සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති බාරගත් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා එසෑණ සමග කියා සිටියේ ජනාධිපති තමා ගැන විශ්වාසය තබමින් දුන් මෙම ඇමතිකමින් උපරිම ඵල ප්‍රයෝජන ගාලු දිස්ත්‍රික් මෙන්ම දකුණු පළාත් ජනතාවටත් සමස්ත රට වැසියන්ටමත් දෙන බවයි.
ජනාධිපතිතුමාගේ විශ්වාසය කිසිදු ලෙසකින් කඩකිරිමට තමන් කටයුතු නොකරනා බවද එ මහතා කීය.
මෙතරම් ඇමැති මණ්ඩලයක් රටට බරක් නොවෙදෑයි එසෑණ කළ විමසුමට පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පෑවසීය.
එක් ඈමතිවරයෙක් යටතේ අමාත්‍යංශ විශාල ප්‍රමාණයක් තිබිමෙන් කිසිදු පලක් නැහැ. ඇමතිකම් බෙදා වෙන් කිරිමෙන් රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම අමාත්‍යවරුන්ගේ කාර්ය භාරය විහිදුවාලිය හැකිය.
ජනාධිපතිතුමා බලාපොරොත්තුවන පරිදි ඉදිරියෙදී ශ්‍රි ලංකාව ආසියාවේ දියුණුම රටක් බවට පත් කිරිමටද එමගින් හැකියාව ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමාට නම් බර දැනෙන්නේ වත් නැහැ. අපිට නම් මේ බරයි, දුකයි දෙකම උහුල ගන්නත් බෑ බෑ බෑ ....... (ස)
කොරයි කොරයි (දී)
බන්දුල. මහජන මුදලින් රජයෙන් සැපයෙන සියලු සැප සම්පත් බුක්ති විදින බන්දුල කොහොමද එහෙම කියන්නේ.අපි නම් බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ.ඉස්සර කාලේ දී තුන් වේල කාල ඇඳලා හිටිය මිනිස්සු. (ස)
බමුණු, ඒ අනුව නියෝජ්‍ය ඇමැතිවරු 9 දෙනාට දුරකථන සඳහා මාසිකව වැය කිරීමට සිදුවන මුදල රුපියල් 1,53,000.00කි. වසරකට වැයවන මුදල රුපියල් 18,36,000.00කි ඒ අනුව පෞද්ගලික ලේකම්වරු 9 දෙනා සඳහා මාසිකව වැයවන මුදල රුපියල් 1,72,800.00කි. වසරකට රුපියල් 20,73,600.00 කි. මේ තරම් විශාල මුදලක් වැය කරනු ලබන්නේ කවුරුන් සඳහාද යන්න ප්‍රශ්නයකි.ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන ආකාරයට රජයේ නොපියවූ ණය ප්‍රමාණය පසුගිය වසරේදී රුපියල් මිලියන 60,00,000කි. විදේශීය ණය ප්‍රමාණය රුපියල් මිලියන 27,00,000කි. ඉතින් මෙය අපේ රටට තවත් බරක් නොවන්නේද? බත් කන හරක්ට ඕවා කියල වැඩක් තියෙනවද? (ස)
ග්‍රෑම් 400 හයිලන්ඩ් කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 15 ක් ඉහළ දැමූ බව මිල්කෝ සමාගම බදාදා (16) රාත්‍රී නිවේදනය කළේය. ඒ අනුව හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුවක නවතම මිල රුපියල් 325 ක් වෙයි. (දිල්)
වැලේ ගෙඩි වැලට බර නැතුවා වගේ ඔය බරත් දුප්පත් ජනතාව කරමතම තමා,නමුත් මොන ඇමතිද තමන්ගේ අමාත්‍යංශය හරියට කරගෙන යන්නේ?මේක තමා ගැටලුව.එතුමලා වරප්‍රසාද ලබනවා රටවැසියෝ සදා දුකේ (නි)
"එක් ඈමතිවරයෙක් යටතේ අමාත්‍යංශ විශාල ප්‍රමාණයක් තිබිමෙන් කිසිදු පලක් නැහැ. ඇමතිකම් බෙදා වෙන් කිරිමෙන් රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම අමාත්‍යවරුන්ගේ කාර්ය භාරය විහිදුවාලිය හැකිය." අලුත් සංකල්පයක්..! කොහොමද එක ගමකට එක අමතිතුමෙක්. සුන්දර රටක්. පිරිපුන් ජාතියක්....! (නි)
ටිකිරි බණ්ඩා, ලංකාවේ බන්දුලලා ගොඩාක් ඉන්නවා. ඒ නිසා හැමෝම එක මිම්මෙන් මනින්න එපා. මම රජයේ මුදල් වලින් යැපෙන කෙනෙක් නෙමෙයි. මම ඉන්නේ රැකියාව කරන්නේ දෝහා කටාර් වල. (ස)
