අයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ලක්ෂ්මන් යාපා පදනමට ගෙන් වු කන්ටේනර් දෙකක් සැකයට භාජනය වුවත් මුදාහළ බව රේගු ආරංචි කියයි.
අඩි 40X20 කන්ටේනර් දෙකේ ජපානයේ පාවිච්චි කළ බයිසිකල් 200ක් වු බව කියති. ගිය අඟහරුවාදා මෙම කන්ටේනර් දෙක රඳවාගෙන ඇත්තේ ඉන් එකක පාවිච්චි කළ වාහන දෙකක අමතර කොටස් ඇතැයි යන සැකය මතය.සැකයට ප්‍රධාන හේතුව වුයේ බයිසිකල් 200කට එක කන්ටේනරයක් ප්‍රමාණවත් නිසා යැයි රේගුව කියයි.කන්ටේනර එක්ස්රේ පරීක්ෂණයේදී මොටර් රථ අමතර කොටස් තිබුණු බව පෙනුණේ යැයි රේගු ආරංචි කියයි.
කන්ටේනර පරීක්ෂා නොකරම සිකුරාදා (31) ඒවා මුදාහළ බවත් බඳු වශයෙන් රුපියල් 436571 ක් ගෙවු බවත් වාර්තා වේ.
අබේවර්ධන මහතා කියනුයේ තම පළාතේ දුප්පතුන්ට බෙදා දීම සඳහා බයිසිකල් ගෙන් වු බවයි.
මොටර්රිය අමතර කොටස් එහි නැතැයි ද හැම බයිසිකලයකටම ඉදිරියෙන් බාස්කටයක් ඇති නිසා කන්ටේනර් දෙකක් යොදාගත් බව ද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට වුණා නම් බලන්න තිබුනා. (නි)
කලිනුත් අර ගෙනාපු කුඩු කන්ටේනර් එකක් එළියට ගියා කියලා එක එක කතා කියනවා මට ඇහිලා තියෙනවා (නි)
මැදපෙරදිග ඉදල අපි ගේනවා පරණ පාවිච්ච් කරපු ඇඳූම් ඒවා රේගුවේ අයට සැකයි කියලා කැල්ලක් නෑර බිමට හලනවා. ඇයි එහෙම අපිට විතරක් කරන්නේ? (ර)
මේකට කොමෙන්ට් එකක් දාන්න පුළුවන් වුනත් ලංකාදීප කතෘ තුමා පළකරන්නේ නැති නිසා මොකුත් නොකියා ඉන්නම්. (ර)
අනේ ඇත්තට, අපි ගෙනාවා නම් මෙහෙම වෙයිද? (නි)
මගේ කරවල, පරිප්පු, හාල්, පෙට්ටිය නිදහස් කර ගන්න ගිය වෙලාවේ වයසක අම්ම කෙනෙක් එයාගේ දුව විසින් කුවේට් සිට කුඩා දරුවට නිකන් ලැබුන ඇදුම් ටිකකුයි, කිරිපිටි, චෝකලට් ටිකකුයි එවපු ටික නිදහස් කර ගන්න ඇවිත් හිටිය. ඒ වයසක අම්මගේ කුඩා පෙට්ටිය පැදුරු එලල දිගහැරලා රුපියල් 8000 ක් බදු ගැහුවනේ. මීගමුවට ගෙනියන්න රුපියල් 5000 ක්. ඒ වයසක අම්ම සාප කර කර ගියේ. මොන තරම් අසාදාරණද ? (ර)
මේ පරණ බයිසිකල් 200 ජපානයෙන් ගෙන්වාගන්න ඕනෑද? ඇමතිතුමා ලංකාවේ පරිත්‍යාගශීලින්ට ආරාධනාවක් කළා නම් අලුත්ම අලුත් බයිසිකල් 200 ක් ලෙහෙසියෙන්ම එකතු කරගන්න තිබුනනේ. අනේ මන්දා? (නි)
