විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා නිව්යෝර්ක් නුවරදී ඉන්දීය විදේශීය ඇමැතිනී සුෂ්මා ස්වරාජ් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා නිත්‍ය නියෝජිත සමන්තා පවර් හමුවිය.
එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී වෙන වෙනම ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී ලංකාවේ වත්මන් ප්‍රගතිය පිළිබඳව සුෂ්මා ස්වරාජ් සහ සමන්තා පවර් දැනුම්වත් කළේය.
වත්මන් පාලක ඩිමොක්‍රටික් පක්ෂ රජයේ ඉහළ පෙළේ නිලධාරිනියක වන එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා නිත්‍ය නියෝජිත සමන්තා පවර් සහ මෙරට විදේශ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවට නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා උප නිත්‍ය නියෝජිතවරිය හා ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකා තානාපතිනි මිෂෙල් ජේ.සිසොන්ද සහභාගි වුවාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෙතට ප්‍රිය උපදවන දසුනක් (නි)
සුබ පැතුම්! (නි)
මංගල සමරවීර කියන්නේ, චන්ද්‍රිකා රජයේ හිටපු හොද දැක්මක් තිබුණු කෙනෙක්. දැන් රනිල් එක්ක එකතු උනාට කමක් නෑ. රටට වැඩක් කරනවානම් පක්ෂය අපිට වැදගත් නෑ . අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. (ර)
බොහොම හොඳයි (නි)
මංගල මහත්තය වෙනස කරනවා කියල අපිට වි්ශ්වාසයි .ඔබට අපෙන් සුබ පැතුම් ......... ! (බ)
එතුමා අපේ රට බොහොම ඉක්මණට දියුණුවෙන් දියුණුවට පත්කරන බව නම් ස්ථිරයි (නි)
අපිට ඉතාම ආඩම්බර අවස්ථාවක් (බ)