මානසික මට්ටම හොඳින් පවත්වා ගත හැකි වුෂු වැනි ක්‍රිඩාවක් ඉගෙන ගැනීම දේශපාලඥයින්ම ඉතා වැදගත් වන බව විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝර මහත්මිය ප්‍රකාශ කළාය.
ජිවිතයේ එදිනෙදා මුහුණ දෙන විවිධ ප්‍රශ්න වලට හොඳන් මුහුණ දිමට හැකි බවද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
එමෙන්ම දේශපාලඥයින් එවැනි ක්‍රිඩාවක් ප්‍රගුණ කර තිබිමෙන් තමන්ට ඇතිවන ගැටළු පමණක් නොව සමාජිය ගැටළු වලදී ද සමාජයට හිතකර ආකාරයට විසඳුම් ලබාදිමට හැකිවන බවද අතුකෝරල මහත්මිය කීවාය.
සමස්ත ලංකා වුෂූ තරඟාවලියේ බාලක අංශයේ ශුරතාවය දිනාගත් කලවාන ගාමිණි මහ විදුහලේ සිසුන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරිමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට තියෙන ප්‍රශ්න ගැන එයාලා දන්නවා නම්... (නි)
එතකොට ජනතාව ඇන්දවීමේ සහ බඩට ගැසීමේ ක්‍රීඩාව (අ)
දින 100 යේ ආන්ඩුව කාලේ මෙතුමිය පොරොන්දු වුණා පිටරටවල වැඩ කරන අපි වෙනුවෙන් විශ්‍රාම වැටුපක් හදන්න, දැන් අලුත් ආණ්ඩුව අවිල්ලාත් සැහෙන කාලයක් ගියා ඒ පොරොන්දු ගැන කිසිම කතාවක් නැහැ. දැන් වෙනත් දේවල් කතා කරනවා. (අ)
ඔයාලා මොනවා කළත් අන්තිමට වදින්නේ රටේ අසරණ අපිට (නි)
දැන් එතකොට දේශපාලනය නිසා මජනතාවට වෙන අපහසුකම් වලට මොන ක්‍රීඩාව ද දන්නේ නැහැ ඕනේ වෙන්නේ ? (බ)
බොහොම හොඳයි (නි)
එක පාරක් බොරුවක් කිව්වා කටාර් රාජ්‍යයේ සේවක වැටුප් බැංකුවට යැව්වේ මෙතුමියගේ ඉල්ලීමකට අනුව කියල, දැන් ඒ පාර තව එකක්. (අ)
දේශපාලඥයින් එවැනි ක්‍රිඩාවක් ප්‍රගුණ කර තිබිමෙන් පාර්ලිමේන්තුව තුල මෙතෙක් තිබු අලස සහගත ගුටි ඇන ගැනීම් වෙනුවට ක්‍රමවත්ව නිල වලට පහර ගැසීමෙන් විරුද්ධ පාක්ෂිකයාව පහසුවෙන් මෙල්ල කර ගැනීමේ හැකියාවක් ඔවුන්ට ලැබෙනු ඇත. මහජන ගැලරියේ සිටින අපටද විසිල් ගසමින් එය වින්දනය කර ගත හැකි වේවි. ඉතා හොඳ යෝජනාවක් ඇමති තුමියනි. ඔබට ජය වේවා! (අ)
වුෂු ගැහුවාට කමක් නැහැ අර හිටපු කෙනා වගේ දුප්පත් ලාංකිකයාගේ සල්ලි වලට පිල්ලි නොගහා. (අ)
ඉතින් දැන් ඔය වුෂු පුරුදු වෙන්න යනවද? (අ)