වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහි අමාත්‍යංශ කාර්යාලයේදී අද වැඩ බාරගත්තේය.
කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ සෙත් පිරිත් දේශනා කළහ. අමාත්‍යංශයේ පවතින සියලු ගැටළු විසඳමින් උපරිම සේවාවක් රට වෙනුවෙන් ලබාදෙන බවද දිසානායක මහතා එහිදී පැවසීය.
ඡායාරූප හා වීඩියෝ - ඉෂාන් සංජීව
“රටට වැඩක්කරන්න මොන අමාත්‍යාංශය තිබුණත් පුළුවන්. අමාත්‍යාංශයේ නම සහ ඒකේ දිග පළල වැඩක් නෑ. මා පැමිණි ස්වදේශ කටයුතු අමාතයාංශයට දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරින් ඇතුළු රජයේ යාන්ත්‍රණය ඇතුලත් වෙනවා. ඇමති කෙනෙක් නැතත් මේ අමාත්‍යාංශයේ වැඩ රජයේ නිලධාරීන් කරගෙන යාවි“ යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද එම අමාතයාංශයේ දී සිය ධූරයේ වැඩ භාර ගනිමින් කියා සිටියේය.
ඡායාරූපය - සජීව විජේවීර
ඡායාරූපය හා වීඩියෝ - ඉෂංක සුනිමල්
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා අද බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය.
ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමැතිවරු වැඩ බාරගනිති