විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලක්ෂමන් සෙනවිරත්න මහතා ද, විදේශ රැකියා නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස මනූෂ නානායක්කාර මහතා ද, වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස පාලිත තෙවරප්පෙරුම මහතා ද මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ දිවුරුම් දුන්හ.
මනූෂ නානායක්කාර මහතා මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ එක්සත් ජාතික පක්ෂයෙන් ය. මහින්ද රාජපක්ෂ මහතා ජනපති සමයේ ඔහු එම ආණ්ඩුට එක් විය.
ලක්ෂමන් සෙවිරත්න මහතා ද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අතර පසුව මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ආණ්ඩුවට එක්වී එම රජයේ සීනි කර්මාන්ත ඇමැති ලෙස කටයුතු කළේය.
පාලිත තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
නව පත්කිරීම් සමඟ නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 25 දක්වා ද, රාජ්‍ය ඇමැතිවරුන් ගණන 20 දක්වා ද ඉහළ ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට කාටත් දැන් පේනවා ඇති නේද වෙන දේවල්.(හේ)
ඉතාම යහපත් තීරණයක්.(ම)
අපේ මිනිස්සු කොහොමත් කුහකයි. මේ දුර්වලකම තේරුම්ගත් කපටි දේශපාලුවෝ එයින් ප්‍රයෝජන ගෙන බලයට පැමිණ දැන් යකා නටති.(බ)
මේ සියලු දේට ඡන්ද දායකයා වග කිව යුතුයි. මහමැතිවරණයේදී කාට හරි එක පක්ෂයකට බහුතරය ලබා දුන්නනම් මේ ප්‍රශ්න නැහැ (බ)
කොහොමද වෙනස යහපාලනය තමා පාලනය කියන්නේ මේක තමයි (බ)
ඇමතිකම් දෙන අයයි ගන්න අයයි දෙගොල්ලම එකයි.ඔළුගෙඩි වැඩි කරගත්තට කරන වැඩක් නම් පෙනෙන්න නැහැ. ?(හේ)
ඡන්දේ දෙන අයට හෙණ වදියි (බ)
මේ සිනි ඇමැතියි මනුෂයි ඇමතිකම් මේ වගේ හින්ද තමා රටට හෙන ගහල තියෙන්නේ,(බ)
මනූෂගෙ 2015 මැතිවරණ තේමාව මහින්ද ලකුණ මතක කාටද? දැන් ඉතින් ඔලු හෝදමු (බ)
මෙන්න යහපලානේ දොරේ ගලනවා (බ)
හැමෝම බොහෝ වේලාවට කියන්නේ රට ගැන හිතන හොදට වැඩ කරන වංචා දුෂණ නැති කට්ටිය පාර්ලිමේන්තු යවන්න කියලා. මන් කියන්නේ අපි මහජනතාවට වරද පටවන්නේ නැතිව දේශපාලකයන් පැත්තටම ඇගිල්ල දික් කරනවා නම් හොද නැද්ද? මොකද අපි දන්නේ නෑ පත්වෙලා යන අය කොයි වගේ වෙයි ද කියලා. පොදු ජනතාවෙගෙන් යැපෙන පාර්ලිමේන්තුවේ කොහොම කට්ටිය හිටියත් අන්තිමේදී අරමුණ වෙන්න ඕනේ දුෂණයෙන් තොරව රටට හා ජනතාවට වැඩක් කිරීම.(හේ)
