
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල නගරයේ විරෝධතාවයේ යෙදුනු පිරිසෙන් කොටසක් රජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ නිවස වැටලීමට ගිය අවස්ථාවේ පොලිසිය එය වැළැක්වීය.
ඒ වන විට රාජ්‍ය අමාත්‍යවරයා නිවසේ නොසිටි අතර පොලිසිය විසින් නිවසට ඇතුළුවන මාර්ගය වසා මාර්ග බාධක යොදා සිටියහ.
විරෝධතා පාඨ කියමින් එහි පැමිණි පිරිස පොලිස් බැරියර් පෙරළාගෙන යාමට තැත් කළ අතර පොලිසිය විසින් එය වළකන ලදී.
එහෙත් රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස සහිත ඉඩමේ වැටෙන් ඇතුළු වූ විරෝධතාකරුවන් නිවස දෙසට දිව යද්දී අමාත්‍යවරයාගේ නිවසේ සිටි අමාත්‍යවරයාගේ ආධාරකරුවන් පිරිසක් පැමිණීමත් සමග විරෝධතාකරුවන් ආපසු මාර්ගයට පැමිණ විරෝධතා පාඨ කියමින් සිට පැයකට පමණ පසුව විසිර යන ලදී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉන්නේ අනුරගේ හෙල්මට් ගැන්සි එක. ඔය කට්ටියට ඕනෙ රට හදන්න නෙවෙයි, බලය ගන්න..
හපොයි, හපොයි.... ජනතාවනි. දැනට රැකිලා තියෙන ශරීර ශක්තිය හැකි පමණ ඉතිරිකරගන්න. මේ රට යන විදිහට හෙට දවසේ කෑමක් බීමක් ගැන සිතීම අපහසු වනු ඇත. නිශ්ශබ්දව සිට ඊළඟ ඡන්දයේදී ඔය කට්ටියට වියදම් කිරීම හෝ ඡන්දය දීමෙන් වැළකී තම තමන්ගේ වාරයේ උපරිමය ලබාගන්න. කොකාට වාරයක් වගේ තිත්තයටත් ලැබෙන වාරයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න.
මෙතුමා නේද මොළ හතේ කතාව කිව්වේ? කුකුල් මස්, බිත්තර ඇමති.