කඩවත - කඩුවෙල අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර පීත්ත පටිය කපා විවෘත කිරීම හේතුවෙන් අත් අඩංගුවටගත් කාන්තාවන් දෙදෙනා අද (18) මහර අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත පෝස්ටර් ඔසවාගෙන ‘මහින්ද මහත්තයාට ජයවේවා‘ යැයි ඔවුහු කෑගැසූහ.
එසේ කෑ ගසා පීත්ත පටිය කැපීමට සම්බන්ධවූ කාන්තාවන් දෙදෙනා මහර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනකු බවත් කියති.
අධිවේගය විවෘත කිරීමේ අවස්ථාවේදී මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බෙරහඬ හා නැටුම් මධ්‍යයේ මාර්ගයේ ඉදිරියට එමින් සිටියදී ජනතාව අතර සිටි එම කාන්තාවන් දෙදෙනා එක්වරම පැමිණ බෑගයකින් එළියට ගත් කතුරකින් පීත්ත පටිය කපා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවි ගියත් වැඩේ නම් නියමයි. මෙන්න මගෙන් මල්මිටක්! (නි)
මහින්ද රාජපක්ෂ මහතා වුණත් මේවා කරන්න ගෙදරින් සල්ලි ගෙනාවා නෙමෙයිනේ.මහින්දට කලින් සිටිය අයත් ගෙදරින් සල්ලි ගෙනාවේ නැහැ.ඒත් ඒගොල්ලෝ මේ වගේ වැඩ කළේත් නැහැනේ. (නි)
මේ ලෝකේ මොන දේශපලකයද තමන්ගේ ගෙදරින් ගෙනාව සල්ලි වලින් රටට වැඩ කරන්නේ ? ප්‍රශ්නය , හැම දේශපාලකයටම ඔය දේවල් කරන්න බැරි වීම . කට්ට පිත්තල ජේ . ආර් ටවත් බැරි උනා අපේ රටේ යුද්දේ ඉවර කරන්න . මහින්ද කලා. අපිට සිහිනයක් වුණ ආදීවේගී පාරවල් හැදුව . එකයි අපි මහින්දට කැමති . (අ)
ලේත් නිල් පාට අයද (බ)
සමහර අයට දුකයි කවුරුවත් හදපු එකක් කවුරුත් විවෘත කරනකොට ලෝකයට පේන්න විවෘත කළාට ඒ අයගෙම හිත් දන්නවා මේක තමුන්ට මදිකමක් කියලා (බ)
වසන්තගේ කතාව ඇත්ත. ඒ කාලේ වතුරට උද්ගෝෂණය කල අයට වෙඩි. දැන් පාර අරින එකට ඇවිල්ලා ගොන් පාට් දාන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදයත් වැඩිපුර හොඳ නෑ කියන්නේ ඕකනේ. මහින්දගේ තත්ත්වය පෙනෙනවානේ. (අ)
ලංකාවේ තවමත් පිටකොන්ද තියෙන වීර මිනිස්සු ඉන්නවා. ගැහැණු දෙදෙනෙක් ඒ දේ ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. (ම)
නියම වැඩක්. ඒ දෙන්නගේ නමත් ගලේ කොටන්න.(ම)
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තුමාටත් ආරාධනා කලානම් යහපාලනයට තවත් වටිනාකමක් ලැබෙනවානේ .මේක එතුමාගේ කාලයේ සිදුකලබව නොදන්නේ කව්ද .කළගුණ සැලකීම උතුම් ගතියක්නේද . (අ)
හොද වැඩක්....අනුන් කරපුව විවෘත කරන්න අාවට....එඩිතර කාන්තාවක්....ප්‍රාදේශිය සබාවට යවමු......(බ)
මේ වගේ පිස්සෝ තව රටේ ඉන්නවා (බ)
කොහොමටත් මහින්ද කළ දේවල් විවෘත කරන්න පරක්කු කළේ එයා දිනාවී කියලනේ, මේ ආණ්ඩුවට ඕන විදියට ඒවා කරන්නේ දැන්. හොඳ දේවල් අගය කරන්න ඕන (බ)
මාර මිනිස්සු ඉන්නේ මහර තමයි. ඔබලාට මගේ උත්තමාචාරය. (බ)
ඕවට කවුද කියන්නේ වීර වැඩ කියලා . ගොන් මෝඩ වැඩ. (බ)
