බලවත් ඇමැති මහත්මයෙක් ළඟදී බලසම්පන්න රටකට ගිහිල්ල ලංකාව ගැන කතාවක් කළාලු.
ඒ කතාව කළේ රටට බලපාන ලෝක ප්‍රශ්න ගණනාවක් ගැනයි. මේ කතාවෙදි ආණ්ඩුවේ ලොකුම මහත්තයෙක් ඊට පෙර ප්‍රකාශයට පත් කළ ප්‍රතිපත්තිමය කාරණා වලට වඩා වෙනස් දේවල් උන්නැහේ කිව්වලු.
මේ නිසා ආණ්ඩුවෙ ප්‍රතිපත්තියයි ඇමැතිතුමාගෙ ප්‍රතිපත්තියයි දෙකක්ද කියල ලෝක ප්‍රකට මාධ්‍ය ආයතන ප්‍රශ්නයක් මතු කළා කියලත් ආරංචියි.
කොහොම හරි රජයේ ප්‍රතිපත්තියට පටහැනිව ඇමැති තුමා කළ කතාව ගැන ආණ්ඩුවෙම ඉහළ තනතුරැ දරන දෙතුන්දෙනෙක් රටේ ඉහළම කන්තෝරැවක ලොකු මහත්තයකුට පැමිණිලි කළා කියල කියවෙනව...
මේ පැමිණිල්ලෙන් පසුව කරැණු සොයා බැලූ ආණ්ඩුවෙ ලොකුම තනතුරක් දරන මහත්තයට සෑහෙන්න කේන්ති ගියාය කියල තතු දත් අය කියනව.
ළඟදිම මේ ඇමැති තැනට කතා කරලා මෙයින් ඉදිරියට මේ වගේ අර්බුදකාරී කතා නොකියන ලෙස අවවාදයක් කරන්න යනව කියල අපට දැනගන්න තියෙනව.
2025 දෙසැම්බර් මස 18
656
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමැතිට අවවාද