රාගම ත්‍රීරෝද රථ ගාලක ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලේ සැක කරුවෙකු වූ ගම්පහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න බදාදා (13) අධිකරණයේ පෙනී සිටියේය. එහිදී මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඔහුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මතමුදා හැරීමට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බර කරත්තයක් තිබුනානම් කැලණියේ හිටපු පුතයි මෙයයි දෙපැත්තට බදින්න නියමයි.(අ)
මෙය තුන් පාරක් අදිකරණය මගහැරිය.(අ)
ඔය සිද්ධවෙලා තිබෙන දේ ගැන අපිටත් ආරංචියි (නි)
ඇමතිලට, පුතුන්ට, මන්ත්‍රීලට, එයාලගේ පවුලේ අයට මොනවා කළත් ඇප දෙනවා. එතකොට හිරගෙවල් තියෙන්නේ අපිට විතරද? (නි)
මෙයා හිතන්නේ එයා ‘තද පොරක්‘ කියලා වෙන්න ඇති (නි)
දැන්නම් උඩ පනිනවා වැඩියි. බිම වැටෙන්න ළඟයි වගේ. මේ වගේ අය ගැන ජනතාවට ඉදිරියේදී බලාගන්න වෙයි. (නි)
අනේ මෙහෙමත් ජනතා නියෝජිතයෝ!! (නි)
මේ වගේ අය නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
තමන්ට ගැලපෙන අයත් සමග ආරවුල් ඇතිකරගන්න. (ර)
වෙදගේ, ඔයා කිව්වුවේ ත්‍රීවීල් මල්ලිලාටද? මොකද අනිත් කෙනා ට ගැලපෙන අය ඉන්නේ අපායේ තමා.(හේ)
මහා ලොකු නමක් ඇතිකර ගැනීමට උත්සහ කරන ,වැඩක් කරනැති අය ඉක්මනට ඉහලට ආවාම ඔය ලෙඩේ එනවා. (ර)
මෙයා නම් ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න දන්නේ නැති කෙනෙක් බව කතාවෙනුත්, හැසිරීමෙනුත් හොඳටම පේනවා. (ර)
වැඩිය ඉදිමුනොත් වැඩි දුර යන්න ලැබෙන්නේ නැහැ (නි)
හැසිරීමෙනුත් ගොඩක් දේවල් හොඳටම පෙනෙනවා. (නි)