ඔය පාරවල් ගැන කියල මෙලෝ හසරක් නැති මොඩ ජන්ද කොච්චරනං ගරා ගත්තද? මේ කරන විලි ලැජ්ජ නැති වැඩ වලට කාන්තාවන් දෙදෙනා කලදේ හැර වෙනත් සුදුසු විකල්පයක් නැත (ම)
මේ හැම දෙයක්ම ජනතා මුදල් අපේ බදු මුදල් ණය ගෙවන්නේ අපි ඉදිරි අපේ පරම්පරා මෝඩ මිනිස්සු දේශපාලනය වෙනුවෙන් ඇන කොටා ගන්නවා දැන් මහින්දව නඩත්තු කරන්නෙත් අපේ මුදලින් ඒ නිසා තමයි අපි නීතිගරුක පුද්ගලයන් දේශපලනයට තෝරා ගත යුක්තේ !! (බ)
මහින්ද රාජපක්ෂ ගෙදරින් ගෙනාපු සල්ලි නෙවේනේ...(ම)
අර මරණ සහතිකේ ලැබුනම පිළිමයක් හදනවා කියල ප්‍රසිද්දියේ කිව්ව නෝනා නම් අපුරුවට ඉන්නවනේ. (අ)
නියම ගැණු දෙන්නෙක් ඇත්තටම සතුටුයි මහින්ද මහත්තයාගේ අගේ දන්නා අය ඉන්නවනේ කියල රටටම පෙන්නුවනේ. (අ)
ඒ කාන්තාවන් දෙදෙනා අගයමි (නි)
මහින්ද මහත්තය එව්වද දන්නේ නේ.....(ම)
කාගේ හෝ උසිගැන්වීමක් (ම)
කවුරු හරි කියනවානම් කාන්තාවන් දෙදෙනා කරපු වැඩේ හොඳයි කියලා එයාලගේ බුද්ධි මට්ටම හොඳටම තේරෙනවා. හොඳ දේට හොඳයි කියන්නත් වැරදිදේට වැරදි කියන්නත් අපි කාරුණික වෙන්න ඕනෙ (බ)
මහර ආසනයේ ඉන්නේ ඉතිහාසය නොදන්න මීදෙනුන් කියල ඔප්පු වුණා. මෙම මාර්ගය හදන්න නිර්මාණ කටයුතු නිම කළේ සහ ඉදිකිරීම් වියදම් සඳහා ණය ලබාගැනීමට සාකච්ඡා ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන්න හුඟක් කලින්. ආධාර ලබාගත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව. එවකට රජය කරවන තැනැත්තන්ගේ නම් ශිලා ස්ථම්භයන්හි කෙටීම ඓයිතිහාසික සම්ප්‍රදාය. එසේ සඳහන් කරන්නේ ".......... රාජ්‍ය කරවන සමයෙහි....." කියල. දැන් මේක විලාසිතාවක් වෙලා ශිලා ලේඛන ගත කරන්නේ "....... විසින්..... ජනතා අයිතියට ...... දින පැවරූ වගයි." කියල. (බ)
මෝඩ වීරයෝ ! ඔයවගේ ගොන් වැඩ වලට උල්පන්දම් දෙන්න එපා . දේශපාලකයෝ වැඩ කරන්නේ අපේ සල්ලි වලින්. ඔව්න් ගසාකන්නෙත් අපේ සල්ලි. ඒ අයව එතෙන්ට යවන්නෙත් අපි. කව්රු පටන් ගත්තත් කව්රු විවෘත කළත් ඒ අපි බදු ගෙවෙන සල්ලි පරිප්පු වලට සීනි වලට. කරුණා කරලා හිතන්න දැන් ඉන්න අය යන දවසට මේගොල්ලෝ පටන් ගත්ත වැඩ විවෘත කරන්නේ ඊලගට එන අය. (බ)
මෙය ප්ලෑන් කරලා කරපු වැඩක්.(හේ)
ලෝකේ එම මිනිසුන්ම බුද්දිමතුන් නෙවේ, එම මිනිසුම රජයක් සහ පාලනයේ අර්ථය නොදනී (හේ)
පොඩි වෙනසකටත් එක්ක ඒ දේ වුන එක හොදයි ඒත් ඒ අය රිමාන්ඩ් කරපු එක තමයි වැරැදි.(හේ)
දෙගොල්ලොම සහයෝගයෙන් ඕක කළා නම් ඉවරනේ (නි)
මේ දේට රිමාන්ඩ් කරන එක හරිද?(හේ)
අපේ කාන්තාවන් කවදත් ඔහොමයි. බොහොම නිර්භීතයි (නි)
ඉතින් ඇමතියට කපන්න මහන්සි වෙන්න ඕනෙ නෑ නෙ (බ)
ඕනේ ගොනකුට හයිවේ එක ඕපන් කරන්න දුන්නේ නැති එක හොඳයි. කාන්තාවන්ට අපේ ආචාරය (බ)
මොනවා වුණත් නිර්භීත කාන්තාවෝ දෙන්නෙක් (නි)
අනේ මෙහෙමත් දේවල්! (නි)