අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් විනිසුරුවරු සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් කර ඇතැයි පවසමින් නීතිඥවරුන් තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
රොෂාන් දේවින්ද රණවීර ,රන්ජිත් රණසිංහ ,නිමල් වීරක්කොඩි යන නීතීඥවරු ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක,පොලිස්පති,නීතිපති නම් කරනු ලැබ සිටිති.
එම පැමිණිල්ලේ සඳහන් වන්නේ ඉකුත්දා පැවති මහමැතිවරණයට සමගාමීව ජූලි 26 පළමු වගඋත්තරකාර පාඨලී චම්පික රණවක මහතා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවති සිය මැතිවරණ මෙහෙයුම් දියත් කීරීමේ උත්සවයේ කළ කතාවක් දෙරණ නාලිකාවේ රාත්‍රි 8 විකාශය කළ බවත් එම ප්‍රකාශයෙන් විනිසුරුවරුන් ගැන සඳහන් කරමින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුවේ තීන්දුව කොහොමද බලමු ..(බ)
අනෙක් දේශපාලකයෝ වගේ මෙතුමාත් ලෙඩවෙයිද කියලයි මට බය (නි)
මොලේ තියෙනකොට බලේ නැහැ බලේ තියෙනකොට මොලේ නැහැ (බ)
අර කලින් එක දේශපාලඥයෙක් හිරේ ගියෙත් අධිකරණයට අපහාසකරලා නේද? (නි)
ජුලි 26 පස්සෙය් දැන් ද නැගිට්ටෙ නඩු දාන්න...මඩ ප්‍රහාරයක් වගෙයි..(අ)
හරියට හරි. උසාවියට අපහස වන විදියට ප්‍රකාශ කිරීමට දේසපාලනය ඔලුවට අරගෙන කටයුත කරන කිසිම අයෙකුට ඉඩ නොදිය යුතුය. ඇමති පට්ටමට නොබියව නීතිය ක්‍රියාත්මක විය යුතුය.(අ)
මේ මොකක්ද මේ වුණේ? අපි බලමු (නි)
පාඨලී කියන්නේ මම ගොඩක් ගරුකරන චරිතයක්. අපි බලමු... (නි)
අගමැති වෙනකන් ඉවසන්න. (අ)
වැඩේ කාගේද කියල හොඳටම පැහැදිලියි. ආගමට මුල්තැන දුන්න ඇත්තන් බේද බින්න වුනාම ඇතිවෙන ප්‍රතිඵල අදහන්නත් බැහැ. (අ)
ජනවාරි 8 වෙනිදට කලින් මේ රටේ නීතය තිබ්බ හැටි නීතිඥයෝ කටයුතු කරපු හැටි මේ රටට අමතක නෑ. හිටපු ඇමතියන්ට නඩු පැවරෙනකොට බොරු ලෙඩ අරගන්න උගන්නපු කට්ටිය දැන් ආයිත් වැඩ පටන් අරන් රට ආපස්සට ගෙනියන්න හදනවා ඕවා ආයිත් කවදාකවත් හරි යන්නේ නැහැ. (බ)
මේක මඩක් කියලයි ජනතාවගේ අදහස. දේශීය කුමන්ත්‍රණයක්?.(බ)