දේශපාලනය කරන අයගෙ ලැජ්ජාව කියන නහරය ඉවත් කරනවලුනේ (බ)
තාක්ෂණ නියෝජ්‍යය ඇමතිකම සීනි වැඩි කිරීමට යොදා ගනිමු. (බ)
මේක මේ රටේ අවාසනාව.. රටේ ආණ්ඩු වෙනස් වුනාට ඉන්න ඔලුගෙඩි හිටපු තැන්වලමයි.. අහෝ රටකට ගිය කලක්.. රටකට ආදරය කරන එක දෙශපාලකයෙක් හොයා ගන්න නෑ (බ)
ජනාධිපතිතුමනි ! ඔබට දෙවිපිහිටයි අපට අබ සරණයි (බ)
දිරපු ලීවලින් වහල ගහන්න බැරි බව දැන්වත් මිනිස්සු තේරුම් ගන්න ඕනේ. හිටපු අයට වගේම මේගොල්ලන්ටත් රට හදන්න බෑ කියන එක දැන් සක්සුදක් සේ පැහැදිලියි. පැහැදිලි නැත්තේ මේ ටික අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියන එකයි. (බ)
ඇමතිවරු අඩු කරන බවක් නේද ඡන්දෙට ඉස්සර වෙලා කිව්වේ? (බ)
අප්පටසිරි මේ මහින්ද මහත්තයාගේ දෙන්නෙක් නේද?පි(හේ)
දේශය පාලුකරන දේශපාලකයෝ සැප විඳිති. අසරණ ඡන්ද දායකයෝ දුක් විදිමින් බර අදිති. අහෝ රටකට ගිය කලක්. කෝ අර මැතිවරණයට පෙර දේශය දිනවීමට තප්පු ලෑ ඇත්තෝ. (බ)
ඔහොම යන්... ඔහොම යන්.... (බ)
බොරු කියල බලයට ආවේ ඇත්ත කිව්වනම් ඡන්දෙ දේවිද (බ)
පිළිගැනීමේ උත්සවය මැයි මාසේ 1 ද ගාල්ලේ සමනල පිටියෙදේ (හේ)
මොන වගේ වැඩද මේවා? බස්නාහිර කෙනා කොහොමද වයඹ දේවල් දන්නේ? (නි)
කළුතර කෙනෙක් වයඹ සංවර්ධනයට.(හේ)
මට මේ රටේ ඉන්න එක ගැනත් කලකිරිල තියෙන්නේ. මොන විහිළුවක් ද මේක. රටේ ප්‍රශ්න මෙච්චර තියනවා. මේ දෙගොල්ලොම කරන්නේ බොරුව. මෙයාල කරන්නේ මෙයාලගේ රැකියාව පරිසම් කරගන්න එක. රටට වත් අපිටවත් වැඩක් නෑ (බ)
මේගොල්ලෝ ඡන්දෙට පෙර කිව කතා සේරම බොරු කියලා සමස්ත ලාංකීය ජනතාවටම පෙන්නලා ඉවරයි. හංසයාට මුවා වෙලා දැන් පොදු ජනතාවට කොකා පෙන්වනවා. (බ)
දැන් බලාගෙන යන විට ගිය ආණ්ඩුව සහ මේ ආණ්ඩුව අතර වෙනසක් නැහැනේ මුන් සේරම එක වගේනේ, රටේ අවාසනාවට තුන්වෙනි බලවේගයක් නැහැනේ තුනට ඉන්න අයට බලය ලැබුනොත් මේ දෙගොල්ලටම වඩා හපන්වේ. (බ)
මේ රට නැවත සුද්දට බාර දෙමු. (බ)
බලාගෙන ගියාම මෙයාලා අරගොල්ලන්ගේ රෙකෝඩ් එක කඩයි වගේ (බ)
ජය වේවා (බ)
ඔලු හෝදමු මහින්ද මන්ත්‍රීතුමාට දැන් තව කෙනෙක් අඩු වුණා .. (බ)
