සන්ධානයේ හිටපු අමාත්‍ය එස්.බී. රත්නායක මහතාගේ මාදිවෙල තෙමහල් නිවසේ තට්ටු දෙකක් ගිනි ගැනීමෙන් රන් බඩු ද පෞද්ගලික ලියවිලිද නිදන කාමරය ද විනාශ වී ඇති බව අමාත්‍යවරයා පවසයි. දැනට 10 දෙනකුගෙන් පමණ කටඋත්තර ලියාගෙන ඇත. නිවසේ විදුලි මීටරයට කිසිදු හානියක් සිදුව නැත. පහත මාලයද ගින්නෙන් බේරි ඇත. රජයේ රස පරීක්ෂක ඇතුළු නිලධාරීහු එහි පැමිණ පරීක්ෂණ ඇරැඹූහ. ඔහු මෙවර මහ මැතිවරණයට තරග කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් දුක් මහන්සියෙන් හම්බ කරපුවා. (නදී)
එ්ක තමයි මටත් හිතුනේ. (නදී)
පව් පින් විපාක (නදී)
පවු දෙවියනේ! මේ සැරෙත් කොහොමහරි පත්කරමු ඊළඟ සැරේ නිදන කාමර ටිකක් හදාගන්න (නි)
පෞද්ගලික ලියකියවිලි නැති වෙන්න හේතුව මොකක්ද? පූර්ණ පරීක්ෂණයක් කරන්න වෙනවා. කාගේ හරි ෆයිල්ද? (නි)
පව්! වෙච්ච දෙයක්? ජීවත් වෙන්නත් ක්‍රමයක් නැතුව ඇති (නි)
කොහොමද රන් බඩු ගින්නෙන් විනාශවුණේ? (නි)
ඕක ගණන් ගන්න එපා ඇමතිතුමා, මේ පාර ඡන්දෙන් දිනුවොත් ඔය අලාභය පොළියත් එක්කම හොයාගන්න පුළුවන්. ඒවාට ක්‍රම සහ විධි දන්නේ දේශපාලඥයෝ විතරයි. (නි)
පිච්චුන ගේ හදාගන්න, ඡන්දය අපි ඔහුට දෙමු (නි)
තෙමහල් නිවාසය ගැන දුකයි (නි)
මේ වගේ දේවල් කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? (නි)
වැදගත් ලිපිගොනු ටික තමයි පිච්චිලා ඇත්තේ.අපරාදේ. (නි)
අනේ! සාධාරණයෙන් හම්බකරගත් සල්ලි නේද මේ? (නි)
ඇමති තුමාගේ කී වෙනි ගෙදරද ඔය පිච්චුනේ හැබෑටම?(නදී)