ඒත් අපේ වගේ පොඩි මිනිහෙකුගේ කන්ටේනරයක සැකසහිත දෙයක් තිබුනොත් ඔහොම යවාවිද? (නි)
ජපානයේ පාවිච්චි කළ බයිසිකල් කන්ටේනර් වලට පටවනවිට , හැඩලය, බාස්කටය, පැඩල් ගලවලයි පැක් කරන්නේ. ඉඩ ඉතුරුකරගන්න. ගෙනියන රටේදී තමයි ඒවා සවිකර ගන්නේ. (නි)
රෝහණගේ කතාව මමත් අනුමත කරනවා. (නි)
ඇමතිතුමා අකුරටම රාජකාරිය කරලා තියෙනවා වගේ. අපේ අයට මේවා මතක තියෙන්නෙන් ටික කාලයයි. මම ඉන්න රටෙත් ඉතා කලාතුරකින් ඇමතිලා මේ වගේ දේවල් කරනවා. හැබැයි අහුවුණොත් සමාවක් නැහැ. එක්කෝ ඉල්ලා අස්වෙනවා. ඊළඟ සැරේ ඉල්ලන්නෙත් නැහැ. ඉල්ලුවත් ඡන්දෙ ලැබෙන්නෙත් නැහැ කියලා ඒගොල්ලොත් දන්නවා. (නි)
කොහොමත් ඔහොම දේවල් වෙනවා, අයිති කෙනා ඇමැති කෙනෙක් නම්. (නදී)
මගේ අත් දැකීම අනුව නම් මේ වගේ දේවල් පිටරට ඉඳලා ලංකාවට එවන්න තියන ලොකුම බාධකය නැව් ගාස්තුවයි. ඒ නිසා මේවායේ තියන බාස්කට් එක සවිකර තිබෙන ඇන දෙක ගලවා වෙනම ගෙනාවා නම් එක කන්ටේනරයක් ඕනෑවටත් වඩා වැඩියි. ඉතින් බයිසිකල් ටිකට හොඳ සැප පහසුවට ලංකාවට එන්න කන්ටේනර් දෙකක් ගෙනාවා කියන එක කොන්ඩෙ බැඳපු චීන්නු උනත් විශ්වාස කරන්නේ නැහැ. මේ විදියට එක්ස් රේ වලින් පෙන්නන දේවල් වැරදියි කියලා ඔප්පු කිරීමේ හැකියාව තියෙන්නේ රජයේ දේශපාලකයින්ට පමණයි. (නදී)
කමක් නෑ ඉතින්, යුද්දේ දින්නනේ.(දිල්)
අනේ මේ ඕව කියන්න අර කොන්ඩේ බැඳපු අයට හොඳේ. මෙච්චර දක්ෂ අපේ රෙගු නිලාදරින්ව හෑල්ලු කරන්න එපා ලොකු අයියේ. ඇඟේ රත්තරන් අරන් යන අයව එයාලා අල්ලන්නේ එක්ස්රේ මැෂින් නැතුව. (දි්ල්)
පත්තරේ විස්තරේට ස්තුතියි. (දිල්)
අනේ අපොයි ඇමතිතුමෝ ඔබතුමාගේ මොලේ තරම. පාවිච්චි කල කාසි කබල් බයිසිකල් එකකට රු. 2182.86 බදු ගෙව්වනම්, නැව් ගත කිරීම් හා ප්‍රවාහන ගාස්තු හා අනෙකුත් ගාස්තු එක්ක බැලුවම සයිකලයක් රු. 40000.00 විතර වෙලා. ඒ සල්ලි වලින් ලංකාවෙන් අලුත් සයිකල් ඩබල් - ට්‍රිබල් දෙන්න තිබ්බ, (දිල්)
ඔච්චර සැකයක් තිබ්බා නම් කන්ටේනර් දෙක කඩලා පරික්ෂා කරන්න තිබ්බනේ. අනේ මන්දා මේවා කාට කියන්නද කියලා. (නදී)
රිෆාන්ගේ කටේ මසුරන් ටිකක් දාන්න ඕනෑ (නි)
