සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි දොස්තර රාජිත සේනාරත්න මහතා අද (18) අලුයම කටුනායකින් දිවයිනට පැමිණියේය.
සිංගප්පුරුවේදී සැත්කමක්ද සිදු කෙරුණූ සේනාරත්න මහතා සති කිහිපයක් එහි ප්‍රතිකාර ගත්තේය.
සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි දොස්තර රාජිත සේනාරත්න මහතා අද (18) අලුයම කටුනායකින් දිවයිනට පැමිණියේය.
සිංගප්පුරුවේදී සැත්කමක්ද සිදු කෙරුණූ සේනාරත්න මහතා සති කිහිපයක් එහි ප්‍රතිකාර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංගප්පුරුවේ රෝහල් වල ජනතාවට සේවය සළසන විදිය ගැන දැන් අපේ සෞඛ්‍ය ඇමතිතුමාට පෙනෙන්න ඇතිනේ. දැන්වත් ඉතින් අපේ ජනතාවටත් නියම සේවයක් ලබාදෙන්න කටයුතු කරන්න (නි)
ඇති යාන්තම්. දැනුයි හිතට සැනසීමක් දැනුනේ (නි)
ආපසු ගෙදර එන්න තරමේ වාසනාවක් තිබිලා තියෙනවා , දැන් බියක් සෙකක් නොමැතිව අධිකරණයට මුහුණ දෙන්න .තමාගේ නිදොස් බාවය ඔප්පු කරන්න (බ)
එම සැත්කම ලංකාවේ ජාතික රෝහලේ හෝ කරාපිටිය රෝහලේ නොකළේ මන්ද කියා සෞඛ්‍ය ඇමතිතුමා ප්‍රකාශයක් කරනවා නම් අපි කැමතියි (නි)
අපේ රටේ ගිලන් රථ වලට ගර්බනී මවක් වෙන රෝහලකට ගෙනියන්න පෙට්රෝල් නෑ, දොස්තරලා වැරදී කකුල් කපනවා, ඉතින් සිංගපුරුව වගේ රටවලට යන එක පුදුමයක් නෙවෙයි , සෞඛ්‍ය ඇමති වගකීම ගන්න ඕන අපේ රටෙත් සෞඛ්‍ය සේවය දියුණු කරන්න. (ර)
සෑම හදවත් රෝගියෙකුටම සිංගප්පුරු යවා ප්‍රතිකාර කරවන රජයේ වැඩසටහනක් පටන් ගන්න. (ර)
මෙතුමා මොන පක්ෂයක හිටියත්, ඉතාම දක්ෂ දේශපාලකයෙක්. අපේ ඇමතිතුමාට ඉක්මන් සුවය ලැබේවා..! (ර)
බලන්න එන්න බැරිවුණත් රෝහල් ගුවන් ගමන් වලට අපි සහයෝගය දුන්නා. (නි)
අපි හැමදාම ප්‍රාර්ථනා කළා ඉක්මන් සුවය ලැබෙන්න කියලා (නි)
ලංකාවේ සෞඛ්‍ය ඇමතිට ලංකාවේ රෝහල් ගැන විශ්වාසයක් නෑ. ඒකනේ සිංගප්පූර් යන්නේ.... අනේ, නැතිබැරි අපේම රජයේ රෝහල් තමා...(බ)
සම්පුර්න්න සුවය ලැබේවා.! (ර)
ලංකාවේ රෝහල් හොද නෑ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හොදයි.(රේ)
මෙතුමා දක්ෂයෙක් තමයි නන්දා. කොච්චර දක්ෂද කියනවානම් ප්‍රභාකරන් මේ රටේ නායකය උනා නම් මෙතුමා ඒ රජයේත් ඇමති කමක් කරයි..(රේ)
දැන් එහෙනම් එෆ්සීඅයිඩියට යමු නේද? (බ)
බිල ආණ්ඩුවෙන් ගෙව්වද මහත්තයෝ.(රේ)
අනේ ගෙදර ආවද මම හිතපු දේ වෙලා නැහැ. (රේ)
නන්ද, ඔයා මෙච්චරකල් හඳේද හිටියේ? (නි)
සතුටුදායක ආරංචියක් අහන්න ලැබුණේ (නි)
ඔබට නැවතත් ඉක්මණින් රටට සේවය කරන්න එන්න ලැබේවා! (නි)
වියහියදම් සෑහෙන යන්න ඇති නේද? ඉදිරි කාලයකදී එෆ්සීඅයිඩියට යන්න වේවිද දන්නෙත් නැහැ මේවට පිළිතුරු දෙන්න (නි)
ඇමතිතුමාට, සුවය ලැබී ගෙදරට එන්න වාසනාව ලැබුන එක ගැන ඉතාමත්ම සතුටුයි. දැන්වත් ජීවිතේ අනිත්‍ය බව හිතන්න. අපි කවදාහරි මැරෙන්න ඕනෑ. වස්තුව ඊළඟ ආත්මෙට ගෙනියන්න බැහැ. රටට ජාතියට සේවයක් කරලා, පිනක් දහමක් කරගෙන ඉන්න. (නි)