අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද (19) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට ගියේය.
එහි අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය විසින් අමාත්‍යවරයාව පිළිගත්තාය.
පසුගිය කාලය තුලදී අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කළ පැමිණිලි 1500ක් පමණ විමර්ශනයට නොගෙන යට ගසා තිබු බවත් ඒවා සියල්ලම කිසිදු දේශපාලන බලපෑමකින් තොරව විමර්ශනය කරන බවත් අමාත්‍යවරයා නිරීක්ණය අවසානයේ මාධ්‍ය අමතමින් කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆයිල් එළියට ගත්තට වැඩක් වෙන්නේ නෑ.(හේ)
නියම වැඩේ.ඔන්න යහපාලනය.(හේ)
කෝප් එකට අහුවෙලා සුබ අනගතයට පීලි මාරු කරපු අයගේ ඒවාද?(හේ)
ඉතිහාසේ කොහේවත් අල්ලස් ගත්ත මන්ත්‍රි ඇමති කෙනෙක් ගැන සදහන් වෙන්නේ නෑනේ (අ)
ඒ වුනාට ඒ ඔක්කොම ෆයිල් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නැහැ නේද?(හේ)
නුගේගොඩ දැකලා කලබල වෙලා වගේ මට හිතෙන්නේ (දිල්)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ වැඩක් මේක (දිල්)
නුගේගොඩට ඔතරම් සෙනගක් ආවා කියා පුරසාරම් දොඩනවානම් ඇයි පසුගිය මැතිවරණය පරාජය වුනේ.(හේ)
බොහොම හොද වැඩක් ඔක්කෝගේම ෆයිල් බලන්ඩ. ෆයිල් අස්ථානගත වෙන්නත් පුලුවන් (නදී)
අපිට මාධ්‍ය සංදර්ශන වලින් වැඩක් නැහැ. ඔය විමර්ශන වලින් කවුරු හරි අත්අඩංගුවට අරගෙන ඔහු වංචා කරපු මුදල් රටේ ජනතාවගේ සුබසාදනයට යොදවන්නේ කවදද? මමත් අලුත් ආණ්ඩුව පත්කරන්න ඡන්දය දුන්න කෙනෙක්. ඒ නිසා මට එහෙම අහන්න අයිතියක් තියෙනවා. (නදී)
රටේ දේශපාලන හොරු අහුවෙනකල් රටේ ජනතාව බලා ඉන්නවා (නදි)
තිලක්ගේ කතාවට මමත් එකඟයි. බුලත් කොලේ සමගියෙන් හපපු කට්ටියට හපේ එලියට දාගන්න පඩික්කමක් නැතුවයි ඉන්නේ. (නදී)
තාම නම් එක හොරෙකුගේ වත් ෆිලේ එකක් හම්බ වෙලා නැ. අනේ මංද දින 100 නෙමෙයි මාස 100 විතර ඕනේ කියයිද දන්නේ නැ (අ)
අන්න හරි නීතියට නීතියට. , මට හරි ආසයි ගොඩක් එපා එක්කෙනෙක් වැලිකඩ කුරු ගනිනවා බලන්න (නදී)
රටක නීතිය හැම කෙනෙකුටම එකක් විය යුතුය. මොන ආගමක පක්ෂයක ජාතියක උවත් රටේ සිටින්නේ එකම පුරවැසියන්. එසේනම් නීති දෙකක් තියෙන්න බැහැ. (නදී)
තිලක්, නුගේගොඩ තියෙන්නේ උතුර නැගෙනහිර නෙමේ නේ.(නදී)
ගාලු මුවදොරට පාප් වහන්සේ ඇවිල්ලත් ඉන්න පුළුවන් උනේ ලක්ෂ පහයි. අපි නොදන්නා නුගේගොඩ. ඉතින් තිලක් කියනවා වගේ ඔච්චර සෙනග හිටියා නම් අැයි පැරදුනේ. බයේ නෙමේ සේරම්ගේ ෆියිල් අදින්න ඕනි. ඇදල විතරක් මදි හිරේ යවන්නත් ඕනි (නදී)
කිරින්ද දන්නේ නැතුව වගේ පඩික්කම පහුගිය කලේ අයින් කරලා තිබුනේ පරණ වැඩි නිසා. දැන් ආයිත් පොලිෂ් කරලා ගිය ඡන්දෙදි එලියට ගත්තා. (නදී)
එලියට අදිනවා විතරයි ජනතාව රවට්ටනවා (නදී)
නුගේගොඩ හිටපු සෙනග ඇදපු පෞගලික බස් රථ ගාල් කරපු ඒවා මම දැක්ක , දකුණේ බොහෝ පළාත් වලින් මේ සෙනග ගෙනාවේ , හවස ඒ ආපු ජනතාව අතරමන් වෙලා ආපු බස් සොයා ගන්නට බෙරුව. ස්වේච්චාවෙන් ආපු ජනතාව නොවේ (අ)
මේකත් මාධ්‍ය සංදර්ශනයක් වෙයිද (අ)
හොඳ ආදර්ශයක් දෙන්න. ලොකු පොඩි බේදයක් නැතුව විමර්ශනය කරන්න. අපේ සුබ පැතුම්. (නි)
මේ නිකන් සවුත්තු වෙන්න එපා හුරේ දාලා. බේතකටවත් හොයා ගන්න තියෙනවද අල්ලස් ගෙන දඬුවම් ලැබුණු දේශපාලකයෙක් (නදී)
අදිනවා වගේම විසඳලත් තමා ගොඩ අඩු කරන්න ඕන , විසදන පැත්තත් වේගවත් කරන්න, (අ)