වැඩේ බොහොම වැරදියි. සැකයක් තිබුනා නම් පරීක්ෂා කරලම නිදහස් කලා නම් තමයි වඩාත්ම හොඳ. දැන් ඇමතිතුමා හින්දද මෙහෙම නිදහස් කරලා තියෙන්නේ එහෙම නම් සාමාන්‍ය කෙනෙක් ගෙනාවා නම් වැඩේ මීට වැඩිය දරුණු වෙනවා නේද පුදුම රටක්. (නදී)
ඒ උනාට අපට සැකයි. (නදී)
තීරණයක් ගැනීමේ බලය ජනතාව සතුව ඇත (නි)
ඇමතිට අනුව කන්ටේනර් එකක බයිසිකල් 200ක්, අනිත් කන්ටේනර් එකේ බාස්කට් 200ක්. හරිම ලස්සනයි (නදී)
දුප්පතුන් ගැන ගොඩක් දුක හිතිලා වාගේ (දිල්)
අනේ මේ වගේ ජනතාවට ආදරය කරන ඇමතිවරු! කොච්චර දේවල් ගෙනල්ලා ජනතාවට දෙනවද? ඩයස් කියන එක තමයි මම නම් කරන්නේ. (නි)
කවුරු වුණත් ඇත්ත කියාවිද?(දිල්)
ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් ජපන් යෙන් කීයද ? (බ)
කුඩුද? (බ)
රේගුවෙන් කන්ටේනරය බලන්න බය නොවී තියෙයිද අපි ලියන හැම දේම ඵලවෙන්නෙත් නැති එකේ (නදී)
බයිසිකල් එකකට රුපියල් 21882යි. සත 16 ක් බදු ගෙවල් මිනිස්සුන්ට නිකන් දෙන්න තරම් ඇමතිතුමා කාරුණිකවීම නම් අගේ කළ යුතුයි, එත් ළග එන මැතිවරණ දිහා බලුවහම නම් ප්‍රශ්නයක් තියෙනවා , (දිල්)
අනිත් කන්ටේනර් එකේ බාස්කට් 200ක්?(දිල්)
දුප්පත් ජනතාව ගැන බොහොම අනුකම්පා හිතිලා වගෙයි! (දිල්)
මම හිතන්නේ එක්ස් රේ යන්ත්‍රය කියන්නේ බොරු ඇමති තුමා ඇත්ත කියන්නේ. (බ)
මේ උන්නැහේ බොරුවට සද්ද දාන්න එපා. තණකොළ ටික කපිගන්නයි මම කිතුලට නැග්ගේ කියල අපේ මුත්තත් බේරුනා අහල නැතිද ආයුබෝවන්. (නදී)
ශ්රී ලංකා රේගුවේ ස්කෑන් යන්ත්‍රයේ ඇතිඋන දෝෂ සහගත තත්වයක් නිසා මෙම තත්වය ඇතිවෙලා ඇති.. හොදම දේ ඇමතිගෙන් සමව ඉල්ලලා කොන්ටනේර් දෙකම ගෙදරටම ගිහිල්ල දෙන එක ... (බ)
ඇමති අවංකනම් වහාම කන්ටේනර් දෙක මහජනයා ඉදිරියේදී විවෘත කළයුතුව තිබුනා.මේකෙන් පෙනෙන්නේ මෙයා මොනවා හරි හංගන්න හැදුවා.අමතක කරන්න එපා ....ඇමතිකම් නැතිවෙන දවසක් එනවා.එදාට මහජන අධිකරණය ඉදිරියට යන්න වුනොත්..(අ)
ඉතින් පරීක්ෂා කරලා බලන්න තිබුණානේ (දිල්)
ඔය එක්ස් රේ එකත් මාර අද්භූත එකක්. සමහර වෙලාවට බයිසිකල් පෙන්නන්නේ වාහන අමතර කොටස් වගේ. තව සමහර වෙලාවට වාහන අමතර කොටස් පෙන්නන්නේ බයිසිකල් වගේ. කල් ඇතුව හරියට කතාකරගත්තොත් පරණ කිසි වටිනාකමක් නැති දේවල් වගේ පෙන්වන්නත් පුළුවනි. (දිල්)
