණොත්,වෙන තැනකට මාරු කරයි. ඒත්, රාජ්‍ය සේවකයා දේශපාලුවන්ට ගැතිකම් කරන්නේ කිසියම් වාසියකට මිස අන් කවරකටත් නෙමෙයි. (නි)
ඇමතිවරුන්ට ඒ මානසිකත්වය ඇතිකළේත් රාජ්‍ය නිලධාරීන්ම තමයි (නි)
වගාවට සම්බන්ධ එක්තරා අමාත්‍යංශයක 80 දශකයේ ලේකම් - ඇමති හැපිලා අන්තිමට ඇමති ගෙදර ගියා කියලා අහලා තියනවා. (නි)
හොඳ කතාවක් අශෝක. එදා ඉඳලම මම ඔබ ගැන දන්නවා. (නි)
මහත්මයෝ, සමහර දේශපාලක බූරුවෝ හිතන්නේ අනික් මිනිස්සුත් බූරුවෝ කියලා. ඔවුන් දන්නවා ඔවුන්ව දේශපාලකයෝ හැටියට පත්කළේ එහෙම අය කියලා. අනාගතය මීටවැඩිය දරුණු වෙනවා. (නි)
සේරම බූරුවන්ගේ තත්ත්වයට පත්වීම අද ඇති අවාසනාවන්ත තත්ත්වයට එකම හේතුව බව ජනතාවගේ පැත්තෙන් අපට සිතන්නට පුළුවන්. දැනට දුෂණ චෝදනා වලට ලක්වී සිටින නිලධාරීන් වගේ අයට බූරුවන්ගේ නාමයට එරෙහිවීමට නොහැකිය. මේ වෙනකොට දුෂණය මුල්බැස ගත් රාජ්‍ය පාලනය නිවැරදි මාවතකට ගෙනඒමට නොහැකි වන්නේ නිලධාරිනුත්, දේශපාලකයනුත් එකම කුණු බක්කියේ සිටින නිසා බවට එදා වගේම අදත් අපි දකින්නෙමු. (නි)
රාජ්‍ය සේවයේ අවංක නිලධාරීන්ට ඔබ පරමාදර්ශයක්ම වේවා! (නි)
මෙහෙම හිතන මිනිස්සු 10 දෙනෙක් හිටියත් ඇති (නි)
අර කියන විදියට උගත් නිලධාරීන් බූරුවෝ නම් එතකොට ඇමති කවුරු වියයුතුද? (නි)
සහතික ඇත්ත. කොන්ද පණ තියන නිලධාරියෙක්. ඉස්සර වැඩකළේ රාජ්‍ය නිලධාරින්. ඒගොල්ලන්ට දේශපාලන බලපෑම් තිබුණේ නැහැ. හොඳට වැඩ කෙරුණා (නි)
මේ දවස් වල රිමාන්ඩ් සිරමැදිරියේ සිටින සමහරුත් රජයේ නිලධාරින්ට කතාකරන හැටි ගැන එක එක කතා පැතිරෙනවා (නි)
රොහාන්, ඔයාට ඔයා ගැනම ලැජ්ජා හිතෙන්නේ නැද්ද? (නි)
ජගත්, ඔය කියන්නේ ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක අගමැතිතුමාලගේ කාලේ ගැන වෙන්න ඇති? (නි)
එතුමාත් සේවයේ ඉන්න කාලෙදි ඕව කිව්වෙ නැත්තෙ ඇයි. දැන් ඉන්න අනෙක් අයත් එහෙමයි. කිසි වැඩක් හරියට කරන්න බැරි හොඳ දර්ශනයක් ඇති නිලධාරීන් නැති නිසා. ඒ අය තමන්ගෙ වරප්‍රසාද භුක්ති විඳිනව හරියටම. බොරු වාර්තා හදන්නෙ, පාලකයින් සහ ජනතාව මුලා කරන්නෙ නිලධාරීන්. (අ)
අපොයි නැහැ. ඔබතුමාලා කඩි වගේ වැඩ. එ්කනේ වැඩක් කරගන්න ජනතාව දවස් ගණන් රස්තියාදු වෙන්නේ (නි)
අශෝක පීරිස් මහත්තයා නියම තැන ඉන්නවා (නි)
අජිත් මහත්තයා, ඔය ලංකාවේද ඉන්නේ? පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් සේවකයින්ට කතා කරන්නේ ඔහොම තමයි. (නි)
එන්සිනා, හිතන්න එපා කලා උපාධිය කියන්නේ අඩු සුදුසුකම් යටතේ ගන්න උපාධියක් කියලා. ඒක කැමැත්ත අනුව තෝරා ගන්නා විෂය ධාරාවක් යටතේ ලංකාවේ පවතින උපාධියකි. ඔබ ගැන කණගාටුයි. එසේම අශෝක පීරිස් මහතාණෙනි, ඔබ ගැන ආඩම්බරයි ඇත්තටම. (නි)
