පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ රියැදුරු වසන්තට ඇමැතිවරයකු හා ඔහුගේ ආරක්ෂකයන් පහරදී ඇතැයි පොලිසියට පැමිණිලිකර ඇත.
රියාදුරාගේ අතක හා හිසේ තුවාල සහිතව පානදුර රෝහලට ඇතුළුකරනු ලැබ සිටියි.
මේ අතර සුළු අපනයන භෝග ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා තමා එම පාරෙන් යද්දී හෙමින් යන්නැයි කියමින් සභාපතිගේ රියැදුරා අතට ගැසූ බව කියා ඇත.
සිරිමහ බෙල්ලන


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන පොලිස් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි (නි)
මොනවා වෙන්නද දෙගොල්ලොම ප්‍රසිද්ධ වෙනවා මිසක්.(හේ)
1948 අපට මොකද උනේ (නදී)
මට නම් අද කාලයේ හැටියට මේක බොහොම සුළු සිද්ධියක් (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
අපේ රටේ වැදගත් යැයි කියන අය ඇයි මෙහෙම හැසිරෙන්නේ? (නි)
අර අහවලා ළඟ වැඩ කළා නම් අල්ලා ගස් බඳියි. (නි)
මේ මිනිස්සු මේ දේශයට ශාපයක් ..!(හේ)
කොරේ පිටට මරේ කිව්වලු! (නි)
ශ්රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා මන්ත්‍රීන්ට පහරදිය හැක. පළාත් සභා මන්ත්‍රීන්ට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට පහරදිය හැක.ඔය සියලුම දෙනාට පහරගැසීමට අපිට හැක. (නි)
මේක දේශපාලනයක් නෙමෙයි දේව සාපයක්.(හේ)
ඔය සියල්ලන්ටම පහර දියහැකි ජනතාව,(හේ)
ඉවසන්න. කොහොමහරි ගුටිකාගෙන ඉන්න පුරුදු වෙන්න. ලබන පාරත් කතිරය ගසන්න (නි)
ඔහොම මිනිසුන්ට ගහන්න හොඳද? එකම පක්ෂයේ උදවිය නේද? (නි)
අනේ මන්දා! මොනවද මේ සිද්ධවෙන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
කිතුලට ගිය මිනිහාටත් කියන්න දෙයක් තිබුනලුනේ! (නි)
දැන් හැමතැනම අහන්න දකින්න ලැබෙන්නේ චණ්ඩිකම්ම තමයි (නි)
ඔය විදියට මිනිස්සු එක්ක ප්‍රශ්න ඇතිකරගන්න එපා (නි)
මොන පරීක්ෂණද. තානාපති කෙනෙකුට ගහලත් ඔය හොඳින් ඉන්නේ.(හේ)
බලයේ ඇත්තේ පොඩ්ඩන්ව තලන එක සමාන්‍ය දෙයක් වෙලා.(හේ)