කැබිනට්ටුව එන්න එන්න බර වෙනවා වගේ.(හේ)
ජනපතිටත් ලැජ්ජාවක් නැහැ, මේ ඇමතිවරුන්ටත් ලැජ්ජාවක් නැහැ. කවදා හරි මේ රටේ යහපාලනයක් එනවානම් ඒ ජේවීපී බලයට අවොත් පමණයි.(හේ)
මේ ආණ්ඩුව රටේ ජනතාව නොමඟයැවූ බව දැන් පැහැදිලියි (නි)
ඇයි මේ වගේ වැඩ කරන්නේ. ඇමැතිකම් අඩු කරනවා කියපු අයමනේ දැන් ඇමැතිකම් වැඩි කරන්නෙත්.(හේ)
මේ අයගේ වැඩටික බලමුකෝ.(හේ)
ඇමතිකම් කියන්නේ වැදගත් තනතුරක්. ඇමතිවරයෙකුට හෝ නියෝජ්‍ය ඇමතිවරයෙකුට ඉතා හොඳ පසුබිමක් තිබිය යුතුයි. (හේ)
මෙය විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් සැදීමේදී ඇති වෙන්නක් .(හේ)
ඇමැතිවරු වැඩි වුනාට වැඩක් වෙන්නේ නෑනේ.(හේ)
ඔළුගෙඩි වැඩි කරගන්න මහජන සල්ලි කාබාසිනියා කරන වැඩක් (හේ)
එයත් ගොඩ. අප තාම මෙගොඩ.(හේ)
ඔය වගේ ආඩපාලි කතා කියන්න එපා අනේ රට බේද කරන්න නේ කට්ටිය දඟලන්නේ (කෞ)
ලැජ්ජාවක් නැත්තේ මනුෂටද , ආණ්ඩුවටද එහෙමත් නැත්නම් අපිටද ?(ම)
අපිට ලජ්ජා නැති හැටි (කෞ)
මේ ඇමතිකම් දෙන අයටත් ගන්න අයටත් දෙගොල්ලටම ලජ්ජා නැහැ.(කෞ)
රට දියුණුවෙන් දියුණුවෙන් යන ලකුණු තමයි මේවා.(කෞ)
යහපාලනයේ හැටි තේරෙනවා නේද?
අපිට තියෙන්නේ වෙන දේ බලන් ඉන්න තමයි.(හේ)
යහපාලනය වෙනුවෙන් කෑගැසූ උගතුන් මේවා ගැන කියන්නේ කුමක්ද? විජය මහත්මය ලැජ්ජාවක් නැත්තේ මේගොල්ලන්ගේ බර අදින අපිට.දේශපාලන බලපෙරේත කම සහ බඩගෝස්තර වාදී බව.මේගොල්ල අර බිහිසුණු මිනිස් ඝාතකයාව විනාශ කිරීමට දේසපාලන නායකත්වය දුන්න නම් අද හොඳ හොඳ සෙල්ලම් බලන්න තිබුණා (බ)
හරියටම කියනවනම් අපි තාම රැවටෙනවා..!!!(හේ)
මේ කාටවත් විලිලජ්ජාවක් නැහැ . මෝඩයෝ වුනේ ඡන්දෙ දුන්නු අපියි (බ)
වාසි අතට හුරේ දමා දනින් නැමි නිලතල අර ගනිල්ලා (බ)
මේ රටේ මිනිස්සුන්ට තවමත් තේරුම් ගන්න බැරිද මෙවුන් සේරම එළවලා දාලා දේශපාලන පක්ෂ පස්සේ දිවිල්ල නතර කරන තුරු අපිට ගොඩ ඒමක් නැති බව? ටික දෙනෙක් දේශපාලුවන්ගේ කටු ලෙවකමින් පාහර වැඩ කරමින් රට අගාධයට යවනවා.ඔවුන් නිසා දේශපාලුවෝ වැජඹෙනවා.ජනතාවගේ නියම සතුරෝ දේශපාලුවන්ගේ සපෝටර් ලා. (බ)
ඒ අයට නම් අවුරුදු සරුයි.(බ)
කොහොමද දැන් සෝභිත හාමුදුරුවෝ හිටියා නම් (බ)
විජේ, ලජ්ජා නැත්තේ අපිට. (බ)