ඉස්සර රාජ්‍ය සේවය එකක්, දේශපාලනය වෙන එකක්. එ්ත් දැන් වෙලා තියෙන්නේ දෙකම එකතුවෙලානේ. ඉතින් එකක්වත් හරියට කරගන්න බැරිවෙලා. මම හිතන්නේ නැහැ මෙහෙම කරන්න පුළුවන්වෙයි කියලා. දේශපාලකයන්ට ගරුකළාට කමක් නැහැ මහජන නියෝජිතයෝ හැටියට, එ්ත් වැඳ වැටෙන්න එපා. (නි)
දැන් රාජ්‍ය සේවයේ නැති නිසා වීරයන් වගේ කෑගහනවා. එදා නැහැ. අපි නොදන්නා කෙනෙක් නොවෙයි එතුමා. (නි)
උපාධිය කියන්නේ දැනුම මනින මිම්මක්. උපාධිය කියන එක ගන්න බැරිවුණත් දැනුම තියන අය තවත් අය රටේ ඕනෑතරම් ඉන්නවා. අහලා තියනවද ඉස්සර "ගොඩ පෙරකදෝරුවෝ" කියලා කාණ්ඩයක් හිටියා. මෙයට හොඳ උදාහරණයක් තියනවා කියන්න, එ්ත් එ්ක මෙහි සඳහන් කරන එක නුසුදුසුයි. (නි)
මේ වගේ කොන්ද කෙළින් තියාගෙ වැඩකරන රාජ්‍ය නිලධාරීන් 100ක් හිටියොත් රාජ්‍ය ආයතන මීටවඩා කාර්යක්ෂම වේවි. පොත් පාඩම් කරලා උපාධි ගත්ත පොත්ගුල්ලන්ගෙන් පිරුන රාජ්‍ය සේවකයන්ට වඩා, සමාජෙත් එක්ක ගැටිලා කෙළින් වැඩකරන මේ වගේ නිලධාරින්ට ජාතියේ උපහාරය! (නි)
ඕක මොකද්ද, දැන් පාර්ලිමේන්තුවේ සමහරු ගැන කියන්නෙත් සත්තුන්ගේ නම් මතක් කරලනේ (නි)
විශ්‍රාමික නිලධාරියෙක් හැටියට මෙතුමාට තියන මතයට හිස නමා ආචාර කළයුතුයි. නිලධාරීන් කෙළින් සිටියොත් ජනතාවට සේවයක් වෙයි. වර්තමාන දේශපාලකයා ඉතාමත් වංචනික පුද්ගලයෙක්, කුහක පුද්ගලයෙක්. රජයේ නිලධාරීන් මේ රට බේරාගත යුතුයි. නැත්නම් මේ රට ගොඩගන්න බැරිවෙයි. කරුණාකර වරදාන වලට නොරැවටී රජයේ නිලධාරින් කොන්දක් තියාගන වැඩ කිරීමට සිතට ගන්න. (නි)
ඉස්සර වැඩකළ රාජ්‍ය නිලධාරින් අවංකව රාජකාරිය කළා. ඒගොල්ලන්ට දේශපාලන බලපෑම් තිබුණේ නැහැ. හොඳට වැඩ කෙරුණා. දැන් සමහර නිලධාරීන් දේශපාලකයනුත් එක්ක පක්ෂපාතිත්වයෙන් වැඩ කිරීමට යාමෙන් ක්‍රමක්‍රමයෙන් රාජ්‍ය සේවය දුෂිත තත්වයට පත්වෙලා. දැන් මෙය පෙර තත්වයට පත්කිරීම නිලධාරීන් අවංකවම පෙරට එන්න ඕනෑ. (නි)
ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඔබතුමා දිගටම රැඳීසිටින්න. රටටත් ජනතාවටත් සුබ අනාගතයක්! (නි)
ගොඩාක් සතුටුයි අශෝක. ඔබගේ නිර්භීතකම ගැන අපට ආඩම්බරයි. ඔබ අප විදුහලට ගෞරවයක්. ඔබට මගේ ප්‍රණාමය! (නි)
ඩඩ්ලි සේනානායක මහතාගේ කාලයේ වගේ පැවති නම්බුකාර, වැදගත් දේශපාලන ක්‍රමය ඇති කරන්න ඕනෑ නම් මොවුනට දීලා තියෙන වරප්‍රසාද අවුරුදු පහෙන් දෙන විශ්‍රාම වැටුප, නිකන් දෙන වරප්‍රසාද, අහෝසි කරන්න ඕනෑ. රජයෙන් පත්කරන කාර්ය මණ්ඩලයක් පමණක් වැඩට යොදවාගත යුතුයි. මොකද ඒගොල්ලෝ වැඩ කරන්නේ රජයේ ව්‍යාපෘති මිසක් දේශපාලන වැඩ නෙමෙයිනේ. දේශපාලන වැඩ සිදුවිය යුත්තේ පක්ෂ කාර්යාල වලනේ. (නි)
රාජ්‍ය සේවයත් ඔය කියන තරම් හෑල්ලුයි තමා. අඩු සුදුසුකම් අය රජයේ අනිත් නිළධාරීන් පාලනය කරනවා. (නි)
