‘යහපාලන ආණ්ඩුව ආවේ කැබිනට් මණ්ඩලය අඩු කරනවා කියලයි. දැන් තියෙන්නේ කැබිනට් එකක් නොවෙයි පෙට්ටගමක් ප්‍රමාණයේ ඇමැති මණ්ඩලයකුයි.‘ යි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
‘පසුගිය කාලයේ වේදිකාවල එතනෝල් කාරයන් යැයි කෑ ගැසූ අයත් දැන් ඇමැති මණ්ඩලයේ ඉන්නවා. කුඩු කාරයන්යැයි කෑ ගැසූ අයත් ඇමැති මණ්ඩලයේ ඉන්නවා. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පෙට්ටගමක් නම් ඒ කාලේ ජම්බෝ අල්මාරියක්ද? (නි)
මෙතුමා ඇමති කාලේ තිබුනා වගේ එකක් එපා හින්දා යහපලානය ගෙනල්ලා අපි කරගත්ත මෝඩකමක්... (නි)
ආණ්ඩුවේ සිටින විට බලය ඇත . මොළය නැත. විපක්ෂයේ සිටින විට මොළය ඇත. බලය නැත . (ම)
හරි හරි. ඔබතුමාලා එතකොට මොකද කළේ? ඔක්කොම එක වගේ තමා.හරියට සාන්තුවරයෝ වගේ කතා කරන්නේ.ඔයාලා කරපු හරිය හොඳටම ඇති (නි)
වීරවංශ මහත්තයෝ කැබිනෙට් කියන වචනයේ අරුත සිංහල සබද කෝෂයේ නැති එකක්. ඉතින් එකට පෙට්ටගම් සම්බන්ද කරගන්න එකෙන් වෙන්නේ තමුන්ගේ තරම අන් අයවලුන් අතරට යාම විතරයි.(අ)
මෙතන සමහරු මෙතුමාට බනිනවා මෙතුමාගේ කාලේ තිබුනේ මොකද්ද කියල ? මිනිස්සුනේ මේ අහන්න අපිට ඒ ක්‍රමය එපා නිසා නේද වෙන පිරිසකට බලය දුන්නේ මොකද අපිට කිව්වා කැබිනට් එක 20 යි , හොරු , කුඩු වෙළෙන්දෝ ඇතුලට ගන්නේ නැහැ . සුපිසිදු නිවහල් රටක් හදනවා කියල . කෝ ඒ කියපුව ? (අ)
දුෂිතයයන්ට දෙන්නේ නෑ කියලනේ ගත්තේ. මේකද යහපාලනය ? (නදී)
ඔයාලගේ ලොක්ක ඒකාලේ අරලියගහ මැදුරේ දවසක වියදම කෝටි දෙකකටත් වඩා වැඩි කරනවිට ඔයා කොහෙද හිටියේ. ඔයාගේ ලයිට් බිලත් අපිට මතකයි. කරුණාකර ඕ ලෙවල් පාස් කරලා ඇවිත් කතා කරමු (නදී)
තනතුරක් හම්බ උනා නම් ඔය මොකුත් ප්‍රශ්ණ නැහැ නේද? වෙන පාරක යන්න ගිහින් වෙච්ච හදියක් (නදී)
ඕවට කියන්නේ වැදී බන කියලා. බලේ තියෙනකොට මොලේ නෑ, මොලේ තියෙනකොට බලේ නෑ. (නදී)
හරි හරි ඉතින් එයාලට හොඳ නැති ජම්බෝ කැබිනට් තිබ්බ හින්දනේ දෙයියනේ මෙයාලව පත් කර ගත්තේ. ඉතින් මෙයාලත් ඒකම කරද්දී එයාල කරපු හින්ද මෙයාලටත් කමක් නෑ කියලද කියන්නේ ලෙස්ලි මහත්තයෝ? (නදී)
සිංහලෙන් හිතල ඉංග්‍රීසි කතාකරන්න බැරුව වගේම ඉංග්‍රීසි වචන වලට සිංහල තේරුම් දෙන්නත් අමාරුයි. කැබිනට් එක කියන එකට සබ්ද කෝෂයේ තියෙන අරුත "the committee of senior ministers responsible for controlling government policy." ඉතින් මේකට මෝඩ විදියට පෙට්ටගම් පටලව ගන්න එපා එතකොට තමාගේ බුද්ධිය ගැන අහන අනිත් අයවලුන්ට ගැටළුවක් වෙනවා.(නදී)
ඔය කැඳ හැලිය පිලුනු වෙන්න වැඩි ඈතක නැහැ (නදී)
අනේ ඔයාට දුකද ? (නදී)
විමල් මහත්තයෝ අර ගුවන් ගමන් බලපත්‍රයේ සඳහන් වයසේ ප්‍රශ්නය විසදා ගත්තාද ? (ම)
මක්කරන්නද මහත්තයෝ? අපේ මිනිස්සු උඩපැනලා ඕකනේ ඉල්ලුවේ (නි)
කෙළින් කතාකරන ඔබට ජය! (නි)
මොලේ තියෙනකොට බලේ නැහැ බලේ තියෙනකොට මොලේ නැහැ (නදී)
දැන් තමයි අපිට තේරෙන්නේ මහත්තයෝ (නි)
ජය වේවා! (නි)
පසුගිය 10 වසර තුළ රට සුඛිත මුදිත වුණාද? (නි)
මෙතුමාගේ කතා වලට මම නම් කවදත් කැමතියි (නි)
වීරවංශ මහතා කියන දේ හරියටම හරි. (නි)
වීරවංශ මහත්තයත් ඔය පෙට්ටගමට් වඩා ලොකු පෙට්ටගමක ඉඳල නේද එලියට විසි උනේ. මේ පෙට්ටගමට ඔබතුමාත් කොහොම හරි රිංග ගත්තනම් ඔහොම නොකියන බව විශ්වාසයි. මොකද ඔය පෙට්ටගමට ඇතුල් උනාට පස්සේ එ්කේ තරම පේන්නේ නැහැනේ. ලොකු පුංචි කම් පේන්නේ එළියේ ඉන්න කොට. ජනතාව ලෙස අපි නම් ඕක ලොකු බව එදා ඉඳන්ම කිව්වා. එ්ත් ඒවා කවුද අහන්නේ.? (නදී)
වැරදිලාවත් ඔබතුමාටත් මේ "පෙට්ටගමට" ඇතුළු වෙන්න වුණා නම්...?