තමන් නිවැරදි නම් ඇයි පසු බාන්නේ (දිල්)
දේශපාලකයින් හරිමඟට ආවොත් තමයි රට නියම සංවර්ධනයට ගෙනියන්න පුලුවන්. මොකද මොවුන්ගේ මෙවැනි ක්‍රියා ඔවුන් වටේ සිටින්නන්ටත් පුරුදුවෙන එක සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. ස්වභාවික විපත් වලට මේවත් එකතුවුණාම ආශ්චර්යයේ හොඳම ප්‍රතිලාභ රටට අත්වෙමින් පවතිනවා. (නි)
ඔය රටේ නීතිය කෝ ?(දිල්)
අපි අවුරුදු ගණන් දුක් විඳලා හම්බ කරපුවාගෙන් යමක් අර ගෙන යද්දී තමයි පැදුරු දමල වනල පරීක්ෂා කරන්නේ. මේවා එක දුර කතන දැන්වීමකින් එළියේ. කාටද මේවා කියන්නේ. (නදී)
කෝ මේ බංඳුල පෙරේරා (නදී)
පාවිච්චි කරපු බයිසිකලයක් මෙච්චර වටිනවද? මේ කියන විදියට එක බයිසිකලයකට බද්ද විතරක් රුපියල් 2185/- ක් වෙනවා. එතකොට ගත්තු මිල, ප්‍රවාහන ගාස්තු එකතු උනාම රුපියල් 5000/- ත් පනිනවා. තමන්ගේ ඡන්දදායකයින්ට නිකම් බෙදන්නලු. නරකම නැහැ. (නදී)
ලලිත් මහත්තයාගේ කතාව හරියට හරි. මම හිතන්නෙත් ඔය එක්ස් රේ යන්ත්‍ර වැඩකරන්නේ ලොකු තැන් වලින් කියන විදියට වගේ. ඒ ඒ උදවියට ඕන දේ තමයි ඕකෙන් පෙන්වන්නේ. කොහොම උනත් ආණ්ඩුවෙන් වෙන් කරන මුළු මුදලින් ජනතාවට වැඩකර මදි හරියට තමන්ගේ අතිනුත් දාල වැඩ කරන මෙහෙම ඇමතිවරු ලබන්න අපි වාසනාවන්ත වෙන්න ඕනෑ. (නදී)
ඇමතිතුමාට වැඩේ පාඩුයි වගේ. පරණ ජපන් බයිසිකල් කොළඹ මිලත් රුපියල් 5000 ක් වගේ. එම මිල අනුව රුපියල් 10,00,000 කට පමණ කරදරයක් නැතිව ගත හැක. මේ ගෙනාව ඒවා රෝද දෙකේ බයිසිකල් ද දන්නේ නැහැ. (ර)
මෙදා පාරත් දීලම බලමු. ඇත්තටම මේ කණ්ඩායම නැත්නම් රට ගෙනියන්ඩ බෑ. මොනවා උනත් නැවත පත් කර ගත යුතුමයි. උදෙන්ම ඡන්දෙ දාන්ඩ යන්ඩ (නදී)
සැකයක් තිබුනා නම් ඒක පරීක්ෂා කරන ඒක නිලදාරීන්ට අදාළ රාජකාරියක්. එහෙම නොකරපු එක ඇමතිතුමාගේ වැරද්දක් නෙමෙයි. එම නිලදාරීන්ට සැකයක් නැති නිසා තමයි යන්ඩ දීල තියෙන්නේ. කට්ටිය බොරුවට උඩ පනින්නේ නැතුව ඉන්න. (නදී)
"සැකයක් තිබුනා නම් ඒක පරීක්ෂා කරන එක නිලදාරීන්ට අදාළ රාජකාරියක්." මැති ඇමති ලට රාජකාරි කොරපු අයට අත්වූ ඉරණම අපි දන්නවා. (නදී)