තව ඉන්නවද දෙන්න? කිව්වේ කොහොමද දැන් කොහොමද?? (බ)
ඒ ගොල්ලනම් ගොඩ අපි (බ)
ජනතාවට අවුරුදු තෑග්ගක්ද (බ)
වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න බෑ (බ)
අපිට දුක නෑ. ඒකාබද්ධ විපක්ෂය දැන් තවත් පිරිසිදු වුනා.(කෞ)
මම එත් බැලුව මෙචර දේවල් කරේ ඇයි කියලා(කෞ)
යහපාලනයට අපමණ අගයක් පැහැදිලි වෙනසක්(කෞ)
මීට පස්සේ මේ රටේ තියන්නේ වෙන්නේ මැතිවරණ නොවෙයි, "ඇමතිවරණ". මේක රටට ලොකු බරක්. අරාබිකාරයාගේ කූඩාරමට රිංගපු ඔටුවා වගේ ඡන්දෙන් ඕකට රිංගාගත් දවසේ ඉඳලාම හදන්නේ ජනතාවට තව තව බර දෙන්න. මේ සමහර ඇමතියන්ට පරිපාලනය ගැන තියන දැනුම මොකක්ද? අනිච්චං! කවුරුත් එකයි. (නි)
වෙනස මාරයි අපරාදේ අපේ ජන්දය යහපාලනයට ජයවෙිවා අපිට කනේ පාරක් ගැහුවා වගේ(කෞ)
ප්‍රජතන්ට්‍රවාදය ගැන මහා ඉහලින් කෑ මොර දෙමින් බලය ලබාගත් ආණ්ඩුව අද අමු අමුවේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් උල්ලංගනය කරන අපූරුව...අඩුම තරමේ රටේ මිනිස්සුන්ට යහපතක් වෙන එක දෙයක්වත් කරන්නට මේ ආණ්ඩුවට අද අසමත්..(කෞ)
තුන් ගොල්ලොටම විලිලැජ්ජාවක් නැහැ. විකල්පයක් හදන්නෙ නැත්තේ ඇයි විද්වතුන් හා රටට ඇත්තටමආදරය ඇති අය එකතු වෙලා. කලින් අයත් හැදුනා. මෙයාලත් ටික ටික හැදෙනවා. ජනතාව අගාධයට යනවා(කෞ)
මේකද රට බලාපොරොත්තු වෙච්ච යහපාලනය? එයාලා බෙදාගෙන කනවා මහජනතාව ණය ගෙවනවා ණය පෙන්නලා මෙයාලා ගේම ගහනවා ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ කීවේ මේකට තමයි(කෞ)
බලන් ගියාම නියම ඉඟුරු දීල මිරිස්ස ගැනිල්ල උනේ සෙනරත් රජ්ජුරුවන්ට නෙවේ, අපිට. රටට ගිය කලක්.(කෞ)
දැන් නම් යහපාලනය දෝර ගලනවා (බ)
ගිගා කැබිනට් කතාව විතරයි (බ)
යහපාලනේ ගෙනාපු අය දැන් කව්රුත් නැහැ. හැමෝම මහින්දට රිද්දන්න බැලුව මිසක් රට කාගේ අතටද යන්නේ කියල හිතුවේ නැහැ.(බ)
මේ ඇමතිවරුන්ගේ මදිපාඩුව නිසා තමයි රටට මෙතෙක් සේවයක් හරිහැටි කරන්නට නොහැකිවුනේ . දැන් අපිට සැනසීම ලැබේවි (බ)
මහින්දටත් ඇමති කමක් දෙමු.....(බ)
අපේ බුද්ධික පතිරණ මන්ත්‍රී තුමාට මුකුත් නැද්ද .හොඳට ගමට වැඩ කරන කෙනෙක් නේද ? (බ)
කිසිකෙනෙක් මේකට මොකුත් කියන්න එපෝ.මේක තමයි විද්‍යාත්මකව ඇමති මණ්ඩලය පත්කිරීමේ යහපාලන ක්‍රමවේදය(හේ)