දැන් ඔයාලගේ පක්ෂයේ වැරදි හදාගෙන, මහජනතාව ළඟට ගිහිල්ලා ඇත්ත කියලා දෙන්න. (නි)
බලාගෙන ප්‍රවේශමෙන් හොඳේ (නි)
නියම කතාවක් මහත්තයෝ. ඔබට ජය! (නි)
මැතිතුමනි, ඔබතුමා ජනවාරි 8 වෙනිදා ඡන්දයට පෙර යහපාලනය ගැන දැක්වූ අදහස් දැන් තමා ඇත්ත කියලා තේරෙන්නේ. අපි නිකන් රැවටුනා. (නි)
ඒත් ඉතින් ඒ කාලේ තිබුනේ අල්මාරියක්නේ. (නි)
ඇත්ත තමයි. ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට ඕවා පෙනෙන්නේ නැහැනේ. (නි)
අපිත් දැන් ගොඩක් කළකිරීමෙන් තමයි ඉන්නේ (නි)
ඔය කට ගිය ආණ්ඩුව කාලේ කොහෙද තිබුනේ කියලා හිතෙනවා දැන්නම් අපිට (නි)
රනිල් වික්‍රම කියන නමින් ලියල තිබෙන කෙනාට මම කියන්නේ වරද කවුරු කලත් වරදමයි. නමුත් එදා වැරදි විවේචනය නොකරපු අයට අද විවේචනය කරන්න සදාචාරාත්මක අයිතියක් තිබේද යන්නයි. (නදී)
නින්දෙන් නැගිටලා වගේනේ කතා කරන්නේ. එයාලගේ කාලයේ මීටත් වඩා හිටියා නේද? (නි)
මේකට අපි උපවාසය කරමුද අර එක්සත් ජපද කාර්යාලය ඉස්සර හිටියා වගේ (අ)
රනිල් සල්ලි දීල මන්ත්‍රී වරුන් ආණ්ඩුවට ගත්තේ නැහැ. මහින්ද වගේ එකම පක්ෂයෙන්ම නේද හැමෝම ඉන්නේ (නදී
ඔහොම යමු මහත්තයෝ. අපිත් ඔබ සමඟ ඉන්නවා (නි)
විමල්,ඔබලාගේ වටිනාකම දැනටම බහුතරයට තේරීගෙන එන්නේ (නි)
සහතික ඇත්ත මහත්තයෝ (නි)
ඔබතුමාලගේ කාලයේ තිබුණේ මොකක්ද එතකොට? (නි)
නියමයි මහත්තයෝ නියමයි (නි)
මෙතුමා තමයි හැමදාමත් කෙළින් කතාකළේ (නි)
නියම උපහැරණයක්නේ අරගෙන තියෙන්නේ... (නි)
මෙගා කැබිනට් එක මේ රටේ මිනිසුන්ට එපා විත්තිය ඇත්ත. හැබැයි ඔබතුමාලා නම් කොහොමටවත් එපා. (නි)
ප්‍රශ්නේ කියන්නේ දැන් මෙතුමා කියන දේවල් ගොඩක් මිනිස්සු අහන්නේ නැති එකනේ (නි)
ඔබගේ කාලේ නේද ලෝකේ ලොකුම කැබිනෙට්ටුව තිබුනේ? ඒ කාලේ ඔබ හිටියෙත් ඒකේ නේද? ඇයි ඒ කාලේ කට ඇරියේ නැත්තේ? (නි)
අනේ අනේ! ඔය පෙට්ටගමට රිංගන්න පුළුවන් වුණා නම්...? දැන් අඬන්න එපා බොරුවට. (නි)
හිතේ දුකට සීපදයක් කිවුවට කමක් නැහැ (නි)
මෙතුමා ඇමති තනතුරක් දරන කාලයේ තිබුනේ මොනවගේ එකක්ද දන්නෙ නැහැ නේද? (නි)
මිදී තිත්ත කියපු නරිය වගේ. මොනවා හරි එකක් මෙයාටත් දුන්නා නම් බලාගන්න තිබුණා ඕව කියනවද කියල (අ)