තොරතුරු දැනගැනීමේ පනත ආ ගමන් වහාම පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කරන්න ඕනෑ ජනතාවට දැනගන්න..... ඔබතුමාට පුලුවන්නම් ඒක ජනතාවට එළිදක්වන්න... ලොකු පිනක්... (නි)
එන්සිනා, මට නම් හොඳට විශ්වාසයි ඔයා ඔය විෂය ධාරාවන් ගැන කිසිම අවබෝධයකින් කතා කරන කෙනෙක් නෙමෙයි. ළමයි කැමැත්තෙන් යන්නේ කලා විෂය ධාරාවට. අනික කලා කරන්නේ අදක්ෂයෝ කියන්න නම් පුදුම අදක්ෂයෙක් වෙන්න ඕනෑ ඔයා. (නි)
මෙතුමාගේ කතාවට මම ගරුකරනවා (නි)
ඔබ වැනි රාජ්‍ය නිලධාරීන් අප රටට වැඩි වැඩියෙන් ඕනෑ. වසර 60 ගණනක් රටේ පාලකයන් විනාශ කළ මුදලින් රට මොනතරම් ඉදිරියට ගෙනයන්න තිබුනද? මේවට පුරවැසියන් ලෙස අපි වගකිවයුතුයි. රට විකුණනවා නොකිය 99 අවුරුදු බදුදෙනවා කියන, හැම සතයකින්ම කොමිස් ගහන නොඑසේනම් ජරාව කා පක්ෂ අරමුදල තර කරන දේශපාලුවන් තෝරා නොගැනීම පුරවැසි සැමගේ වගකීම වියයුතුය. (නි)
එන්සිනා, ඔයාට අබමල් රේණුවකවත් දැනුමක් තියෙනවද කලා විෂ ධාරාවක වටිනාකම ගැන? ගණිතය, විද්‍යාව වගේ විෂයන් කරපු අයද මේ ලෝකේ නියම මනුස්සයෝ වෙන්නේ? අපේ රටේ ජනතාවගේ හදවතටම බද්ධවුණ අමරදේව, නන්දාමාලනී වගේ අය කලාකෙත හරහා ආ අය. (නි)
ඉගෙනුමක් නැතුව ඉහළ තනතුරු ගත්තාට ඔවුන්ගේ හීනමානය නිසාම පහළ අයට ඔහොම සළකනවා (නි)
සමහර රටේ නිලධාරීනුත් සත්තුම වාගේ තමයි. පහළ නිලධාරීන්ට සහ වැඩකටයුතු කරගැනීමට එන අයට සළකන්නේ සත්තු ගානට දමලා. ඉහළ නිලධාරිනුත් කරන්නේ බෝලේ පාස් කරන එක. වැඩක් වෙන විදියක් කල්පනාවක්වත් නැහැ. ඉතින් අර කථාව සාධාරණයි (නි)
නියමයි, අශෝක. එදා හිටිය අශෝකමයි අදත්! (නි)
පැන්සෝන් ගියාට පස්සේ ඕව කියන්නේ. රාජ්‍ය සේවයේ ඉන්න කාලේ දේශපාලනයට නැවීගෙන හිටපු පොරවල් (බ)
මෙහෙම 10ක් හිටියා නම් හොඳටම ඇති (නි)
අපේ හැම පරම්පරාවකම උසස්පෙළ අඩු සුදුසුකම් අයව කලා අංශයට දාලා එතනින් සමත්වුණොත් කලා උපාධියක් දීලා රාජ්‍ය සේවයට බඳවාගෙන අපේ රටේ රාජ්‍ය සේවය ලෝකෙන්ම සුපිරි රාජ්‍ය සේවය කරලා තියෙන්නේ. ඔය නීතිවේදීන් කියන්නෙත් එසේමයි. දැන් රාජ්‍ය සේවයේ නැති නිසා වීරයන් වගේ කෑගහනවා. එදා නැහැ. අපි නොදන්නා කෙනෙක් නොවෙයි එතුමා. රාජ්‍ය සේවයත් ඔය කියන තරම් හෑල්ලුයි තමා. අඩු සුදුසුකම් ඇති අය පාලනය කරනවා. (නි)
ඒ වගේම ඔබලා අපිට සළකන්නේ බූරුවො වගේ නේද? එ්කත් ඔබලාගේ ටයි එකේ රැස් නේද ? ඔබලත් සාධාරන මිත්‍රශීලි සේවයක් ලබා දෙනවා නම්? හිතලා බලන්න (නි)
එ්කනේ අපේ හැම පරම්පරාවකම උසස්පෙළ අඩු සුදුසුකම් අයව කලා අංශයට දාලා එතනින් සමත්වුණොත් කලා උපාධියක් දීලා රාජ්‍ය සේවයට බඳවාගෙන අපේ රටේ රාජ්‍ය සේවය ලෝකෙන්ම සුපිරි රාජ්‍ය සේවය කරලා තියෙන්නේ. ඔය නීතිවේදීන් කියන්නෙත් එසේමයි (නි)
ඔබතුමාට එසේ කීමට තරම් පිට කොන්දක් තිබීම ගැන මම සන්තෝෂ වෙනවා, හිටපු රාජ්‍ය නිලධාරියෙකු හැටියට. (නි)