ඇමතිකමේ බර නැතිවුණාට ඒ මහතාගේ ශරීරයේ බර නම් අඩු කරගන්න වෙයි අනිවාර්යෙන්ම. (නි)
රටට වැඩ කරන්න ඇමති, උපඇමතිකම් අවශ්‍ය නැත (නි)
ඇත්ත නේන්නම්. දැනටමත් එක ඇමති අමාත්‍යංශ දෙක තුන බාරව ඉන්නවානේ. ඒවා කඩලා වෙන්කරමු. (නි)
මේ වගේ අයට අපි වගේ මී හරක් ඉන්නකන් හොදයි.සියළුම බර අපි අදිනවනේ (නි)
ඒකෙන්ම පැහැදිලියි අපිට කෙරුවාව.... (නි)
එක ඇත්ත , මහත්තයලට කොහේ බරක්ද? බර අපිටයි අපේ නුපන් පරපුරටයි නේ. ඔහොම යමු මහත්තයා (නි)
අපිට නම් මොකුත් නොතේරේ (අ)
එතුමා හරි. මේ ඇමති මණ්ඩලය එතරම් බරක් නොවේ. ඉතිරි මන්ත්‍රීතුමන්ලාටත් වගකිව හැකි ඇමතිකම් දෙමු. ගරු මන්ත්‍රීතුමන්ලාගේ සහ ඇමති මණ්ඩලයේත්, එම නිලධාරින්ගේත් සේවය උතුම්කොට අගේ කරමු. සියලුම රජයේ සේවකයින්ගෙන් කෙලින්ම රට දියුණු කිරීමේ බද්දක් අය කරගන්න. (නි)
කතාවෙන්ම තේරෙනවා මෙතුමාගේ තරම. (නි)
මගේ යාලුවෙක් කිවුවා ලංකාවේ මිනිස්සුන්ව නිර්වින්දනය කරලලු තියෙන්නේ. මගේ යාලුවට පිස්සු. (නි)
ඒ අනුව නියෝජ්‍ය ඇමැතිවරු 9 දෙනාට දුරකථන සඳහා මාසිකව වැය කිරීමට සිදුවන මුදල රුපියල් 1,53,000.00කි. වසරකට වැයවන මුදල රුපියල් 18,36,000.00කි ඒ අනුව පෞද්ගලික ලේකම්වරු 9 දෙනා සඳහා මාසිකව වැයවන මුදල රුපියල් 1,72,800.00කි. වසරකට රුපියල් 20,73,600.00 කි. මේ තරම් විශාල මුදලක් වැය කරනු ලබන්නේ කවුරුන් සඳහාද යන්න ප්‍රශ්නයකි.ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන ආකාරයට රජයේ නොපියවූ ණය ප්‍රමාණය පසුගිය වසරේදී රුපියල් මිලියන 60,00,000කි. විදේශීය ණය ප්‍රමාණය රුපියල් මිලියන 27,00,000කි. ඉතින් මෙය අපේ රටට තවත් බරක් නොවන්නේද? (නි)
දන්නේ නැති හින්දයි අහන්නේ. ඇමතිතුමා කොහොමද මෙහෙම කතා කරන්නේ? (නි)
පඩි නඩි ගෙවන්න ආණ්ඩුවේ අයගේ අම්මලගේ අප්පලගේ බූදලෙන් යන එකක්යැ?අපේ සාක්කුවෙන් මිසක් (අ)
එකෙන්ම තේරෙනවා අපේ අමතිලගේ නුවණ. එතකොට පඩි නඩි, නිල රථ, නිල නිවාස, සේවක තොගය බලාගන්නේ කවුද? (නි)
ඔබතුමාගේ ඇඟ දිහා බලපුවම ඒක හොඳටම පැහැදිලි වෙනවා ඇමතිතුමනි අනේ අපේ අහිංසක ජනතවට දෙය්යන්ගේම පිහිටයි (අ)
ඔහොම යමු (නි)
අනේ අම්මපා! මේ කතා කරන්නේ අපේ රට ගැන අබමල් රේණුවක් තරම්වත් හිතලද? (නි)
ආණ්ඩුවට නම් බරක් නැහැ තමයි, ඒ වුණාට අපිට නම් ඒ බර හොදටම දැනෙනවා. ඔබතුමාලට ඡන්දෙ දීලා කරපු මෝඩකමේ බරපතලකම තේරෙන්නේ දැනුයි. පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝටම ඇමතිකම් දුන්නා නම් රට ඉක්මනට දියුණු වීම කෙසේවෙතත් අගාධයට යන හැටි නම් බලාගන්න පුළුවන් වෙයි ඉක්මනටම. (නි)
බර උසුලන්නේ දුප්පත් අපිනේ.. (නි)
මෙයාගේ කතාවේ ලස්සන? (නි)
ඔන්න ඔහේ 160 දෙනාටම ඇමැතිකම්ම දෙන්න. එතකොට එකපාරින් ප්‍රශ්නය අවසානයි. මිනිස්සුන්ටත් බොහොම ඉක්මනින් අමතකයි. (නි)
ඔව් අපි දැක්කා,මුතුහෙට්ටිගම ඇමැතිතුමාත් කිසිම බරක් නැහැ වගේ බරට බරේ නැගිටලා ගියේ (නි)
ගාලු දිස්තිරික්කයේ ජනතාවට සහ නිශාන්ත මහතාටත් ජයවේවා. (අ)
මේ අවුරුද්දේ හොඳම බොරුව සහ විහිළුව.මේ උතුමා විතරක් නොවෙයි ඔය කොයි උතුමත් කරන කතායි හා කෙරුවවයි බලුවහම් පෙනෙනවා මේ ගොල්ලෝ කොතරම් රටටත් පොදුජනතවටත් ආදරේද කියල.අපේ පිනට නියම කවට අන්දරේලා ගොන්නක් ඇමතිකම් අරන් තියනවා. මෙහෙව් අයට චන්දෙ දීල පත් කරපු අපිටමයි ගොන් කවඩි කොටන්න ඕන. (අ)
මොකටද මගේ කට? වැඩක් නැහැ කියලා (නි)